Posts

Showing posts with the label හදිසි අනතුරු

ඔලුව වටේ අත දමා කණ ඇල්ලීම හෙවත් ජංගම දුරකථනයෙන් වාහන දඩ ගෙවීම / Mobile cash for paying traffic fines

වැරදි කරන රියදුරන්ට ජංගම දුරකථනයෙන් දඩ ගෙවිය හැකි ක්‍රමයක් හඳුන්වා දෙන්නට පොලිසිය සූදානම් වන බව පොලිස්පත්තුමා ලක්බිම පුවත්පතට පවසා තිබිණි. දුරබැහැර ගමනක් යන විට පොලිසියෙන් මොකක් හෝ වැරැද්දක් කළ බව කියා රියදුරු බලපත්‍රය ගෙන දඩ කොළයක් දුන් විට එය ගෙවා රියදුරු බලපත්‍රය ආපසු ගැනීම තරමක් සංකීර්ණ කාර්යයක් බවට පත් වේ. දඩ කොළය රැගෙන තැපැල් කන්තෝරුවකට ගොස් එය ගෙවා රිසිට් පත රැගෙන ආපසු පොලිසියට පැමිණ අර පොලිස් නිලධාරියා වෙන කොහේ හෝ මගුලක නොගොස් පොලිසියට පැමිණ රියැදුරු බලපතුය එහි තබා ඇතිනම් එය රැගෙන යා යුතු ය. නැතිනම් එදා යන ගමන ගොස් වෙන දවසක ආපසු ආ යුතු ය. හඳුන්වා දෙන්නට යන ක්‍රමය යටතේ ජංගම දුරකථනයෙන් දඩ ගෙවන්නට පුළුවන් ලු. ඉතින් ඕකට ඔච්චර දුර යන්න ඕනෑත් නැත. උපදෙස් ගන්නට ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ඕනෑත් නැත. ඔලුව වටේ අත දමා කණ අල්ලන්නට ඕනෑ නැත. දඩය එවේලේ ම පොලිස් නිලධාරියාට ගෙවන්නට පුළුවන් ක්‍රමයක් හැදුවා නම් ප්‍රශ්න අහවර ය. මොකද, පොලිස් නිලධාරීන් වනාහි ඔය ආරණ්‍යවාසී හාමුදුරුවරුන් වැනි මුදල් අතපත ගෑම නො කරන පිරිසක් නො වන බැවිනි. මෙතැන ඇති ප්‍රශ්නය ආණ්ඩුවට හා ඉහළ නිලධාරීන්ට රාළහාමිල...

දේශපාලකයන්ගේ අධි ආරක්ෂා ප්‍රදර්ශනය මානසික ප්‍රශ්නයක් ද? | Are politicians' high security shows a psychological problem?

Image
(2011 මාර්තු 17,   W3Lanka )   මාස කීපයකට ඉහත දිනෙක ලේඛකයා මෝටර් රියක් පදවාගෙන ගාලු නගරයේ ජනාකීර්ණ වීදියක ‍සාමාන්‍ය වේගයෙන් ගමන් කරමින් සිටියේ ය. හිටි හැටියේ සයිරන් හඬක් නංවාගෙන ලේඛකයා ගමන් කළ රථය පසු කළ නිල ඇඳුම් ඇඳ සිටි පොලිස් මෝටර් බයිසිකලයක පසුපස සිටි අවි ගත් පොලිස් කොස්තාපලයෙක් 'අඩෝ! අයින් කර ගනින්!' කීවේ ය. මෝටර් බයිසිකලය පසුපසින් සුඛෝපභෝගී කළු වීදුරු සහිත රියක් හා ඒ පසුපසින් ආරක්ෂකයන් පිරිවරා ගත් ජීප් රියක් ඊ වේගයෙන් ධාවනය වුණේ බියජනක අන්දමටයි. එතැන් සිට බොහෝ වේලාවක් ගත වනතුරු ලේකකයාගේ කුඩා දියණිය විසින් අසන ලද ප්‍රශ්නය නම් 'ඒ මාමා තාත්තාට බැන්නේ ඇයි?' යන්නයි. 'ඒ මාමලා හදිසි ගමනක් යනවා,' ලේඛකයා කීවේ ය. 'ඒ මාමලා යන්නෙ යුද්දෙට ද?' දියණිය ඇසුවා ය. ලේඛකයා වාසනාවන්ත ය. ඔහු පැදවූයේ ත්‍රිරෝද රියක් වැන්නක් නම් අඩෝ යන වචනය වෙනුවට සාමාන්‍යයෙන් ආදේශ වන්නේ හුයන්නෙන් පයන්නෙන් ආරම්භ වන වදන් ය. දැන් යුද්ධය අවසන් වී දෙවසරකට ආසන්න ය. සමහර දේශපාලකයන් හා රජයේ නිලධාරීන් තවම ගමන් බිමන් යන්නේ යුද්ධයට යන්නා සේ ය. ඔවුන් පමණක් නො ව ඔවුන්ගේ බිරියන්, ළමයින් ප...

ආර්ථික නො දියුණුකම, සමාජ පසුගාමිත්වය හා මාරක රිය අනතුරු

Image
(2010 ජුනි 28,  W3Lanka )  කුරුණෑගල, දැදුරුඔය පාලම අසලදී ඊයේ සිදු වූ හදිසි අනතුරෙන් එක ම ගමේ එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු සත්දෙනෙකු ඉතා කණගාටුදායක අන්දමින් මිය ගොස්, තවත් සත්දෙනෙකු තදබල ලෙස තුවාල ලබා තිබේ. කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේ සඳගල නම් පිටිසර ගමේ පදිංචිකරුවන් පිරිසක් වන මේ පිරිස අනතුරට පත් වූයේ ඔවුන්ගේ වෑන් රිය හා ගැටුණු පොහොර පටවාගෙන ගමන් කළ කන්ටේනර් රථයේ රියදුරුට නින්ද යාම නිසා බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ඇතැම් මාධ්‍ය පවසයි. 2007 අප්‍රේල් මස ගාලු පාරේදී බියර් රැගත් ට්‍රක් රියක් මගී බස් රියක ගැටී ගිනි ගැනීමෙන් බර වාහනයේ රියැදුරු ඇතුලු 20දෙනෙක් පිළිස්සී මිය ගිය හ. ත්‍රිරෝද රියැදුරන්ගේ හා පෞද්ගලික බස් රියැදුරන්ගේ නො සැලකිලිමත් රිය පැදවීම් පිළිබඳ බොහෝ දෙනෙකු කතා කර ඇතිමුත්, භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන හා දිවයින පුරා සිදු වන විවිධ සංවර්ධන කටයුතු සඳහා ගල්, වැලි ආදිය ගෙන යන බර වාහනවල රියැදුරන්ගේ නො සැලකිලිමත් රිය පැදවීම් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත.  මෙම වාහනවල දැවැන්තකම නිසා අනතුරකදී ඔවුන් තුවාල ලබනවාට වඩා ඔවුන් නිසා මාර්ග භාවිතා කරන සෙ...