දේශපාලකයන්ගේ අධි ආරක්ෂා ප්‍රදර්ශනය මානසික ප්‍රශ්නයක් ද? | Are politicians' high security shows a psychological problem?

(2011 මාර්තු 17, W3Lanka) මාස කීපයකට ඉහත දිනෙක ලේඛකයා මෝටර් රියක් පදවාගෙන ගාලු නගරයේ ජනාකීර්ණ වීදියක ‍සාමාන්‍ය වේගයෙන් ගමන් කරමින් සිටියේ ය. හිටි හැටියේ සයිරන් හඬක් නංවාගෙන ලේඛකයා ගමන් කළ රථය පසු කළ නිල ඇඳුම් ඇඳ සිටි පොලිස් මෝටර් බයිසිකලයක පසුපස සිටි අවි ගත් පොලිස් කොස්තාපලයෙක් 'අඩෝ! අයින් කර ගනින්!' කීවේ ය. මෝටර් බයිසිකලය පසුපසින් සුඛෝපභෝගී කළු වීදුරු සහිත රියක් හා ඒ පසුපසින් ආරක්ෂකයන් පිරිවරා ගත් ජීප් රියක් ඊ වේගයෙන් ධාවනය වුණේ බියජනක අන්දමටයි.


එතැන් සිට බොහෝ වේලාවක් ගත වනතුරු ලේකකයාගේ කුඩා දියණිය විසින් අසන ලද ප්‍රශ්නය නම් 'ඒ මාමා තාත්තාට බැන්නේ ඇයි?' යන්නයි.


'ඒ මාමලා හදිසි ගමනක් යනවා,' ලේඛකයා කීවේ ය.


'ඒ මාමලා යන්නෙ යුද්දෙට ද?' දියණිය ඇසුවා ය.


ලේඛකයා වාසනාවන්ත ය. ඔහු පැදවූයේ ත්‍රිරෝද රියක් වැන්නක් නම් අඩෝ යන වචනය වෙනුවට සාමාන්‍යයෙන් ආදේශ වන්නේ හුයන්නෙන් පයන්නෙන් ආරම්භ වන වදන් ය.


දැන් යුද්ධය අවසන් වී දෙවසරකට ආසන්න ය. සමහර දේශපාලකයන් හා රජයේ නිලධාරීන් තවම ගමන් බිමන් යන්නේ යුද්ධයට යන්නා සේ ය. ඔවුන් පමණක් නො ව ඔවුන්ගේ බිරියන්, ළමයින් පවා එහෙම ය. මාර්ග නීති නො තකන මේ රියවල ගැටී මෑතදී අහිංසකයෝ කීපදෙනෙක් ම මරණයට පත් වූ හ.


ලංකාවේ දේශපාලකයන්, ඇතැම් රාජ්‍ය නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල අය දැවැන්ත ආරක්ෂාවක් මධ්‍යයේ මහජනතාව හමුවේ ‍පෙනී සිටීමට ලොල් වීම පසුපස ඇත්තේ සමාජ මනෝ විද්‍යාත්මක ගැටලුවකි.  තම වරදකාරිත්වයන් නිසා ඔවුන් ඇත්තටමත් අධික බියකින් ජීවත් වනවා වන්නට ද පුළුවන. යුද සමයේ ව්‍යාප්ත වූ මෙම සමාජ මානසික අර්බුදය පශ්චාත් යුද සමයේදී විහිළු ස්වරූපයක් ගෙන තිබේ.


ඇත්තෙන් ම මේ හාදයන්ට ආරක්ෂාව පිළිබඳ මෙතරම් ගැටලුවක් නැතිවා පමණක් නො ව, මෙතරම් හදිසියෙන් ගොස් කරන්නට ඇති විශේෂ වැදගත් වැඩක් ද නැත. එහෙම තිබෙනවා නම්, ඔවුන්ට හෙලිකොප්ටර්වලින් යන්නට පහසුකම් සපයා ගන්නට පුළුවන. හෙලිකොප්ටර් සංදර්ශන පවත්වන්නට තරම් මොවුන්ට මුදල් නැත. ඇත්තම කියනවා නම් මොවුන්ගෙන් වැඩි දෙනෙකුට මහජන මුදල් ගසා කෑමේ අවස්ථාව නො ලැබිණි නම් සාමාන්‍ය මෝටර් රියකින් එහා සිතන්නට පවා බැරි ය. 


යුද රහිත මෙම වකවානුවේ මෙවැනි කරදරකාරී සංදර්ශන පැවැත්වීමට මේ මානසික රෝගීන් පෙළඹවීම පසුපස මහජනතාවගේ ගැටලුවක් ද තිබේ. ඒ වනාහි එවැනි ආරක්ෂක විධිවිධාන සහිතව ජීවත් වන පුද්ගලයන් බලවතුන් ලෙස සැලකීමට මහජනයා පෙළඹීමයි. ඇත්ත ම කීවොත්, මේ වැඩි දෙනෙකුගේ බලය තියෙන්නේ ඔය ඩිංගේදී පමණි. සරළ මහජන ප්‍රශ්නයක් ඔවුන් වෙත ඉදිරිපත්  කළ කල එය ප්‍රදර්ශනය ‍වේ. 


යුද රහිත මෙම වකවානුවේ දැවැන්ත ආරක්ෂක විධිවිධාන ප්‍රදර්ශනය කරමින් සිය මානසික ගැටලුව විසඳා ගන්නට උත්සාහ කරන මේ පිරිස් සමාජ පිළලයකි. එහෙයින් මහජනයා ඔවුන්ට එරෙහි විය යුතු ය. ඔවුන් විසින් පැහැර ගනු ලබන සිය පුරවැසි හිමිකම් පිළිබඳ සංවේදී වෙමින් විරෝධය පළ කළ යුතු ය. ඔවුන් සහභාගි වන උත්සව වර්ජනය කළ යුතු ය. විශේෂයෙන් ම, මීළඟ ඡන්දවලදී ඔවුන්ට දොර පෙන්වන බවට පණිවුඩයක් දැන් සිට ම ඔවුන්ට ලබා දිය යුතු ය. 


මේ ලිපියට ඔබ කැමති ද? එසේ නම්, ඔබේ විරෝධයත් එකතු කර මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න.

Comments

  1. කතාව නම් හරියට හරි..

    ReplyDelete
  2. "පැදවූයේ ත්‍රිරෝද රියක් වැන්නක් නම් අඩෝ යන වචනය වෙනුවට සාමාන්‍යයෙන් ආදේශ වන්නේ හුයන්නෙන් පයන්නෙන් ආරම්භ වන වදන් ය." චන්දෙ දීලා මේවා අහගන්න අපේ කට්ටිය හරි ආසයි.

    ReplyDelete
  3. අද උදෙත් මා සිතමින් සිටියේ අවි ගත් පොලිස් රාජ්‍යයකට මිනිසුන් මෙතරම් කැමතිවීම ගැනය්. බේරුවල කුඩා දරුවකු ඇතුලු සෑහෙන පිරිසක් මියගියේ මේ අවි ගත් පොලිස් රාජ්‍යය නිසාය.

    පරමාණුකරණය වී ඇති සමාජයක මේවාට එරෙහිව නැගී සිටීමක් ඇති වන්නේ නැත. ඒත් අළු යට ගිනි පුපුරු නම් තිබේ.............

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  4. අරාජිකවාදී ඔබතුමාලත් මේවට සෑහෙනදුරට වගකියන්න ඔනෙ.

    ReplyDelete
  5. Meya manasika prshnayak menma janathawata ethi biya pradatshanaya kereemak.Ettama thatwayanam me aya boho denekuta mahapare thaniyen besa yamata noheka.Ita hetuwa mahajanaya mounge munata kelagahanu eta.Meya awabodakaragena sitina me aya mahajanaya biyakireemata hamudha ballan prayojanayata gani.meya weeratwaye pradarshanayak nowa,biyagulu kame pradarshanayaki.Sebe janatha deshapa;akayekuta mewan arashawan awasya neta.Janatawa visin oun araksha karanu eta.

    ReplyDelete
  6. මේ ලගදී මා දන්නා සොයුරෙකු කීවේ අපේ මිනිසුන් විදවමින් ජීවත්වන්නට කැමති, ඉන් වින්දනයක් ලබන පිරිසක් බවය. එය ඇත්ත බව මටත් හිතෙනව. මුන් අපේ ඡන්දෙන්ම පත්වෙලා අපිටම පාට් දානව...... ඒව බල බල අපේ ගොයියො "හලි චෝයි.....හලි චෝයි....." කියනව. ඒ මදිවට ඊලග වතාවෙත් පෝලිමට ගිහිල්ල කතිරෙත් ගහනව.
    නිල් වුනත්.... කොළ වුනත් වෙන පාටක් වුනත් තත්වෙ මේකයි. මේ වගේ දෙයක් ඇතිකර ගත්තෙ සාමාන්‍ය අපි. ඒ නිසා මේක නවත්වන්න පුළුවනුත් අපිට විතරයි.

    ReplyDelete
  7. ඇත්තෙන්ම යුධ සමයේ පවා මෙම කාලකණ්නි හිකනළුන් බහුතරයක් හට සීරීමක් කිරීමට වත් ත්‍රස්තවාදීන්ට අවශ්‍යයතාවක් නොවීය. නමුත් ත්‍රස්තවාදයට මුවාවී පටන්ගත් බොහෝ නාඩගම් යුද ජයග්‍රහනයේ මාර්කටින් වටිනාකම අඩු වී ගෙන යන වසර දෙකකටට පසු ද අවසන්ව නැත.

    හරි හමන් පොදු ප්‍රවාහන සේවයක් නැතිව මහ මඟ අව් දූවිලි කන පොදු ජනතාවට දැන් මොවුන් ගැන තීරණයක් ගත යුතු කාලය බව ප්‍රකාශ කරමි. පටන් ගන්නවා නම් අද ඒ සඳහා සුදුසු දවසකි.

    ReplyDelete
  8. අතිශයින් තර්ජිත ව සිටිය හැකි එකෙකු දෙන්නෙකුට හැර මෙය කොහෙත්ම සුදුසු දෙයක් නොවේ. ඒ එකා දෙන්නට ද, ආමඩ් කාර් වලින් කල හැකි අටමගලක මට නොතේරේ. කොටියා ට අවැසි නම් මුන්ට ගේමක් නැතිව දෙන්නට පුළුවන. මේ සද්දේ දාගෙන යන ගමන ම ඇති ඒ අවධානය ගන්න.

    ඒ නිසා මෙය නම් අතිශයින් ම කාලෝචිත දෙයක්. දැන් ම නැවැත්තුවේ නැත්නම්, දැනටමත් පෙන පරිදි මුන්ගේ නෝනලා ට ෂොපින් යන්නද, බේබිලාට ඉස්කෝලේ යන්නද මේ ක්‍රමය යොදා ගැනෙනු ඇත.

    මලවතෙකු සතු වරප්‍රසාදයක් අමාරුවෙන් හෝ ඉවත් කල හැකි මුත් බලවතාගේ බවලතා ඔහු තුලින් ලබා ගත වරප්‍රසාදයක් ඉවත් කිරීම කොහෙත්ම කල හැක්කක් නොවේ.

    කාලෝ අයන්තේ.

    ReplyDelete
  9. නිකම්ම පයින් ඇවිදගෙන ගියත් මුන්ව මරන්න කවුරැත් නෑ.. මෙි ඇමැටිට‍ියො විතරක් නෙමෙි උන්ගෙ ගැනුත් මෙහෙම යන‍ෙවා..

    ReplyDelete
  10. අදාල නැතත් මෙම ප්‍රශ්ණය අහන්න වෙන තැනක් නැහැ. මම හිතනවා මේකට පිළිතුරු ලැබෙයි කියල. මේ සියලු ලේඛකයෝ විශාල පරිත්‍යාගයන් කරල දැඩි අවදානම් තත්වයන්ට මුහුණ දිගනයි මේ සමාජ ගැටලු සාකච්ඡා කරන්නෙ. එහෙව් එකේ අපිටත් වගකීමක් තියනවා ඔබලා පිළිබඳ සොයල බලන්න. ඒනිසා කරුණ්කරල මෙය පළකරන්න.
    බෙයෝන්ඩ් ෆ්රේම්ට මොකද උනේ ? අනතුරකට හරි තර්ජනයකට හරි මුහුණ දුන්නද, නැති නම් කලකිරීම හින්ද නිශ්ශබ්ද උනාද, එපාම උනාද ?
    දේශප්‍රේමී වෙස්වලාගත්ත ගෝත්‍රික, ම්ලේච්ඡ මිනිසුන් කිහිපදෙනෙක් බලයත් පාවිච්චි කරල වෙබ් අඩවි බොහෝ ගානකක් නිශ්ශබ්ද කලාට පසුව දැක්ක එක දෙයක් තමයි, ඒය බ්ලොග් වැඩෙන් සමු ගත්ත එක. ටැබුගෙ අවසාන අදහස් අනුව ඔහුට ජීවිත තර්ජනයක් හෝ ඒ හා සමාන තර්ජන තිබුණ බවට කරුණු පැහැදිලි වෙනව. ඒත් ඔහු සමුගන්න පෙර තම අදහස් බි එෆ් ගෝ බ්ලොග් එකේ පලකරා.
    ඈයි බි එෆ් නිහඩ ? ඔබ කරදරයකින් තොරව ඉන්නවද ? කරුණ්කර උත්තර දෙන්න. ඔබ ඒ හඩ නැගුවේ ඔබ වෙනුවෙන් නොවෙයි. අපි සියල්ල වෙනුවෙන්. ඒ නිසයි මේ ප්‍රශ්ණය අහන්නේ.

    ReplyDelete
  11. ඔන්න සම්පූර්ණ ඇත්තක් සහිත ලිපියක්

    ReplyDelete
  12. general public worship this type of politicians only very few of us criticise these things we cant change this uneducated and selfish majority.

    ReplyDelete
  13. mayata wiruddawa facebook page ekak open kaloth hoda nedda??

    ReplyDelete
  14. This showdown of security was started during 1977 regime and now it has gone to the extent that has been described here...the filth they used to talk to the people reflects the kind of people employed by these people's representatives...not only the mindset of their bosses... Don't blame the people...educate them...try to mobilize political parties and organized interests groups to develop a discourse against these practices and finally a total revamping of constitutional system by abolition of Presidential system

    ReplyDelete
  15. lankave poleesi vala inna vun sunakayin vaniya.hamputhata valigaya vaneematath anek ayata kadapaneemath hera mema sevalayin danna yamak veda , panshan giya polis karayek ganna, u parana veradi vaha geneemata pansale mokak ho smeethiyakata ringana athara edata hama ekatama oluva kasana thathvayata path vey.

    ReplyDelete
  16. We should insist this to stop from Opposition

    ReplyDelete
  17. විශ්මයක් නැතත් විශ්මය දනවන ලෙස හැසිරීමෙන් සංදර්ශනාත්මක මානසිකත්වයකින් යුත් අප රටේ ජනතාව ගොනාට අන්දවා ගත හැකි බව දේශපාලුවෝ හොදහැටි දනිත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා