ශිෂ්‍ය භික්ෂූන්ගේ ප්‍රතිගාමී ඉල්ලීම් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය

මෙම කරුණ ගැන ලිවිය යුතු යයි මා සිතමින් සිටියදී නිර්මාල් රංජිත් දේවසිරි සිය වත්පොතෙහි මෙසේ ලියා තිබිණි.

"භික්ෂූන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා විශේෂ කොටාවක් ඉල්ලන පදනම් විරහිත සහ අසාධාරණ ඉල්ලීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහය දෙන්නේ මොන පදනමක් මත ද? අවිවිශිබමට දේශපාලන නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේගැන කියන්නේ කුමක්ද? මේ ඉල්ලීම ශිෂ්‍ය ඉල්ලුම අඩු ඇතැම් විෂයන්ට (මා උගන්වන ඉතිහාසයද මීට අයත්ය) වෙනම කෝටාවත් ඇති කර තිබීමේ විධිවිධානය වැරදියට අර්ථකතනය කොට ඉදිරිපත් කෙරෙන ඉල්ලීමකි. මෙහි අැති ශිෂ්‍ය කප්පාදුවක් නැත. මේ ඉල්ලීමට ඉඩ දුන්නොත් හෙට හොරපාරෙන් විශ්වවිද්‍යාලවට ඒමට ඇති ක්‍රමයක් බවට මෙය පත්වේ. මා මේ පිළිබදව අවිවිශිබම නායකත්වය සමග සාකච්ඡා කළ මුත් ඔවුන් ඊට පැහැදිළි පිළිතුරක් දුන්නේ නැත."

භික්ෂූන් යනු ආගමික සේවාවක යෙදෙන පිරිසක් මිස වෘත්තිකයන් පිරිසක් නො වේ. එබැවින් ඔවුන් රැකියා කිරීම අත්‍යවශ්‍ය නැත. එහෙත්, රැකියාවක යෙදීමට අවශ්‍ය නම් සාමාන්‍ය පිළිවෙලට එසේ කිරීමේ වරදක් ද නැත. භික්ෂු අනන්‍යතාව භාවිතා කරමින් අධ්‍යාපනය හා රැකියා වෙනුවෙන් පොදු පද්ධතිවලින් වැඩි අවස්ථා ඉල්ලා සිටීම අසාධාරණ ය. එයට ඉඩ දිය යුතු නැත. 

එය දේශපාලනයේදී කාන්තාවන්ට සම අවස්ථා ඉල්ලා සිටීම වැනි තත්වයක් නො වේ. 

භික්ෂූන් යනු ආර්ථිකයේදී ඵලදායී මෙහෙවරක් කරන සමාජ කණ්ඩායමක් ලෙස සැලකිය නො හැකි ය. 

භික්ෂූන් යනු ආගමික ප්‍රභූ පිරිසකි. ඔවුන් සතු නිල මෙහෙවර වන්නේ ජනතාව ආගම වෙත නැඹුරු කිරීමයි. සිංහල බුද්ධාගමේ භික්ෂූන් නම් කරන්නේ ජාතිවාදී හා ආගම්වාදී වෛරය වැපිරීමයි. 

අවිශිබමට නායකත්වය දෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය වනාහි මාක්ස්වාදී මූලධාර්මික පක්ෂයකි. ඔවුහු පෙනී සිටින්නේ ධනේශ්වර පංතිය සමග සම්මුති විරහිත පංති අරගලයක් වෙනුවෙනි. 

නිදසුනක් ලෙස, පසුගිය ජනාධිපතිවරණයේදී ඒකාධිපති මහින්ද රාජපක්ෂ පරදවා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අරගලය ඉදිරියට ගෙන යාමට අප කළ අරගලය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නම් අපගේ මෝඩකමකි. 

එහෙව් පෙරටුගාමී සමාජවාදීන් මෙහෙව් ප්‍රතිගාමී, වැඩවසම්, ආගමික ප්‍රභූ පැළැන්තියක සුළු ධනේශ්වර ඉල්ලීමක් වෙනුවෙන් දක්වන සහයෝගය ගැන පැහැදිලි කිරීමක් කරන්නට ඔවුන්ට ආත්ම ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "භික්ෂූන් යනු ආගමික ප්‍රභූ පිරිසකි"
    - බම්බුව තමයි, ඒ ඉස්සර.

