Posts

Showing posts with the label සුසිල් ප්‍රේම ජයන්ත

සුසිල් ප්‍රේම ජයන්තට මුහුදෙන් හමු වූ තෙල් ඉන්දියාව හංගලා ද?

Image
SL 2007-01-001 ඉන්දියාවට කැනීම් සඳහා දී ඇති කොටසයි ලබන වසරේ මුල් කාර්තුව තුළ ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සම්පත තිබේ දැයි සත්‍ය වශයෙන්ම පැවැසිය හැකි බව ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන ඉන්දියාවේ “කෙයාන්” ලංකා සමාගම පවසයි. -දිනමිණ 2011 අගෝස්තු 19 මේ 2010 මැයි 01 දා දිනමිණ පළ කළ වාර්තාවකි. (දිනමිණ කියවන්නේ ඇයිදැයි අපේ පාඨකයෝ අසති. අප දිනමිණ උපුටා දක්වන්නේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම්වල නිරුවත පෙන්වීමටයි. මෙවැනි පුවත් ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් ද නිතර ප්‍රචාරය වේ. ඒවායෙන් සිදු වන බලපෑම දිනමිණට වඩා බෙහෙවින් වැඩි ය.) මෙරට තෙල් කැණීම් ලබන වසරේ ඇරැඹේ සුභාෂිණී සේනානායක ශ්‍රී ලංකාවේ තෙල් කැණීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කෙරේ. තෙල් කැණීම් සඳහා සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සදහා ගවේෂණ කටයුතු සියල්ල සිදු කොට අවසන් බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා දිනමිණ ට ප්‍රකාශ කෙළේය. තෙල් කැණීම් කටයුතුවලදී මේ රටේ වාසනාවට තෙල් ලැබුණහොත් ඉදිරි කැණීම් කටයුතු පුළුල් කරන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය. මුහුදේ සිදුකරන ලද පරීක්ෂණ කටයුතු මුළුමනින්ම අවසන් බව පැවසූ ඇමැතිවරයා දිනකට තෙල...

කෙරවළපිටියෙන් කෙළවර නො වන චම්පික - ශ්‍රීලනිප ගැටුම

Image
(2011 මාර්තු 29,   W3Lanka )  ආණ්ඩුව ඇතුළේ ජාතික හෙළ උරුමයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අතර මහා සංග්‍රාමයක් ඇවිළී තිබේ. මේ ගින්න ඇවිළෙන්නේ තෙල් හා විදුලිය උපයෝගී  කරගෙනයි. තේරෙන භාෂාවෙන් කියනවා නම් ඛනිජ තෙල් කර්මාන්ත ඇමති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍ප්‍රධාන ලේකම් හා ජ්‍යේෂ්ඨ ශ්‍රිලනිප නායක සුසිල් ප්‍රේම ජයන්තත් ජාතික හෙළ උරුමයේ සැබෑ නායක පාඨලී චම්පික රණවකත් අතරයි. මෙම ගැටුමට හේතුව චම්පික රණවක කැබිනට් සාමූහික වගකීම අමතක කර, තමන් වැඩකාරයා බව තනියෙන් පෙන්නමින් සෙස්සන් කපාගෙන යන්නට උත්සාහ කිරීමයි. ඔහුට අවශ්‍ය වී ඇත්තේ තමන් වනාහි පාඩු ලැබූ ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු බව පෙන්වමින් අනාගත රාජ්‍ය නායකත්වය සඳහා සිය යෝග්‍යතාව ප්‍රදර්ශනය කිරීමයි. මෙය කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ම දැවැන්ත මාධ්‍ය සංදර්ශනයකිනි. තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල පාඩු වෙනත් අමාත්‍යංශ යටතේ ඇති ආයතන වෙත පවරා ලාභ පෙන්වීම චම්පිකගේ විශ්වකර්ම න්‍යායයි. අප මෙම ගැටුමේ මුල් අවධිය  සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක   නම් ලිපියෙන් විස්තර කළෙමු. දැන් ...

සුසිල් ප්‍රේම ජයන්ත අතට දරුවා දී කන්‍යාවක් සේ පෙනී සිටින චම්පික රණවක

Image
(2011 මාර්තු 11,  W3Lanka )  ලංකාවේ රාජ්‍ය පාලකයන් අතර සාමූහික වගකීම කියා දෙයක් ඇත්තේ ම නැත. ඇමතිවරු උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන් වැඩකාරයා බව පෙන්නා ලකුණු දමා ගන්නට ය. හෙළ උරුමය නියෝජනය කරන ඇමති චම්පික රණවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි ඇමතිවරුන් කපාගෙන යමින් බැබලෙන්නට උත්සාහ කිරීම නිසා මේ වන විට ආණ්ඩුව ඇතුළේ අර්බුදයක් ඇති වී තිබේ. ඇමති චම්පික රණවක හැම විට ම උත්සාහ ගන්නේ තමන් පාඩු ලබන ආයතන ලාභ ලබන තත්වයට පත් කරන විශ්වකර්මයකු ලෙස පෙනී සිටීමටයි. ඔහුගේ අලුත් ම කතාව දස වසරක් තිස්සේ පාඩු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලය 2010 වසරේ රු. දස ලක්ෂ 5062ක ලාභයක් ඉපැයූ බවයි. මේ කතාව අසා ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්තට අසූ හාරදාහට තද වී තිබේ. විදුලිබලය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන අඩු මිලට ලංකා විදුලිබල මණ්‌ඩලයට ලබාදීමට සිදුව තිබෙන නිසා මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව ලබන පාඩුවෙන් සියයට අසූවක්‌ම පාඩු ලබා ඇත්තේ ලංකා විදුලිබල මණ්‌ඩලයට අඩු මිලට ඉන්ධන ලබාදීම නිසා ය...

විමල් බනින්න සුසිල් තෝරා ගනියි | Wimal Weerawansa finds a scapegoat to pass the blame

Image
(2010 අප්‍රේල් 22 -  W3Lanka  )  ජනාධිපතිතුමා හොඳ ය. නරක එතුමා වටේ සිටින අයයි. එහෙත්, වටේ සිටින රාජපක්ෂ පවුලේ අයත් හොඳ ය. නරක රාජපක්ෂ පවුලේ අය නොවන වටේ සිටින සෙසු අයයි.  මේ අය කරන නරක ජනාධිපතිතුමා දන්නේ නැත. දන්නවා නම් එවැනි දේ කරන්නට දෙන්නේ නැත. එතුමා සමග කතා කළ විට ප්‍රශ්න ඉබේ ම බේරුම් වේ. එතුමා සමග කතා කළ විට ප්‍රශ්න බේරුම් නොවුණත් කම් නැතැයි සිතේ. වටේ ඉන්න රාජපක්ෂලා නොවන අනෙක් හෙංචයියෝ කිච වෙති. එය ම මදැයි!  මුසම්මිල්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් නොදීම ගැන විමල් වීරවංශ පෙරමුණේ නායක විමල් වීරවංශ බනින්නට කෙනෙකු සොයාගෙන තිබේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්, අනේ පව්, සුසිල් ප්‍රේමජයන්තයි. මේ ඔක්කොට ම වැරදිකාරයා සුසිල් ප්‍රේමජයන්තයි. ‘‘මහ මැතිවරණයට පෙර ජාතික ලැයිස්තුවට ජාතික නිදහස් පෙරමුණේ දෙදෙනෙකු ඇතුළත් කළා. ඒ දෙන්නටම මන්ත‍්‍රීකම් දෙන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය එකග වුණා. කලින් කිව්ව නම් අපට දෙන්න පුළුවන් එකයි කියල එහෙනම් අපි ලැයිස්තුවට එක් අයෙක් දාල අනිත් කෙනා තරගයට දානවා. පහුගිය විසි වෙනිදා රෑ බැසිල් රාජපක්‍ෂ, සුසිල් පේ‍්‍රම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම...

සුසිල් ප්‍රේම ජයන්ත තමන් බේරා දෙන්නැයි තිස්ස අත්තනායකගෙන් ඉල්ලයි | SOS call from Sri Lanka ruling alliance secretary to his opposition counterpart

Image
(2010 මාර්තු 30- W3Lanka  )  පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විවෘත රූපවාහිනි සජීව සංවාදයකට එන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන ජනාධිපතිගේ සහයෝගය ලැබෙන විමල් වීරවංශ වැනි අය හමුවේ මනාප පොරය පරාජය වීමේ අනතුරට මුහුණ දී සිටින මේ අසරණ ඇමතිවරයාට පිහිට වීම තිස්ස අත්තනායකට කළ හැකි මහා සේවාවකි. මක් නිසාද යත් මෙම විවාදය මුවාවෙන් ප්‍රේම ජයන්තට අමතර මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගත හැකි ය. තිස්සගේ නායකයා ඔහු ජාතික ලැයිස්තුවට දා දුන් නමුත් සන්ධානයේ ලේකම් වෙලාත් සුසිල්ට එහෙම චාන්ස් එකක් නොලැබිණි. ඒ චාන්ස් එක ලැබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්කමට කෙළ හළමින් සිටින ඩලස් අලහප්පෙරුමටයි. ඒ මදිවාට දැන් ලොක්කා කින්නේ මනාපවලින් පරදින එවුන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නොදෙන බවයි. පැරදුණොත් ප්‍රේම ජයන්තට වන්නේ ආපසු අලුත්කඩේ යන්නයි. ඒ මදිවාට රජ ගෙදර පරවියා වන විමල් වීරවංශ ද ඊයේ පෙරේදා කොට්‌ටාව, මාකුඹුර, මැතිවරණ ශ්‍රවණාගාරයේ පැවති ...