දිවි නැඟුමේ ප්‍රෝඩාව හා වංචාව | The fraud of Divi Neguama Upliftment of Lives program launched by Sri Lanka Ministry of Economic Development

(2011 මාර්තු 13, W3Lankaරජය 'දිවි නැගුම' නම් වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙහි 'දිවි' කියන්නේ අර ලංකාවේ ජීවත් වන පුල්ලි තිබෙන කොටි වර්ගය නො ව, ජීවිතයයි. ඒ නිසා 'දිවි නැගුම' යනු දැන් කකුල් දෙකේ කොටින් නැති නිසා දිවියන් පිට නැගීම නො ව, ජීවිත නැංවීම හෙවත් සංවර්ධනය කිරීමයි.


නිසි පෝෂණ ගුණයෙන් සපිරි එළවළු, පළතුරු සහ විවිධ බෝග වර්ග ප්‍රමාණවත්ව තමන්ගේ ගෙවත්ත තුළින්ම හෝ අවටින් සපයා ගැනීමට හැකිවනසේ ගෙවතු සංවර්ධනය කර ගැනීමත්, අතිරේක ආදායමක් උපයා ගත හැකිවන සේ ගෘහාශ්‍රිතව කළ හැකි විවිධ නිෂ්පාදන දියුණු කර ගැනීමත් සඳහා ජනතාව සවිබල ගැන්වීමේ අරමුණැතිව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන බව රජයේ 'ලංකා පුවත්' වෙබ් අඩවිය පවසයි.


කෘෂිකර්ම අංශය, ධීවර, සත්ව පාලන සහ ගෘහස්ත කර්මාන්ත අංශය යටතේ ගෘහ ඒකක දස ලක්‍ෂයේ මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර මේ සඳහා අවශ්‍ය බීජ, පැළ, පොහොර සහ තාක්ෂණික සහාය ලබාදීමට රජය පියවර ගෙන ඇති බව ද රජය පවසයි.


රට පුරා ග්‍රාම සේවා වසම් 14,000ක ගොවි සංවිධානවලට මේ වන විට ජනාධිපති රුව අඩංගු ඩිජිටල් බැනර් ගමකට තුන බැගින් ප්‍රදර්ශනය කරන්නට උපදෙස් දී තිබේ. ඒ එකක් රු. දහසක් වේ නම්, ඒ වෙනුවෙන් අඩු තරමේ රු. මිලියන 42ක්වත් මේ වන විට වියදම් වී ඇතිවාට සැක නැත. මීට අමතරව, රට පුරා පැවති උත්සව හා පුවත්පත් දැන්වීම් සඳහා ද විශාල මුදලක් වැය කරමින් තිබේ.   


ගම් මට්ටමේ හෙංචයියන් බැනර්වලින් ම මාටියා ගැසීම ආරමභ කර තිබේ. බැනර් තුනක් ගැසීම වෙනුවට එක ම බැනර් එක දවස් තුනේ තුන් තැනක එල්ලීමෙන් අඩු තරමේ පරිසරයට සිදු වන හානිය හෝ අවම වන නිසා අපි ඒ ගැන කිසිත් නො කියමු. මෙම වැඩසටහන සඳහා වසමකින් හයදෙනා බැගින් තෝරා ගත් ආකාරය ද කිසි සේත්ම පාරදෘෂ්‍ය නැත.


සෑම ගමකින් ම 100දෙනා බැගින් තෝරාගෙන රු. 10,000 බැගින් වටිනා බීජ, පොහොර ආදිය සපයන බව කීවාට 'ලංකා ටෲත්' වෙබ් අඩවිය වාර්තා කරන පරිදි දැනට සිදු වී තිබෙන්නේ ග්‍රාම සේවා වසමකින් හයදෙනා බැගින් තෝරාගෙන රු. 200ක් පමණ වටිනා ඇට ජාති කීපයක් හා පොහොර ග්‍රෑම් 750ක් බැගින් සැපයීමයි. ඇට පැළ වේ ද යන්න තව ම නො දනී.


සුළු පරිමාණ කෘෂිකර්මාන්කය හා ගෘහ ආර්ථිකය නැංවීම පිණිස උපකාර කිරීම හොඳ දෙයකි. එහෙත්, දිවි නැගුම නම් වූ මෙම වැඩසටහන දේශපාලන ව්‍යාපෘතියක් ලෙස ගත් කල කූට, වංචනික එකක් බව එහි ආරම්භයෙන් ම ප්‍රදර්ශනය වේ.


ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ යාමත් සමග ජනතාව ආණ්ඩුව බඩු මිළ අඩු කරන තෙක් බලා නො සිට තම තමන්ට පුළුවන් ආකාරයට වත්තේ පිටියේ යමක් වගා කර ගැනීමට පෙළඹී තිබේ. සෑම ගමකට ම පාහේ කෘෂි සංවර්ධන හා පර්යේෂණ නිලධාරි නම් අනූව දශකයේදී දේශපාලන පත්වීමක් ලැබූ පිං පඩිකාරයෙකු/කාරියක සිටින නමුත් ඔවුන්ගෙන් බහුතරයකට අඩු තරමේ වගාව පිළිබඳ උපදෙසක් දීමට තරම් හෝ දැනුමක් නැත.


තත්වය එසේ ය: ආණ්ඩුව කරන්න හදන්නේ මේ අහිංසකයන් සාගින්න වෙනුවෙන් වවා ගන්නා භෝගය හට ගත්තේ තමන් දුන් ඇටයෙන් හා පොහොරෙන් බව ප්‍රචාරය කර ලකුණු දමා ගැනීමටයි. ආණ්ඩුව වියදම් කරන්නේ ජනතාවට උදව් කිරීම සඳහා නො ව තමන්ට ප්‍රචාරය ලබා ගැනීමටයි. කොහොම ද පොඩි මල්ලි‍ගෙ ටිකිරි මොළේ!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අපරැක්කෙ ගැන නව දෘශ්ඨිකෝනයක්
    http://mohomadgepalamalla.blogspot.com/2011/03/blog-post_12.html

    ReplyDelete
  2. lankawe unta rattaran gooniyak dunnath hodak nam kiyanne neta.baner nogaha weda kalata wedak neta, mokada lankawe minissunta hemadema ikkmaninma amataka wena nisawen.me wede 100% kma sadaranawa, sartakawa siduwenawaya kiya mama kiyanne neta. namuth hema dekama naraka petta vitarak dakina un jeewath wena tek lankawata nam anagatayak neta.

    ReplyDelete
  3. Ane ban Ano ubla wage wun hitiyanam me rata Americawatath wada diynuwelane.

    ReplyDelete
  4. How many project this country have for villages? How many officials have been appointed to a Divisional Secretariat Office for village affairs? ... In addition to Samurdhi we have five projects...Maga Neguma...Gama Neguma...Gemi Diriya...Api Wavamu...Now Divi Neguma...More than 100 officials in a DS Office. Did any government organizations did an evaluation of these projects? ...at the village level what we are experiencing is creation of sources of income for local politicians, their henchmen and the lower level public officials...Just go to a village and talk to people openly and not showing any bias ...you will find out this...

    ReplyDelete
  5. මෙම මඟ නැඟුම, ගම නැඟුම, ගැමි දිරිය, අපි වවවු රට නඟමු සහ නවතම දිවි නඟුම යන සියළු වැඩ සටහන් වල “ජනාධිපති රුව අඩංගු ඩිජිටල් බැනර්“ ප්‍රදර්ශනය කිරීම හැර වැඩි යමක් සිදු නොවේ.

    හරියට වැඩ කරන්නේ නම් දැනට පවතින අමාත්‍යයංශ සහ දෙපාර්තමේන්තු කන්දරාව රට හැදීම සදහා ඕනෑවටත් වඩා ඇතිය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා