අන්තරේ කැඳවුම්කරු හිරේ තියා ගන්නා නිතියට ජවිපෙ පක්ෂ ද?


(2009 ඔක්තෝබර්  08 - W3Lanka) ඍජුව ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලබන අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වන උදුල් ප්‍රේමරත්න ඇප නොදී සිරභාරයේ දිගට ම රඳවාගෙන සිටීම සඳහා පාවිච්චි කරන හදිසි නීතියට අද ජවිපෙ පාර්ලිමේන්තුවේදී අනියමින් පක්ෂ වූයේය. 


ඒ හදිසි නීතිය සඳහා ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී සභාගැබෙන් බැහැරව සැඟවී සිටීමෙනි. එක්සත් ජාතික පක්ෂය හදිසි නීති විවාදයේදී ඡන්දය ප්‍රකාශ නො කරන ස්ථාවරයක පිහිටා කටයුතු කරයි. දෙමළ ජාතික සන්ධානය හදිසි නිතියට විරුද්ධව ඡන්දය දෙයි. ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ එයට පක්ෂව අත් ඔසවති. ජවිපෙට පමණක් මේ ලෝකේ ස්ථාවරයක් නැත. පක්ෂත් නැත. විරුද්ධත් නැත. මධ්‍යස්ථත් නැත.



අද හදිසි නිතිය වැඩි ඡන්ද 70කින් සම්මත විය. පක්ෂව ඡන්ද 82ක් ද විපක්ෂව 12ක් ද ප්‍රකාශ විය.

Comments

  1. අනේ හු* ගන්නෙ නෑතුව හිටපන්

    ReplyDelete
  2. ජවිපෙ හිතවතුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම නිමල්ගෙන් නරඹන්න. රෙද්ද ගලවා පෙන්නුවාට නිමල්ට තුති.

    ReplyDelete
  3. blogkarutawat,eeniya JVP nimaltawat javipe gath e teeranaye etulantaya penune netha.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප