ටිපර් රියකට යට වී මිය ගියෙමි
මේ ඔහු මෙන් ම ඔබ හෝ මා හෝ ද වන්නට පුළුවන අටවන ශ්‍රේණියේ පාසල් දරුවකු යයි කියන්නේ තවමත් කොට කලිසම් අඳින, තනිව සිය කටයුතු කර ගැනීම පුහුණු වන එකෙකි. මට මතක හැටියට තනිවම බයිසිකලය පැදගෙන මතුගම නගරයට එන්නට මට ද පුළුවන් වුණේ ඒ වයසේදී ය. අපේ ජීවිත සමග බස්වල තිබුණු සම්බන්ධය ගැන මම මින් පෙර 'සිලෝන් ටකරං බස්' ලිපියේ ලිව්වෙමි. අටේ ංතියේ හෝ නමයේ පංතියේ ඉන්න කාලේ එක් සති අන්තයක මම මට පිටුපසින් එන බසයකට කලින් යාම සඳහා වේගයෙන් බයිසිකලය පැද්දෙමි. ඒ කාලයේ තිබුණු ලොරි එහෙම එතරම් වෙගයෙන් ධාවනය නොවූ ඒවා බැවින් සුළඟට ආවරණය වෙමින් ඒ පසුපස බයිසිකල් පැදීමට පුළුවන්කම තිබිණි. ඇතැම් පුරුදුකාරයෝ එක් අතකින් ලොරියේ එල්ලී වේගයෙන් බයිසිකලය පදවන්නට සමත් වූ හ. එය අතිශය අනතුරුදායක වූමුත් ත්‍රාසජනක ය. ආපසු කතාවට..... මම කෙතරම් වේගයෙන් පැද්දත් බසය මා ඉස්සර කර යාම වළක්වන්නට බැරි විය. බසය මා ඉස්සර කරද්දීත් මම වේගයෙන් එය පදිමින් සිටියෙමි. බසයේ පාපුවරුවේ මිනිසුන් එල්ලී ආ බව මම නො දුටුවෙමි. එසේ එල්ලී ආ අය මගේ ඇඟේ වැදීමෙන් මම පාරෙන් ඉවතට විසි වී වැටුණෙමි. වාසනාවට මා වැටුණේ පස් ගොඩකට ය. අට ශ්‍රේණියේ ළමයකු එසේ කා...