නීතිය හා සාමය ආරක්ෂා කරන්නන්ගේ මාර්ග විනයක් නැතිකම නිසා රණවිරුවෙක් අවසන් ගමන් යයි

(2009 ඔක්තෝබර්  21 - W3Lanka) ලංකාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සිටින පොලිසිය මෙන් ම රට ආරක්ෂා කිරීමට සිටින හමුදාව ද රටේ නීතියට ගරු කිරීමෙන් ආදර්ශවත් විය යුතු මුත්, මහ මාර්ගයේදී මේ දෙපිරිස ම මාර්ග නීති තුට්ටුවකට නො තකති. 


අද අළුයම කුරුණෑගල තෝරයායේදී අධි වේගයෙන් ධාවනය වූ යුද හමුදා මෝටර් රථයක් මාර්ගය අයිනේ නැවතුම් පහන් නො දල්වා නවතා තිබූ පොලිස් ට්‍රක් රියක ගැටීමෙන් මෝටර් රියේ ගමන් කළ හමුදා නිලධාරියකු මරුමුවට පත් වී තවත් නිලධාරීන් තිදෙනෙක් තුවාල ලැබූහ.



මිය ගිය හමුදා නිලධාරිවරයා මඩු ප්‍රදේශය භාර ආඥාපති කර්නල් දුමින්ද අමරසේකරයි. මිය යන විට ඔහු 43වන වියේ පසු විය. ඔහු දරු තිදෙනෙකුගෙන් සමු ගන්නා පියෙකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා