ආර්ථික නො දියුණුකම, සමාජ පසුගාමිත්වය හා මාරක රිය අනතුරු

(2010 ජුනි 28, W3Lankaකුරුණෑගල, දැදුරුඔය පාලම අසලදී ඊයේ සිදු වූ හදිසි අනතුරෙන් එක ම ගමේ එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු සත්දෙනෙකු ඉතා කණගාටුදායක අන්දමින් මිය ගොස්, තවත් සත්දෙනෙකු තදබල ලෙස තුවාල ලබා තිබේ.


කුරුණෑගල, උහුමීය ප්‍රදේශයේ සඳගල නම් පිටිසර ගමේ පදිංචිකරුවන් පිරිසක් වන මේ පිරිස අනතුරට පත් වූයේ ඔවුන්ගේ වෑන් රිය හා ගැටුණු පොහොර පටවාගෙන ගමන් කළ කන්ටේනර් රථයේ රියදුරුට නින්ද යාම නිසා බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ඇතැම් මාධ්‍ය පවසයි.



2007 අප්‍රේල් මස ගාලු පාරේදී බියර් රැගත් ට්‍රක් රියක් මගී බස් රියක ගැටී ගිනි ගැනීමෙන් බර වාහනයේ රියැදුරු ඇතුලු 20දෙනෙක් පිළිස්සී මිය ගිය හ.


ත්‍රිරෝද රියැදුරන්ගේ හා පෞද්ගලික බස් රියැදුරන්ගේ නො සැලකිලිමත් රිය පැදවීම් පිළිබඳ බොහෝ දෙනෙකු කතා කර ඇතිමුත්, භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන හා දිවයින පුරා සිදු වන විවිධ සංවර්ධන කටයුතු සඳහා ගල්, වැලි ආදිය ගෙන යන බර වාහනවල රියැදුරන්ගේ නො සැලකිලිමත් රිය පැදවීම් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු වී නැත. 


මෙම වාහනවල දැවැන්තකම නිසා අනතුරකදී ඔවුන් තුවාල ලබනවාට වඩා ඔවුන් නිසා මාර්ග භාවිතා කරන සෙසු අය තුවාල ලබති. මෙම කරුණ නිසා, මෙම වාහනවල ඇතැම් රියැදුරන් කිසියම් අන්දමක අහංකාර ස්වරූපයකින් මාර්ගයේ හැසිරෙන බව පෙනේ.


උත්සව සමයන්හිදී රිය අනතුරු වැඩි වීමට හේතුවක් වන්නේ උත්සවවලට සහභාගි වීමට යන පුද්ගලයන් හා ඔවුන් රැගත් වාහන ගමන් කරන්නේ අතිශය අනාරක්ෂිත ලෙස වීමයි. වෙනදා මගීන් ගෙන යාම සඳහා යොදා නො ගැනෙන වාහන මේ දිනවල ඉතා අනාරක්ෂිත ලෙස අධික ලෙස මගීන් පටවාගෙන වේගයෙන් ගමන් කරන ආකාරය මේ දිනවල අතිශය සුලබ ය.


ඊයේ සිදු වූ කණගාටුදායක සිද්ධිය පිළිබඳ දිවයින පුවත්පතේ පළ වන පහත සඳහන් විස්තරය බලන්න:


මියගිය සයදෙනාගේ පවුලට රුපියල් විසිදහසක සීට්‌ටු මුදලක්‌ පසුගියදා හිමි වී ඇත. මේ නිසා ඔවුන් එම මුදලින් යාපනය සංචාරයක්‌ සඳහා යැමට අදහස්‌ කරගෙන තිබිණි. ඒ අනුව මියගිය පිරිස ඇතුළු දහසය දෙනකුගෙන් යුත් පිරිසක්‌ කුලියට ලබාගත් වෑන් රථයකින් යාපනයේ ගොස්‌ එහි දින දෙකක්‌ ගතකර නැවත නිවෙස්‌ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.


ආර්ථික වශයෙන් තිබෙන නො දියුණුකම සමාජයක් වශයෙන් තිබෙන පසුගාමීකම් සමග එක් වූ විට මෙවැනි කණගාටුදායක සිද්ධි සඳහා මඟ පාදා දෙයි. 


ජනාධිපති මහින්ද රාජපක්ෂ සිල් සමාදන් වූ සිතුල්පව්වේ පොසොන් දිනවල සිටි සෙනග කන්දරාව අනුව දෙවන සෝමාවතී සිද්ධිය එහි සිදු නො වීම වාසනාවකි. 
(ඡායාරූප: 2007 අප්‍රේල් ගාලු පාරේදී සිදු වූ අනතුර)

Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. The police is very incompetant. The accidents could be analysed in economic/political terms. But before that the basic analysis is road users have taken the road to themselves. so the it is more survival of the fittest/ or most notorious.
    Kurunegala /dambulla strech is very dangous. all vehcles, long distnace busses, sand tippers, containers, cement trucks, rice lorries etc, does not care of the road rules. Police are just looking on.

    ReplyDelete
  2. මේ සිද්ධියේත් ඔබ සඳහන් කළ 2007 ඉඳුරුවේ අනතුරේත් සම්බන්ධයක් ඇත. මේ දෙකම වන්නේ රියැදුරන්ගේ නොසැලකිල්ල නිසාම නොව ඔවුන්ට නින්ද යාමෙනි. මේ ලංකාවේ රියැදුරන් අතර ඉතාම සුලබ දෙයකි. ටික කලකට පෙර මිතුරන් පිරිසක් කැටුව විනෝද ගමනක් යන්නට මා උදෑසන පහට වෑන් එකකට එන්ට කීවෙමි. රියැදුරා දිගින් දිගටම (අප බිය පත්වන තරමට) නිදි කිරන්නට විය. ඇසූ විට කීවේ "සර්, එයාපෝට් ඩ්‍රොප් එකක් කරල ආවෙ උදේ දෙකට" කියාය. ඔහු පසෙකට කර අපට රථය එළවන්ට වුයේ ඒ තත්ත්වයෙන් ඔහුට රිය පදවන්නට ඉඩ නොදිය හැකි නිසාය.

    මෙය (ප්‍රසිද්ධියේ නොකීවත්) හැම ලොරි, වෑන්, ට්‍රක්, කන්ටේනර් රියැදුරකුගේම කතාවය. මේ අය දිවා රෑ නැතිව, විවේක නොගෙන රිය පදවති. එසේ නොකොට ඔවුන්ට තමන්ගේ පවුල් නඩත්තු කළ නොහැකිය. (පුද්ගලික බස් රියැදුරන්ගේ තත්ත්වය මීට යහපත් වන එකම හේතුව ඔවුන් මාටියා ගහන නිසාය.)

    මේවා සරල විසඳුම් ඇති ප්‍රශ්න නොවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා