Posts

Showing posts with the label දේශපාලන උපහාස

කල්‍යාගේ අවුරුදු සුබපැතුම

Image
කල්‍යා ජනාධිපතිතුමා ඇතුළු අපේ යාළුවෝ රැසක් අවුරුද්දට සුබපැතුම් එවලා තිබුණා කෙටි පණිවුඩ ඔස්සේ. මාත් ඉතින් ඒ යාළුවන් අතරින් ජනා ධිපතිතුමා හැර වෙනත් බොහෝ පිරිසකට අවුරුදු සුබපැතුම් යවලා නිවාඩුව ගත කරන්න දුරකථන සංඥා දුර්වල ප්‍රදේශයක් බලා ගියා. සංඥා දුර්වල ප්‍රදේශයක් කිව්වාම සමහරු හිතයි කොළඹ කොටුවට ගියාය කියලා. මොකද, ෆෝ ජී කියලා පම්පෝරි ගැහුවාට කොළඹ මහජන බැංකු මූලස්ථානය පිටුපස ලංකා ගුරු සංගමේ කාර්යාලයට ගියාම ඩයලොග් සිග්නල් තියා ක්ලෝගාඩ්වත් නැහැ.  හැබැයි ඉතින් ෆෝන් එකට සිග්නල් ආපු වෙලාවේ ඉඳලා ආපු එස්.එම්.එස්. ඔක්කොම කියෙව්වා. බොක්කෙන්ම ආපු සුබපැතුම් තමයි. ඒ වුණාට වැඩේ කියන්නේ එකම මැසේජ් එක කීප දෙ නෙ ක්ම එවලා. ඒ කට්ටිය ග ේම බ ොකු එක ව ග ේ නිසා න ො වෙයි. බලාගෙන යනකොට අවුරුදු සුබපැතුමත් කොපිකැට්.  මේ අතරේ තිබුණු අතිශය නිර්මාණාත්මක අවුරුදු සුබපැතුමත් බලාගෙන ගියාම අමු අමුවේ කොපිකැට්. හැබැයි ඒක එවලා තිබුණේ අ ප ේ කල්‍යා ග ේ දුරකථන යෙන් . ලන්ඩන් සඟරාවේ සංස්කාරකවරයකු වූ කල්‍යා ගැන මීට කලිනුත් මේ බ්ලොග් අඩවියේ ලිව්වානේ. අටුවා ටීකා අවශ්‍ය නැහැ. අවුරුදු සුබපැතුම මෙහෙමයි:  Oba Sama...

නඩු බලවන හැටි

ලංකාවේ වගේ නොව බාබේරියාවේ මෙහෙමය. ඒ රටේ මහ නඩුකාරයා කටයුතු කරන්නේ මහ රජු කියන හැටියටය. මහරජු මහ නඩුකාරයා පත් කරගන්නේ තමන්ට නඩු අහන්නට වෙලාව නැති නිසා මිස නඩුකාරයා ස්වාධීන විය යුතු නිසා නොවේ. එහේ පොඩි නඩුකාරයෝද කටයුතු කරන්නේ ඒ ඒ පැතිවල දේශපාලන බලවතුන්ගේ උවමනාව පරිදිය. කවුරු හෝ නඩුවකට පැටලුණානම් විත්තිකරුවෝ කරන්නේ ප්‍රදේශයේ මහජන නියෝජිතයාගෙන් ලියුමක් අරගෙන ගොස් පෞද්ගලිකව හමුවී නඩුකාරයාට කතා කරන එකය. විත්තිකාරයා ප්‍රදේශයේ දේශපාලුවාගේ ළඟ හිතවතකුනම් ඔහු නඩුකාරයාට පෞද්ගලිකවම කතා කර කියයි. සමහර වෙලාවට නඩුකා‍රයෝ නඩු ගැන දේශපාලකයන්ගෙන් උපදෙස් ගනිති. බාබේරියාවේ මිනිස්සු කළ යුත්තේ රජු සමග සිටින එකය. ඔබ රජු සමගනම් රජුගේ ගෝලයෝ නඩු ගැන කියා නඩුකාරයාට දෙන්නට අවශ්‍ය ලියුම් ඔබට දෙනු ඇත. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

පාර්ලිමේන්තු නඩුකාර හාමුදුරුවරුන්ගේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාර හා ප්‍රා සුදුසුකම්

බාබේරියාවේ මහනඩුවට එරෙහිව ඇති චෝදනා විනිශ්චය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සිටින නඩුකාර හාමුදුරුවරු දෙදෙනෙකු ගැන ඊයේ බාබේරියාවේ අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් මගින් ප්‍රශ්න කර තිබිණි.  ඒ නඩුකාර හාමුදුරුවරුන් දෙදෙනා නම් විනිසුරු මල් වීරවංශ හා විනිසුරු කුජීත සේනාරත්නයි.  මේ දෙන්නා ගැන අප දන්නා කරුණු අනුව මොවුන්ට නඩු බැලවීම ගැන පමණක් නොව නඩු ඇසීම ගැනද අත්දැකීම් රැසක් තිබේ.  1989 වකවානුවේ බාබේරියාවේ විප්ලවයක් සිදුවෙමින් තිබුණු සමයේදී මල් වීරවංශ එක පැත්තක දේශප්‍රේමී උසාවියේ නඩු ඇසූ අතර කුජීත සේනාරත්න අනෙක් පැත්තේ ප්‍රා උසාවියේ නඩු ඇසීය. මේ දෙන්නා එකිනෙකාට එරෙහිවත් නඩු අසාගෙන තිබේ. මේ උසාවි දෙකෙන් දුන්, ක්ෂනිකව ක්‍රියාත්මක කළ මරණ දඬුවම් සංඛ්‍යාව දහස් ගණනක් වන නිසා මේ දෙන්නා මේ වැඩේට ටක්කෙටම හොඳ බව බාබේරියානුවන් වෙනුවෙන් සහතික කර ප්‍රකාශ කරමි. ඉරකි තිතකි. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

බාබේරියාවේ ඉස්පීකර්තුමා එහි ශ්‍රේෂ්ඨ කෝට්ටෙකට මාර සද්දයක් දැම්මේ ඇයි?

බාබේරියාවේ ඉස්පීකර්තුමා එහි ශ්‍රේෂ්ඨ කෝට්ටෙකට මාර සද්දයක් දැම්මේය.මේ ඒ ගැනයි.ඔබ එවැනි පඩ සද්ද ගැන සිතන්නේ කුමක්්‍ද? ඇත්තෙන්ම කීවොත්, මේ ගැන සිතිය යුත්තේ ශ්‍රේෂ්ඨ කෝට්ටෙකයි. මේ සද්දය දැම්මේ බාබේරියා‍වේ ලෙපර්ඩ්නැගුම පනත ගැන තීන්දුව ඉස්පීකර්තුමාට නොදී එහි කතාසාප්පුවේ ලේකම්ට දුන්නා කියාය. කෙක්කෙන් ලියුං දෙන එක වැරදිලු. ඒක ඉස්පීකර්තුමාට අපහාසයක්ලු. කතාසාප්පුව මාර රෙස්පෙක්ටබල් තැනක්ය කියා මේ හදිසියේ ඉස්පීකර්තුමාට මතක් වූයේ ඇයි? අනෙක් කාරණාවලදීත් එය ‍එසේමද?  කතාසාප්පුව නීති සම්පාදනය කරන තැනක්ම නම් කුඩුකාරයෝ, බඩුකාරයෝ හා වෙනත් හඩු පොරවල් එතැන එතරම් පිරෙන්නේ කොහොමද කියා බාබේරියාවේ බාබේරියන්ස්ලා අසති.  ඇත්තම කාරණය එයද? නැත. මේ ලෙපර්ඩ්නැගුම පනතට ශ්‍රේෂ්ඨ කෝට්ටෙක දැමූ උදැල්ල බාබේරියානු පාණ්ඩුවේ ගරානා බිස්නස්වලට දැමූ පුංචි කකුල් මාට්ටුවක් නිසාය.  බාබේරියාවේ ලොක්කාට ඕවාත් වැඩද? ඔහු මල්ලීට වැඩේ ගොඩදා දුන්නේය. අයියා ලවා බැන්නුවේය. ඔහු ශේෂ්ඨ ‍කෝට්ටෙකට දුන් පණිවුඩය නම් වැඩිය නටන්න එන්න එපාය කියාය. ජනක සහ මංජු පෙන්නුවේත් එකටය. යූ අන්ඩස්කර්ට්?  මේ ලිපියට ඔබ කැමති වුණත්,...

වැටුප් වැඩි කිරීමට ඉතා ප්‍රායෝගික, සාර්ථක ක්‍රමයක්

Image
පොඩි මල්ලි බාබේරියාවේ සිටින අපේ සෝම්බේරි අයියා බාබේරියානු භාෂාවෙන් ලියන සිය බ්ලොගයට ලියූ ලිපියක් අප වෙත එවා ඇත. අපි එය සංස්කරණයකින් තොරව මෙහි පළ කරමු.  පසුගිය දිනෙක අපේ මිතුරෙක් විහිළුවට මෙන් කළ යෝජනාවක් පිළිබඳ ලිවිය යුතු යයි සිතිණි.  එය ඇත්තෙන්ම ඉතා බැරෑරුම් යෝජනාවකි. එසේම එය ඉතා ප්‍රායෝගිකය.  මේ යෝජනාව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්ය. මේ දිනවල බාබේරියාවේ මධ්‍ය මහා විද්‍යාල ඉස්කෝලෙ මහත්තුරුන්ගේ වර්ජනය නිසා මේ යෝජනාවේ විශේෂ වැදගත්කමක් තිබේ.  මෙම යෝජනාව ක්‍රියාත්මක කළහොත් ඉස්කෝලෙ මහත්තුරුන්ගේ හා බාබේරියානු දොස්තරවරුන්ගේ පමණක්‍ නොව සමස්ත බාබේරියානු රාජ්‍ය අංශයේම වුව වැටුප් වැඩි කළ හැකිය.  යෝජනාව මෙයයි. වැටුප් වැඩිවීම් ලබන සේවකයන්ගේ වැඩි වූ වැටුපෙන් 20%ක කොමිස් මුදලක් රජ පවුලට ලැබෙන ක්‍රමයක් සකස්කිරීමයි.  නිදසුනක් ලෙස බාබේරියානු ඩොලර් 10,000කින් වැටුප් වැඩි කළොත් රු. 200ක් ගෙවිය යුතුය. 10,000කින් වැටුප් වැඩි කළොත්  2000ක් කොමිස් ගෙවිය යුතුය. මේ ක්‍රමයෙන් දෙපැත්තටම මුදල් ලැබෙන බැවින් මෙය ක්‍රියාත්මක කිරීම ඉතා පහසුය.  බාබේරියාවේ රජ...

අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ

හොල්ලාගෙන හිටියත් මුළු උතුරුමැද මැරයා හොරා කොයි ලෙස කට අරින්නද අයියෝ මාලිනී බර්ටිට දුන්නාද ලොක්කා දුන් ගේම දුං දානව නේද නුවර කලාවියෙ වැලි කැටයක් ගානේ කළ සොරකම් කොයි කවුරුත් දන්නවනේ මහින්දසෝමගෙන් අරගෙන කෑ දානේ අයියෝ බර්ටි ගොයියට දැන් අජීරනේ  පණ ඇතිතාක් රජවෙන්නට පුරාගෙන ඉන්නා හැම එකාටම අවවාදයයි දෙන මැරෙන්න ඕනැ නම් දාගෙන හිස ඔටුන්න ගැලවෙන්නට කලින් සිය පණ නහගන්න -W3Lanka ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

ඇමරිකන් ජීමේල් වෙනුවට විමල්ගෙන් දේශීය වීමේල්

Image
ලංකාවේ ආණ්ඩුවේ ඇමති චම්පික රණවක ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ කරන්නට සූදානම් බව කියා ඇත. එය ආණ්ඩුවේ ස්ථාවරය නො වන බව වෙනත් බලධාරියෙක් කියා ද නැත.  විස්තර මෙතැනින්  Sri Lanka Ministers' wars against US ජවිපෙ ඉන්න කාලයේ පටන් ම චම්පික හිටගෙන කරන දේ දුව, දුව කරන විමල් වීරවංශ ඇමතිතුමා හරි හරියට හිටිමින් ඇමරිකන් නිෂ්පාදන වර්ජනයක් ආරම්භ කර තිබේ.  ඔහුගේ වර්ජනය ආරම්භ කර තිබෙන්නේ ජීමේල් හා යාහුවලිනි. දැන් ලංකාවේ කට්ටිය මේ නො මිළේ දෙන ඊමේල් සේවා ප්‍රතික්ෂේප කිරීමත් සමග නියතව ම ඒවා බිඳ වැටෙනු ඇත. එපමණක් නො ව, ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ කරන සෙසු බටහිරයන්ගේ ෆේස්බුක් වැනි මෙවැනි සෙසු නො මිළේ දෙන අන්තර්ජාල සේවා ද ප්‍රතික්ෂේප කළ යුතු ය.  ගුගල් හා බ්ලොගර් ද වර්ජනය කළ යුතු අතර ඒ සමග ම මෙම ලේඛකයා ද කම්මුතු ය.  දැන් ඉතින් අපි මේවාට විකල්ප සොයා ගත යුතු ය. ජීමේල් වෙනුවට වීමේල් කියා ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එය මෙසේ ක්‍රියා කරවිය හැකි ය. පරෙයියන්ට කන්නට වී දී අල්ලාගෙන කකුලේ ගැට ගසා ලියුම් යැවිය හැකි ය. එහෙත්, පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයි ඇහැකි හඳුන ගන්න කියන නන්දක්කාග...

බුදු අම්මෝ ජයලලිතා

Image
අරුත්බර කාටුනයක්. උපුටා ගත්තේ 'ද නේෂන්' පුවත්පතෙන්. කාටුන් ශිල්පියා වසන්ත සිරිවර්ධන. මේ ලිපියත් කියවන්න:  ජයලලිතා නම් අවාසනාවේ සාධකය | Jayalalitha the factor of misfortune මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

අපේ ජනාධිපතිතුමා ඔන්න ඔහොම ය

Image
(2011 මාර්තු 15,  W3Lanka )  වැඩ වැඩි නිසා ජනාධිපතිතුමා යන්නේ උඩින් ය. ඒ නිසා එතුමන්ට ඔය පල්ලෙහා සීන් කෝන් හරියට පෙනෙන්නේ නැත. මේවා කියන තොපි නො දන්නවාට, ඔය නො විසඳී ඇති ප්‍රශ්න සියල්ල ම එතුමන් නො දන්නා ඒවා ය‍. දන්නවා නම් එහෙම ප්‍රශ්නවලට සොරි තමා ය.  ඔය කැඩිච්ච පාරවල්, අයිලෙ ඉස්කෝල, මන්දපෝෂිත ළමයින් එහෙ ම වනාහි ගෝල බාල ..........ගෙ පුතාලා එතුමන්ට කොළේ වැහීමේ ප්‍රතිඵලයි. ඔය කුණු කේස් ජනාධිපතිතුමාගේ අතට අහු වුණොත් වැරදිකාරයන් 'පලයව්! දැන් ගිහින් කරපියව්' කියා පන්නා එතැන ම නිවැරදි කරනවා ය. අපේ ජනාධිපතිතුමා ඔන්න ඔහොම ය. බොරු නම් අද දිනමිණ බලන්න. දුනුකේදෙණියේ මහබාගේ පාසලේ දු දරුවෝ අධ්‍යාපන චාරිකාවක් සඳහා පසුගිය සිකුරාදා කොළඹ ගියහ. ඔවුහු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා මුණ ගැසී කතා කිරීමටද අමතක නොකළහ. එතැනදී ජනාධිපතිතුමා දු දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු පොත පතේ වැඩ ගැන විමසා ‘කොහොමද ඉතින් ඔය ගොල්ලන්ගෙ දුක සැප’ යැයි ඇසීය. ‘අපේ ඉස්කෝලෙට වැසිකිළි කැසිකිළි පහසුකම් මදි. ඒ එක්කම පාසලට යන පාරත් කැඩිලා’ දරුවෝ ජනාධිපතිතුමාට පැමිණිලි කළහ. දුනුකේදෙණිය මහබාගේ පාසලේ දරුවන් තව...

දි(රච්ච) මු(ල්)ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒම

(2011 මාර්තු 14,  W3Lanka )  එජාපය දි(රච්ච) මු(ල්)ට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සැරසෙන බව වාර්තා වේ.  දි(රච්ච) මු(ල්)ට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්නේ ඔහු පිළිබඳ මෙතෙක් කල් විශ්වාසයෙන් කටයුතු කළ නිසා වෙන්නට ඇත. එසේ නම් වරද ඇත්තේ දි(රච්ච) මු(ල්) අත නො ව, විපක්ෂය අතේ ය.  දි(රච්ච) මු(ල්)ට මගඇතිකම දුන්නේ ඔය ලියා දෙන දෙයක් කියා ආණ්ඩුව ගානේ උණුවතුර ටිකක් නා බුදුසරණ පත්තරේ බලාගෙන නහින දෙහින කාලය ගත කරන්නටයි.  එසේ ම, සිරිසේනලා, සිරිපාලලා වැනි මගඇතිකමට කෙළ හළමින් සිටින එවුන්ට කෙළ අජීර්ණයක් ඇති වී කෙළ වෙනකල්‍ කෙළ ම හළ හළා  ඉන්නට සලස්වන්නට ද, පොඩි මල්ලී කපාගෙන ‍ලොකු පුතා උඩට එනකල් කල් අල්ලන්නට ද දි(රච්ච) මු(ල්)ට මගඇතිකම දෙන ලදී.  මේ පුටුවේ වාඩි වන අය කියන කියුම් සීරියස් ගන්නවා නම් දැන් සුද්දෝ පස්ස පැත්ත ටොයිලට් පේපර්වලින් පිස දැමීම නවත්වා සීතල වතුරෙන් සෝදාගෙන අතන වැටුණු හිරිය ඇර ගන්නට හොරණ ඇවිත් ඉන්නවා විය යුතු ය.  දි(රච්ච) මු(ල්)ගේ කියුම් ඉන්දියාව පයේ මාපටැඟිල්ලේ නියපොත්තෙන් උඩට ගන්නට නැත.  සමහර විට එජාපයට මේ දව...

හිරිකොටේ ගොනා හා බකමූණා අතර සටන

Image
(2011 පෙබරවාරි 13,  W3Lanka ) ඔන්න එකමත් එක කාලයක, එකමත් එක කැළේක රජකම ලැබී තිබුණේ බකමූණෙකුටයි. සම්ප්‍රදාය අනුව නම්, කැළේ රජකම හිමි වන්නේ සිව්පාවුන්ටයි. බකමුණා රජකම ලබා ගත්තේ පූසකු ලෙස පෙනී සිටීමෙනුයි. එහෙත්, කලක් යන විට මේ බකමූණා පූසකු නො ව, කකුල් දෙකක් පමණක් හිමි, උඩ ඉගිලෙන කුරුල්ලෙකු බව සතුන්ට තේරුණා. පක්ෂියකු කැළේ රජා කර ගැනීමෙන් තමන් කර තිබෙන්නේ මෝඩකමකැයි කැළේ සතුන් සිතන්න පටන් ගත්තා. බකමූණා නෙරපා දමා සිව්පාවෙකු රජකමට පත් කර ගන්න කැළේ සතුන්ට ඕනෑ වුණා. ඒත්, බකමූණා ඔහුගේ තරගකාරයන්ට වඩා බුද්ධිමත් සතෙකු නිසා ඔහුගෙන් රජකම ලබා ගැනීම පහසු වුණේ නැහැ. සිංහයා, කොටියා, අලියා වැනි සතුන් පවා බකමූණා සමග සටනට ඇවිත් පරාජය වී නගුට දෙකකුල් අතරේ ගසාගෙන වෙනත් කැළෑවලට පළා ගියා. ශක්තිමත් සතුන් අතරින් අන්තිමට කැළේ ඉතිරි වුණේ ගොනායි. හැබැයි ගොනාට ඒ තරම් මොළේ නැති බවත් කැළේ සතුන් දන්නවා. ඒත් මෙනාවා කරන්න ද? වෙන විසඳුමක් නැහැනේ. බකමූණා රජා ලෙස පිළි ගන්නත්ත් බැහැ. ගොනා ඉතින් ගොනා ම තමයි. ඒත්, මොකක් හෝ වෙනසක් වෙන එක හොඳයි කියලා හිතලා කැළේ සතුන් ගොනාට ඇවිටිලි කරන්න පටන් ගත්තා "උතුමාණනි, මේ බකමූණ...

වසරේ ඡායාරූපය: එක වල්ලෙ පොල්

Image
එකසිය තිහක්  නිව්යෝක් පොල් කෝටි දාහතරක් ගනිති ආතල් එක වල්ලෙ පොල් එක වගේ පොල් අප දකින පොල් වේ එලොව පොල් මේ හුඟක් පොල් උඩින් වැනි ඇපල් යටින් උන් පැපොල් ගහපියව් පොල් (වේදනාවට කැටපත් පවුරකි  ඔබටත් කවියක් ලියා යන්නට) Bookmark, remember easily and come again   www.w3lanka.com

Jokeland News: දෙහිවල ඉස්පංචියා ජාතියේ පොඩි බාප්පාගේ කණ අත ගායි

Image
(2010 අප්‍රේල් 30 -  W3Lanka )  ලොකු මල ඇ‍ඳේ පෙරළි පෙරළී කොට්ට කකා නවත්තා ගන්නට බැරිව කඳුළු පනිනතුරු හිනා වුණේ ය. ජාතියේ අම්මා මෙය දැක කලබල වූවා ය.  "බුදු පුතේ උඹට කවුරු හරි වස දුන්නද?" යි ඈ හම්බන්තොටටත් ඇහෙන සද්දෙට විලාප දුන්නා ය.  "මොකද හත්වලාමේ මේ කණ් දෙක පොට්ට කරන්න හදන්නෙ?" යි කණ ළග පිපිරූ හෙණයෙන් තක්බීර් වූ ලොකු මල සිනාව නවත්තා ඇසුවේ ය. "මං බය වුණා ජාතියේ අනාගතය හබක් කියලා," යි කියූ ජාතියේ අම්මා "උඹට මොකවත් අමාරුවක් නැහැ නේද ලොකු පුතේ?" යි හිස අතගාමින් ඇසුවාය.  "පිස්සුද? මගේ අමාරු හොඳ කර ගන්න බැරි නම් මං මොකටද ජාතියේ පුතා වෙලා." ලොකු මල කීවේ ය. "ඉතින් ඇයි උඹ හිනා වුණේ? තණමල්විල පැත්තෙවත් ගියාද?" ලොකු මලට නැවතත් හිකිස් ගා හිනාවක් පැන්නේ ය. "ඒක නෙමෙයි බුදු අම්මෙ, බාප්පට ඉස්පංචියා දීලා ඇදලා මූණ පුරා." "මොන බාප්පටද?" "වෙන කාටද? ජාතියෙ පොඩි බාප්පට මිසක්." "කවුද ගහලා තියෙන්නෙ?" "ඉස්පංචියා." "මොකා?" "ඉස්පංචියා අම්මෙ ඉස්පංචියා. අ...