හිරිකොටේ ගොනා හා බකමූණා අතර සටන

(2011 පෙබරවාරි 13, W3Lanka) ඔන්න එකමත් එක කාලයක, එකමත් එක කැළේක රජකම ලැබී තිබුණේ බකමූණෙකුටයි. සම්ප්‍රදාය අනුව නම්, කැළේ රජකම හිමි වන්නේ සිව්පාවුන්ටයි. බකමුණා රජකම ලබා ගත්තේ පූසකු ලෙස පෙනී සිටීමෙනුයි.


එහෙත්, කලක් යන විට මේ බකමූණා පූසකු නො ව, කකුල් දෙකක් පමණක් හිමි, උඩ ඉගිලෙන කුරුල්ලෙකු බව සතුන්ට තේරුණා. පක්ෂියකු කැළේ රජා කර ගැනීමෙන් තමන් කර තිබෙන්නේ මෝඩකමකැයි කැළේ සතුන් සිතන්න පටන් ගත්තා. බකමූණා නෙරපා දමා සිව්පාවෙකු රජකමට පත් කර ගන්න කැළේ සතුන්ට ඕනෑ වුණා.


ඒත්, බකමූණා ඔහුගේ තරගකාරයන්ට වඩා බුද්ධිමත් සතෙකු නිසා ඔහුගෙන් රජකම ලබා ගැනීම පහසු වුණේ නැහැ. සිංහයා, කොටියා, අලියා වැනි සතුන් පවා බකමූණා සමග සටනට ඇවිත් පරාජය වී නගුට දෙකකුල් අතරේ ගසාගෙන වෙනත් කැළෑවලට පළා ගියා.


ශක්තිමත් සතුන් අතරින් අන්තිමට කැළේ ඉතිරි වුණේ ගොනායි. හැබැයි ගොනාට ඒ තරම් මොළේ නැති බවත් කැළේ සතුන් දන්නවා. ඒත් මෙනාවා කරන්න ද? වෙන විසඳුමක් නැහැනේ. බකමූණා රජා ලෙස පිළි ගන්නත්ත් බැහැ. ගොනා ඉතින් ගොනා ම තමයි. ඒත්, මොකක් හෝ වෙනසක් වෙන එක හොඳයි කියලා හිතලා කැළේ සතුන් ගොනාට ඇවිටිලි කරන්න පටන් ගත්තා "උතුමාණනි, මේ බකමූණා නිසා කැළේ කිසි දියුණුවක් නැහැ. ඒ නිසා ඔබතුමා ඉදිරිපත් වී බකමූණා පන්නා දමා කැළේ රජකම ලබා ගන්න" ය කියා.


ගොනාටත් මේ ඇවිටිලි අහලා හරිම චූන්. ඌ වමාරා කකා නිදි කිර කිර සිටි තැනින් නැගිටලා, මොල්ලිය පුම්බගෙන, නහයෙන් පිඹ පිඹ, බෙල්ල නවාගෙන, කුරවලින් දූවිලි අවුස්සාගෙන, පිම්මේ දුවගෙන ගියා, දෙන්නම් බකමූණාට ජම්බු කියාගෙන.


(කතාවේ ඉතිරි කොටස ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පසු ලංකාවේ එක්තරා දේශපාලන පක්ෂයක් විසින් රඟ දක්වා පෙන්වන්නට සැලසුම් කර තිබේ. පක්ෂෙ නම අහන්න එපා. ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලන්නේ මොකට ද? සංදර්ශනයේ ටිකට් හිරිකොටෙන් ලබා ගන්න.)


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය බකමූණා ලග තියෙනව ප්‍රතිසංවිධානය කියල සවිමත් පලිහක්.අර කැලේ මාරු කරපු සත්තුන්ගේ මාරාන්තික ප්‍රහාර වලින් බකමූණා ආරක්ෂා වුණේ ඔය කියන පලිහට මුවා වෙලා.මෙදා පාර ගොන් ප්‍රහාරයෙන් බේරෙන්නෙත් ඒ විදියටම තමයි.

    ReplyDelete
  2. "බකමුණා රජකම ලබා ගත්තේ පූසකු ලෙස පෙනී සිටීමෙනුයි."

    What nonsense! the crown was fallen on this Bakmoona's head due to a wild-fire set by a tigress.

    ReplyDelete
  3. unp bohomayakata ona den ara JVP eke vage kage hari ellila godayanna,misak pudgalaya kavuda monavada kale idiriyatath mevama karayda,kiyana eka nevi,Dayasiri vate kattiyak ekathu vela nayakaya karanna oni dayasiriva kiyala kivvoth ekatath ha kiyana ayyala,hebey dayasiri nam sajithta vada vedagath vidiyata hesirenna dannava, hebey heta anidda gemedi UNP eka dinuvath paradunath sajith dinum, mokada peradunoth nayakakama dunnanam dinanna puluvan kiyala sajith kiyanava, rate thiyana me arthika prasna nisa UNP eka dinuvanam Sajith nisa me tharamin vath dinuve kiyanava,kohomath Ranil paraday.

    ReplyDelete
  4. බකමූණාට ජය වේවා!

    ReplyDelete
  5. උඩින් වැනි ඇපල්
    යටින් උන් පැපොල්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා