ශිෂ්‍ය භික්ෂූන්ගේ ප්‍රතිගාමී ඉල්ලීම් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය
මෙම කරුණ ගැන ලිවිය යුතු යයි මා සිතමින් සිටියදී නිර්මාල් රංජිත් දේවසිරි සිය වත්පොතෙහි මෙසේ ලියා තිබිණි. "භික්ෂූන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා විශේෂ කොටාවක් ඉල්ලන පදනම් විරහිත සහ අසාධාරණ ඉල්ලීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහය දෙන්නේ මොන පදනමක් මත ද? අවිවිශිබමට දේශපාලන නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේගැන කියන්නේ කුමක්ද? මේ ඉල්ලීම ශිෂ්‍ය ඉල්ලුම අඩු ඇතැම් විෂයන්ට (මා උගන්වන ඉතිහාසයද මීට අයත්ය) වෙනම කෝටාවත් ඇති කර තිබීමේ විධිවිධානය වැරදියට අර්ථකතනය කොට ඉදිරිපත් කෙරෙන ඉල්ලීමකි. මෙහි අැති ශිෂ්‍ය කප්පාදුවක් නැත. මේ ඉල්ලීමට ඉඩ දුන්නොත් හෙට හොරපාරෙන් විශ්වවිද්‍යාලවට ඒමට ඇති ක්‍රමයක් බවට මෙය පත්වේ. මා මේ පිළිබදව අවිවිශිබම නායකත්වය සමග සාකච්ඡා කළ මුත් ඔවුන් ඊට පැහැදිළි පිළිතුරක් දුන්නේ නැත." භික්ෂූන් යනු ආගමික සේවාවක යෙදෙන පිරිසක් මිස වෘත්තිකයන් පිරිසක් නො වේ. එබැවින් ඔවුන් රැකියා කිරීම අත්‍යවශ්‍ය නැත. එහෙත්, රැකියාවක යෙදීමට අවශ්‍ය නම් සාමාන්‍ය පිළිවෙලට එසේ කිරීමේ වරදක් ද නැත. භික්ෂු අනන්‍යතාව භාවිතා කරමින් අධ්‍යාපනය හා රැකියා වෙනුවෙන් පොදු පද්ධතිවලින් වැඩි අවස්ථ...