සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක

(2011 මාර්තු 11, W3Lankaලංකාවේ රාජ්‍ය පාලකයන් අතර සාමූහික වගකීම කියා දෙයක් ඇත්තේ ම නැත. ඇමතිවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන් වැඩකාරයා බව පෙන්නා ලකුණු දමා ගන්නට ය.


හෙළ උරුමය නියෝජනය කරන ඇමති චම්පික රණවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි ඇමතිවරුන් කපාගෙන යමින් බැබලෙන්නට උත්සාහ කිරීම නිසා මේ වන විට ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් ඇති වී තිබේ.


ඇමති චම්පික රණවක හැම විට ම උත්සාහ ගන්නේ තමන් පාඩු ලබන ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු ලෙස පෙනී සිටීමටයි. ඔහුගේ අලුත් ම කතාව දස වසරක් තිස්සේ පාඩු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලය 2010 වසරේ රු. දස ලක්ෂ 5062ක ලාභයක් ඉපැයූ බවයි.


මේ කතාව අසා ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්තට අසූ හාරදාහට තද වී තිබේ.


විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන අඩු මිලට ලංකා විදුලිබල මණ්‌ඩලයට ලබාදීමට සිදුව තිබෙන නිසා මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ලබන පාඩුවෙන් සියයට අසූවක්‌ම පාඩු ලබා ඇත්තේ ලංකා විදුලිබල මණ්‌ඩලයට අඩු මිලට ඉන්ධන ලබාදීම නිසා යෑයි ඇමැතිවරයා පෙන්වා දෙන බව අද දිවයින පුවත්පත වාර්තා කළේ ය.


දැවිතෙල් ලීටරයක්‌ රුපියල් 81 ක්‌ වුවද ලංකා විදුලිබල මණ්‌ඩලයට දැවි තෙල් ලීටරයක්‌ රුපියල් 40කට ලබාදීමට සිදුව තිබෙන නිසා දැවිතෙල් ලීටරයකින් සියයට පනහක පාඩුවක්‌ වන ඇමතිවරයා පෙන්වා දී ඇත.


විදුලිබල මණ්ඩලය භාණ්ඩාගාරයෙන් යැපෙන්නේ නැති තත්ත්වයකට පත්ව ඇති බව හා ඕනෑම අවස්ථාවකදී ඕනෑම බිලක් ගෙවීමට හැකි මූල්‍ය ශක්තියක් පවතින බව ද පවසන විදුලි බල හා බලශක්ති ඇමතිවරයාට කළ හැකි දෙයක් වන්නේ නියම මිළට තෙල් මිළ දී ගනිමින් තෙල් සංස්ථාව පාඩු නො ලබන තත්වයට පත් කිරීමයි.


රටේ ජනතාව ලෙස ඇමතිවරුන්ට අපට කීමට ඇත්තේ මෙයයි. ඉලක්කම් විජ්ජාවලින් තමන්ගේ වර්ණ පෙන්වන්නට හා එකිනෙකා කපා ගන්නට නො ගොස් සාමූහික වගකීමෙන් යුතුව වැඩ කිරීම පරිණත රාජ්‍ය තාන්ත්‍රිකභාවය බවයි.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔබ කරන යොජානාව හොන්ඩයි. චම්පික කරන්න ඔනි හෑකිනම් වෑඩි මිලක් තෙල් වලට ගෙවන එක. එත් සුසිල් ප්‍රෙමජයන්ත කියන කතාව පිලිගන්න බෑ.ඛනිජ තෙල් සන්ස්තාව 50% පඩු ලබන්නෙ 81 ක් වන ඩෑවි තෙල් ලිටරය 40 විකුනන නිස නෙමෙය්. ඔහුගෙ අසාර්තක වව නිසා. නස්තිය වලක්වගන්න අසමත් නිසා.

    ReplyDelete
  2. Rajya Thanthrika!!! ...nonsense...these people don't know what that means...they are bunch of opportunists gathered together for the sake of power...otherwise preaching totally different things for cheap popularity...since the majority just live by eating these empty words and, this so called alternative - the opposition is just waiting to grab the loot...this would continue...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා