අපේ ජනාධිපතිතුමා ඔන්න ඔහොම ය

(2011 මාර්තු 15, W3Lankaවැඩ වැඩි නිසා ජනාධිපතිතුමා යන්නේ උඩින් ය. ඒ නිසා එතුමන්ට ඔය පල්ලෙහා සීන් කෝන් හරියට පෙනෙන්නේ නැත. මේවා කියන තොපි නො දන්නවාට, ඔය නො විසඳී ඇති ප්‍රශ්න සියල්ල ම එතුමන් නො දන්නා ඒවා ය‍. දන්නවා නම් එහෙම ප්‍රශ්නවලට සොරි තමා ය. 


ඔය කැඩිච්ච පාරවල්, අයිලෙ ඉස්කෝල, මන්දපෝෂිත ළමයින් එහෙ ම වනාහි ගෝල බාල ..........ගෙ පුතාලා එතුමන්ට කොළේ වැහීමේ ප්‍රතිඵලයි. ඔය කුණු කේස් ජනාධිපතිතුමාගේ අතට අහු වුණොත් වැරදිකාරයන් 'පලයව්! දැන් ගිහින් කරපියව්' කියා පන්නා එතැන ම නිවැරදි කරනවා ය.


අපේ ජනාධිපතිතුමා ඔන්න ඔහොම ය.


බොරු නම් අද දිනමිණ බලන්න.


දුනුකේදෙණියේ මහබාගේ පාසලේ දු දරුවෝ අධ්‍යාපන චාරිකාවක් සඳහා පසුගිය සිකුරාදා කොළඹ ගියහ. ඔවුහු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා මුණ ගැසී කතා කිරීමටද අමතක නොකළහ.


එතැනදී ජනාධිපතිතුමා දු දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු පොත පතේ වැඩ ගැන විමසා ‘කොහොමද ඉතින් ඔය ගොල්ලන්ගෙ දුක සැප’ යැයි ඇසීය. ‘අපේ ඉස්කෝලෙට වැසිකිළි කැසිකිළි පහසුකම් මදි. ඒ එක්කම පාසලට යන පාරත් කැඩිලා’ දරුවෝ ජනාධිපතිතුමාට පැමිණිලි කළහ.


දුනුකේදෙණිය මහබාගේ පාසලේ දරුවන් තවමත් කොළඹය. සවස් භාගයේ වාහනයකින් පාසලට ගිය නිලධාරීහු පිරිසක් පාසලේ අවට මැනීම් කටයුතු කොට පොත් පත්වල සටහන් ලියා ගෙන යන්නට ගියහ. අධ්‍යාපන චාරිකාවේ ගිය දරුවන් තවමත් කොළඹය. බිම්කරුවල වැටෙද්දී තවත් පිරිසක් පාසලට ගොස් තොරතුරු විමසූහ. ඒ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත්ය.


එදා උදේ කැඩුණ පාරටද කොන්ක්‍රීට් වැටුණේය.


මහ ඇමැති මේ තරමට ක්‍රියාත්මක වූයේ අධ්‍යාපන චාරිකාවේ ගිය දරුවන් ජනාධිපතිට කළ පැමිණිල්ල ගැන එතුමා මහ ඇමැතිට දුරකථනයෙන් දැන්වීමෙන් පසුවය.


දුනුකේදෙණිය පාසලේ දරුවන් අධ්‍යාපන චාරිකාව නිමකොට ගමට එන්නට කලින් පාසලේ අඩුපාඩු නිම කරන්නට සියලු පියවර ගෙන අවසන්වී තිබුණි.


පාසලේ අඩු පාඩු බලන්නට රාත්‍රියේ පාසලට ගිය මහ ඇමැති එතැනට රැස්වූ ගම්වාසීන්ට සියලු විස්තර කියා “ඔන්න අපේ ජනාධිපතිතුමාගේ හැටි” යනුවෙන්ද කීවේය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. meka thamai rata.janathawa yanu gon ralak kiyala kiwwata kiwwata unta notherune gon ralak nisama wannata tha.
    me widiyata kali allagena lipi liyana ekai janapathi wadai athare wenasak na kiwwata
    notherenneth e nisama wannata atha.
    OHOMA YAN.

    ReplyDelete
  2. කැපිටලිස්ට් ෆිලන්ත්රෝෆි යන කරුණ ගැන ඔබ ලියන නිසා [මට ඕකේ මුල් වචනේ අවශ්‍ය නැහැ, ඒත් ඔබට නින්ද යන එකක් නැහැ නේ එක නැත්නම්] එනමින් ලේබලයක් හදා මේ පෝස්ටය එම ලේබලයට අනුගත කරන මෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  3. lankave thibuna oya mattame ekama pasla venna ethi,hik....chandeth kittuine....dunna ekenma..

    ReplyDelete
  4. නලින්ද සිල්වාට අනුව ඔබාමා වැරදිය. ඔබාමාට අනුව මහින්ද වැරදිය.1971 අපේල් අරගලයේදි කැරැලිවලට සමිඩන්ඩ වුවද අත්අඩංගුවට ගෙන කතරගම පේමවති මනමිපේරිව මරා දැමිම නිසා ඒවාට සමිබන්ඩ හමුදා නිලඩාරින්ට දඩුවමි කල, සිරිමා බන්ඩාරනායක ගෙන් ඉගෙන ගැනිමට බොහෝ තිබෙන බව කිව යුතුවෙි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා