ලංකාවට බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධුවරයෙක් හා දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍රයෙක් පහළ වෙති

(2011 මාර්තු 30, W3Lankaමහජන සම්බන්ධතා හා මහජන කටයුතු පිලිබඳ අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අටමස්තානධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් විසින් පසුගිය දා අනුරාධපුර මහා විහාරයේදී පිරිනමන ලදී.


ඒ අනුව, ආචාර්ය මර්වින් සිල්වා බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධුවරයෙකි.


ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක නාහිමි ප්‍රමුඛ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට “දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍ර” ගෞරව නාමය පිරිනැමීමට තීරණය කැර ඇත.


ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල දේශමාමක ජනප්‍රසාදන ලංකා පුත්‍රයෙකි.


බුදු සු බැලේවා!


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේව දන්නව නම් බුදු හාමුදුරුවෝ වුනත් වෙන ආගමකට යන්න ඉඩ තිබුණා.
    අඩු වශයෙන් පාරිලෙය්‍ය වනයට වත් වඩීවි.

    ReplyDelete
  2. meyin penenne adala himinamage heluvay.

    ReplyDelete
  3. අනේ හුකේ... නන්නානේ...

    ReplyDelete
  4. Ane ape nirmala Budhha Sasanayata giya kalak?

    ReplyDelete
  5. DEVADATHA NIKAYA PAHALA WELA...Ha ha ha

    ReplyDelete
  6. කැළණියේ බෝසත් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" නමින් බුදු වෙයි!
    - පුවතක්

    "මම මේ මළුවට යනවා එනවා
    මාත් එක්ක කට පුංචත් යනවා
    පගාව දී මගෙ පවු අරවනවා
    ෆල්ලේගොම මට අවසර දෙනවා"

    රූ තිර දුලවන විනිසුරු සාදූ
    කැමරා මර සෙන් කුඩු කළ සාදූ
    ජීප් එකෙන් නිවනට වැඩි සාදූ
    අපිත් වඳිමු "කැළණියෙ බුදු සාදූ"

    ඩප්පි ද දැලි පිහි සයිකල් මාලා
    එක් කොට අටපිරිකොර සෑදේවා
    හෙරොයින් කට්ට කුමංජල් වේවා
    ගිලාන පච්චෙට නරකද "අරවා"?

    කොලිටිය වැඩි "කහ මල්" පිබිදේවා
    "කප්පම්" පිං කැට තව ඉතිරේවා
    සජ්ජන මැර පිරිවර බෝ වේවා
    කැළණිය බරණැස් පුරවර වේවා

    තුන් දොර තද කොට වහගන් මාමේ
    "ඇරගෙන" නොවැටෙවු සතර අපායේ
    කැළණියෙ සිදුහත් බුදු වෙන යාමේ
    "සුදොවුන් රජු" අරලිය ආරාමේ!

    එම්බා පාඨකය, මෙ කව් පූජා ටියුන් වලට බෝධි ඉදිරිපිට ගයා වස් වද්දවා ගැනීමෙන් වලකිනු

    ඩෝං පුතා
    (www.boondi.lk වලින් උපුටාගන්නා ලදි )

    ReplyDelete
  7. maha nayaka himiyanta pistole thiyala kiuwalu dipiya mata pattama......menna sasanayata giya kala

    ReplyDelete
  8. ඩප්පි ද දැලි පිහි සයිකල් මාලා
    එක් කොට අටපිරිකොර සෑදේවා
    හෙරොයින් කට්ට කුමංජල් වේවා
    ගිලාන පච්චෙට නරකද "අරවා"?

    මේ අටපිරිකර දෙන්න ඕනෙ මේ නම්බු නාම දෙන අයට.....

    ReplyDelete
  9. මේ ගණින්නාසෙල මෙම වචන වල ගෞරවයද කෙලෙසා ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා