පල්ලෙකැලේ ක්‍රීඩංගනයට මුරලිදරන්ගේ නම වෙනුවට සුදුසු නම් කීපයක්
(2011 මාර්තු 19, W3Lanka ) තාරකාවෝ බැබළෙන්නේ තමන්ගේ ම ආලෝකයෙනි. තමන්ට කියා එළියක් නැති ග්‍රහයෝ තාරකාවල එළිය තමන්ගේ සේ පරාවර්තනය කරති. මුත්තයියා මුරලිදරන් තරුවකි. ඔහු ටෙස්ට් කඩුලු 800 ලබා ගත් අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික රූපවාහිනිය හරහා පැවසුවේ අලුතින් ඉදි වන පල්ලෙකැලේ ක්‍රීඩාංගනය මුරලිදරන්ගේ නමින් නම් කරන බවයි. එහෙත්, පල්ලෙකැලේ ක්‍රීඩාංගනය විවෘත විය. එය මුරලිදරන් නමින් නම් කරන බව මුලින් කීව ද එසේ සිදු වූයේ නැත. මුරලිදරන් යනු ඉන්දීය සම්භවයකින් යුත් දෙමළ මිනිසෙකි. සිංහල අපි 1983දී මුරලිදරන්ගේ පවුලේ දේපල ගිනි තැබුවෙමු. මුරලිදරන්ට ලංකාවේ පුරවැසිකම පවා ලැබුණේ ඉපදී බොහෝ කලකට පසුවයි. ලංකාව විසින් බිහි කරන ලද විශිෂ්ඨ ම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු වුණාට ඔහු දෙමළෙකි. එහෙයින් ඔහු නමින් ක්‍රීඩාංගනයක් නම් කිරීම ලෙහෙසි නැත. මේ ක්‍රීඩාංගනය නම් කිරීම සඳහා සුදුසු වෙනත් නම් කීපයක් අපි යෝජනා කරමු. මේ දවස්වල ඕනැ කෙහෙල්මලකට දමන නම (කවුරුත් දනිති) එස්.බී. දිසානායක ජාත්‍යන්තර ක්‍රීඩාංගනය (ක්‍රීඩා ඇමති කාලේ සුසන්තිකා ජයසිංහට රොඩු ...