පල්ලෙකැලේ ක්‍රීඩංගනයට මුරලිදරන්ගේ නම වෙනුවට සුදුසු නම් කීපයක්

(2011 මාර්තු 19, W3Lanka) තාරකාවෝ බැබළෙන්නේ තමන්ගේ ම ආලෝකයෙනි. තමන්ට කියා එළියක් නැති ග්‍රහයෝ තාරකා‍වල එළිය තමන්ගේ සේ පරාවර්තනය කරති. 


මුත්තයියා මුරලිදරන් තරුවකි. ඔහු ටෙස්ට් කඩුලු 800 ලබා ගත් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික රූපවාහිනිය හරහා පැවසුවේ අලුතින් ඉදි වන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය මුරලිදරන්ගේ නමින් නම් කරන බවයි. 


එහෙත්, පල්ලෙකැ‍ලේ ක්‍රීඩාංගනය විවෘත විය. එය මුරලිදරන් නමින් නම් කරන බව මුලින් කීව ද එසේ සිදු වූයේ නැත. 


මුරලිදරන් යනු ඉන්දීය සම්භවයකින් යුත් දෙමළ මිනිසෙකි. සිංහල අපි 1983දී මුරලිදරන්ගේ පවුලේ දේපල ගිනි තැබුවෙමු. මුරලිදරන්ට ලංකාවේ පුරවැසිකම පවා ලැබුණේ ඉපදී බොහෝ කලකට පසුවයි. 


ලංකාව විසින් බිහි කරන ලද විශිෂ්ඨ ම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වුණාට ඔහු දෙමළෙකි. එහෙයින් ඔහු නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීම ලෙහෙසි නැත. 


මේ ක්‍රීඩාංගනය නම් කිරීම සඳහා සුදුසු වෙනත් නම් කීපයක් අපි යෝජනා කරමු.



  • මේ දවස්වල ඕනැ කෙහෙල්මලකට දමන නම (කවුරුත් දනිති)
  • එස්.බී. දිසානායක ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (ක්‍රීඩා ඇමති කාලේ සුසන්තිකා ජයසිංහට රොඩු දමා තිබීම සුදුසුකමකි.)
  • දි.මු. ජයරත්න ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (ජාත්‍යන්තර දේශපාලකයෙකි. මෑතදී තමිල්නාඩුවේ කොටි පුහුණු කඳවුරු පිහිටවූයේ ය.)
  • මහින්දානන්ද  අලුත්ගමගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (බාර් හිමියෙකි. ලංකාවේ ඇතැම් බාර්වලට ක්‍රීඩා සමාජ යයි කියනු ලැබේ.) 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඉතිරි කලකිරීම පමණයී!

    ReplyDelete
  2. මේ දවස් වල ඕනෑම කෙහෙල්මලකට දාන නම ඕකටත් දැම්මේ නැත්නම් මෙන්න කැට. ඊයා දැන් පොදු වැසිකිළියක්, ආදාහනාගාරයක් හැදුවත් දාන්නේ ඔය නම.

    ReplyDelete
  3. What about Naamala, played cricket against Bollywood.

    ReplyDelete
  4. Shiranthi/Namal/Yoshitha/Rohitha/ Basil/Chamal/Gotabhaya/Shashindra/Nirupama International Cricket Ground-pallekele
    this will able to happened than named as Murali,,after that it will generalize by public media and all the people will be very happy,,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා