Posts

Showing posts with the label ජනාධිපති

මේ සිස්ටම්එකටනම් ඔබම තමාය (උතුමාණන්ට විවෘත ලියුමක්)

Image
සුබ උපන්දිනයක් වේවා! මෙම ලේඛකයා කිසිකලෙක ඔබතුමාට ඡන්දයක් දී නැත. දැනටනම් දෙන්නට බලාපොරොත්තුවක්ද නැත. එයට හේතුව ඔබතුමාගේ ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද ධනවාදී හා ඒකාධිපතිවාදී දේශපාලන ප්‍රතිපත්ති අපට කිසිසේත්ම ගෝචර නොවීමයි. සුළුතරයක් වන අප වැනි අයට ගැලපුණත්, නැතත්, ඔබේ ප්‍රතිපත්ති මේ රටේ බහුතරයක් වන දූෂිත ජනතාවට හොඳින් ගැලපේ. ඒ නිසා ඔබතුමා මේ රටේ ජනාධිපති ලෙස වැජඹෙනඑකට අප විරුද්ධවීමෙන් පලක් නැත. ඔබතුමා මේ රටේ ජනතාවට ඉදිරියෙන් සිටිමින් ඔවුන්ට මග පෙන්වන නායකයකුට වඩා ඒ ජනතාව පස්සේ සිට උන් යන අත බලා, කෙවිටෙන් තළා රැළම ඒ පැත්තට දක්කමින් තමනුත් හයියෙන් හයියෙන් ඒ පැත්තට යන අපූරු ගොපල්ලෙකි. ඔබතුමාට විරුද්ධ අය මොන මොනවා කීවත්, ඔබතුමා විසින් ලංකාවේ දැවැන්ත විප්ලවයක් සිදුකර තිබෙන බව පිළිගැනීමට සිදුවේ. මේ විප්ලවය කුමක්ද කියා හඳුනාගතයුතුය. පසුගිය දිනවල ලංකාවේ සැරිසැරූ ලෝකබැංකු කළමනාකාර අධ්‍යක්ෂවරිය ඔබේ ආණ්ඩුවට ප්‍රශංසා කළාය. ඒ ලෝකබැංකුවට ලංකාව සම්බන්ධ කළ ප්ලග් ගැලෙව්වාය කී ඔබ රනිල් වික්‍රමසිංහටත් වඩා හොඳට ලෝකබැංකු වැඩසටහන හෙවත් ධනවාදය ලෝකබැංකුවේ ආධාරත් නැතිව ගිනි පොළියට ගත් ණයවලින් ඉදිරියට ...

ඔබේ නගරයටත් ජනාධිපතිතුමා එනවා ද? ක්ෂණික සංවර්ධනයක් බලාපොරොත්තු වන්න

Image
ජනාධිපතිතුමා නිතර නො යන, රජයේ අවධානය එතරම් යොමු නො වුණ යම් කිසි ප්‍රාදේශීය නගරයකට එතුමා යනවා යයි සිතන්න. ප්‍රාදේශීය දේශපාලන බලධාරීහු හා නිලධාරියෝ ඒ ප්‍රදේශය ද හම්බන්තොට සේ ම වේගයෙන් දියුණු වෙමින් ඇති බව  ජනාධිපතිතුමාගේ දෑස හමුවේ මවා පාන්නට දැවැන්ත උත්සාහයක් දරති.  ලේඛකයා මේ දිනවල එවැනි සංදර්ශනයක් නරඹමින් සිටියි. ප්‍රදේශයේ නම ඍජුව සඳහන් නො කරන්නේ ප්‍රාදේශීය බලධාරීන් ගෙදරට පරිප්පු එවනවාට ඇති අවංක බිය නිසා ය. ප්‍රාදේශීය දේශපාලනය ජාතික දේශපාලනය වැනි එකක් නො වේ. ප්‍රාදේශීය දේශපාලනඥයන්‍ට කේලම් කියන අයට සාමාන්‍යයෙන් යමක් කියවා එහි සැබෑ අර්ථය වටහා ගැනීමේ ගැටලු ඇත.  අනෙක් පැත්තෙන් උපන් දා සිට ජීවත් වූ ගමට කුමන අන්දමින් හෝ යම් වැඩක් වෙනවා නම් ලේඛකයා ද කැමති ය.  මේ දිනවල නගරයේ‍‍‍‍‍‍‍‍‍්‍ සිදු වෙමින් ඇති 'සංවර්ධනය' පසුගිය වසර බොහෝ ගණනක් තුළ නිදා සිටි නගරයේ සෙමින් සිදු වූ වෙනස්කම් අභිභවා නගරය ක්ෂණික විපර්යාසයකට ලක් කරමින් තිබේ. එය හරියට ගොළුබෙල්ලෙක් හිටි හැටියේ අශ්වයකුගේ වේගයෙන් දුවනවා වැනි අස්වාභාවික ගතියකින් යුතු සංසිද්ධියකි.  වසර ගණනාවක් තිස්සේ තිබුණු අනවසර කඩ...

අපේ ජනාධිපතිතුමා ඔන්න ඔහොම ය

Image
(2011 මාර්තු 15,  W3Lanka )  වැඩ වැඩි නිසා ජනාධිපතිතුමා යන්නේ උඩින් ය. ඒ නිසා එතුමන්ට ඔය පල්ලෙහා සීන් කෝන් හරියට පෙනෙන්නේ නැත. මේවා කියන තොපි නො දන්නවාට, ඔය නො විසඳී ඇති ප්‍රශ්න සියල්ල ම එතුමන් නො දන්නා ඒවා ය‍. දන්නවා නම් එහෙම ප්‍රශ්නවලට සොරි තමා ය.  ඔය කැඩිච්ච පාරවල්, අයිලෙ ඉස්කෝල, මන්දපෝෂිත ළමයින් එහෙ ම වනාහි ගෝල බාල ..........ගෙ පුතාලා එතුමන්ට කොළේ වැහීමේ ප්‍රතිඵලයි. ඔය කුණු කේස් ජනාධිපතිතුමාගේ අතට අහු වුණොත් වැරදිකාරයන් 'පලයව්! දැන් ගිහින් කරපියව්' කියා පන්නා එතැන ම නිවැරදි කරනවා ය. අපේ ජනාධිපතිතුමා ඔන්න ඔහොම ය. බොරු නම් අද දිනමිණ බලන්න. දුනුකේදෙණියේ මහබාගේ පාසලේ දු දරුවෝ අධ්‍යාපන චාරිකාවක් සඳහා පසුගිය සිකුරාදා කොළඹ ගියහ. ඔවුහු අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා මුණ ගැසී කතා කිරීමටද අමතක නොකළහ. එතැනදී ජනාධිපතිතුමා දු දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු පොත පතේ වැඩ ගැන විමසා ‘කොහොමද ඉතින් ඔය ගොල්ලන්ගෙ දුක සැප’ යැයි ඇසීය. ‘අපේ ඉස්කෝලෙට වැසිකිළි කැසිකිළි පහසුකම් මදි. ඒ එක්කම පාසලට යන පාරත් කැඩිලා’ දරුවෝ ජනාධිපතිතුමාට පැමිණිලි කළහ. දුනුකේදෙණිය මහබාගේ පාසලේ දරුවන් තව...

ෆොන්සේකාව කෝටුමස් කරවි ද?

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  මේ දිනවල ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ නිලධාරීන් පවසන පරිදි ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා භයානක කුමන්ත්‍රණයක් දියත් කර තිබේ.  තමා බෝගම්බර සිරගත කිරීමටත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා ගාලු මුවදොර පිටියට ගෙන ගොස් ඝාතනය කිරීමටත් සැලැසුමක් තිබුණු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ප්‍රකාශ කෙළේය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ සිට ජනාධිපති මන්දිරයට ගමන් ගනිද්දී ලේක්හවුස් වටරවුමේ දී හෝ ගාලු පාරේ දී මේ ඝාතනය කිරීමට සැලැසුම් කර ඇති බව ද ඝාතනය සඳහා හමුදාවෙන් පැන ආ අය සහ විශ්‍රාමික පුද්ගලයින් යොදා ගැනීමට ෆොන්සේකා කටයුතු කර ඇති බව ද ඒ සඳහා කොළඹ සුපිරි හෝටල් දෙකක කාමර 70 ක් ද වෙන්කර තිබී ඇතැයි ද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පැවසූ බව දිනමිණ පුවත්පත වාර්තා කරයි. ෆොන්සේකා විසින් ජනාධිපති ඝාතනය සඳහා සකසා තිබෙන්නේ ඉතා මෝඩ සැලැස්මකි. රහස් ඔත්තු සේවා ඔහු පිළිබඳ සියුම් ලෙස නිරික්ෂණය කරමින් සිටි...