    ReplyDelete
  2. Now have you restaured democracy? No culprit is punished under this democracy! Billion 45! John Amaratunga himself organized the attack against Pradesheeya Sabha members! Under your fascist democracy these are not crimes? It is unfortunate that persons like you are allowed to write your idiocies in the Internet! Your freedom fighter tried to suppress press freedom by adding clauses to the new amendment! Yahapalana democracy is based on Batalanda theory!

    ReplyDelete
  3. /* භික්ෂූන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා විශේෂ කොටාවක් ඉල්ලන.....*/

    මේ කරුණ ගැන විවිධ අය තම මත දක්වා තිබෙනු දුටුවත්, ඔය කියන ඉල්ලීම කර තිබෙන තැනක් මා තවම දුටුවේ නෑ. එය සඳහන් තැනකට සබැඳියක් දෙන්න හැකිද?

    ReplyDelete
  4. අවිශිබමය එවැන ඉල්ලීමක් කරනවා එය විහිළුවකි. විශ්ව විද්‍යාල ප්‍රවේශය යනු සැමට සාධාරණව සිදුවිය යුත්තකි. එක් එක් ජනකොටස්වලට කෝටා වෙන් කිරීම මෙන්ම භික්‍ෂූන්ට හෝ පූජ්‍ය පක්‍ෂයට කෝටා දීම ද අසාධාරණයකි. දැනටත් වඩා තාවකාලික පැවිද්දන් බිහිවෙනු ඇත.

    ReplyDelete
  5. මගේ එක් අදහසක් නම් එවන් කෝටාවක් දිය යුතු බවයි, ඒසේ විය යුත්තේ පසු කාලයක පැවිදි බව අතහරින්නේ නම් හෝ පැවිදි දිවියට නුසුදුසු ආකාරයට හැසිරුන හොත් රජය විසින් දරණ ලද සම්පූර්ණ විශ්වවිද්‍යාල වියදම පොලිය සමග ආපසු ගෙවීමේ බැදුම්කරයකට යටත්වයි.

    ReplyDelete
    Replies
    1. දවල් ද යකෝ? සිවුර පාව්ච්චි කරලා අයුතු ප්‍රයෝජන අරන් පස්සේ දාලා යන්න ලැජ්ජ නැති උන් ගෙවයි මේන් කියලා වියදම පොලියත් එක්ක..

      Delete
    2. ඔයාලා මෙතන ඇදල අරගෙන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් මිසක් විශ්වවිද්‍යාල ප්‍රවේෂයේ පවතින සැබෑ ගැටලු පිළිබදව නෙමෙයි. මම දන්න හැටියටනම් විශ්වවිද්‍යාල ප්‍රවේෂයේ නිර්මාල් රන්ජිත්ලා කියන කියන කිසිදු කොටා ක්‍රමයක් නෑ. පවතීනම් සාධක සහිතව දක්වන්න. දැනට ලංනාවේ තියෙන විශ්වවිද්‍යාලවල භික්ෂුව කියල කිසිදු භේදයක් නෑ. භික්ෂුවටත් අධ්‍යයාපනය හදාරන්න අයිතියක් තියෙනවා. වර්තමානයේ ක්‍රියාත්මක භික්ෂු කප්පාදුවෙන් ඒ අයිතිය අහිමි කරලා.ජයවර්ධනපුර කැලණිය ආදී විශ්වවිද්‍යාල ආරම්භ කලේ හාමුදුරුවරු. උන්වරන්සේලාගේ කැප කිරීම් තමයි මේ හෑල්ලුවට ලක් කරල තියෙන්නේ.

      Delete
  6. මේ ගැටළුවට ටිකක් ක්‍රියාත්මක කළ හැකි නම් ඉතාම හොඳ විසඳුමක් තියනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලුම අය කෙටි කාලයකට හෝ පැවිදි දිවියට ඇතුළු විය යුතුයි. එවිට සියලුම දෙනා භික්ෂූන් බැවින් එම අනන්‍යතාව යොදා ගන විශේෂ කෝටා ඉල්ලීම නවතීවි.
    //භික්ෂු අනන්‍යතාව භාවිතා කරමින් ......//
    මේ කාරණයට පමණක් නොවයි තවත් මේ අනන්‍යතාව භාවිත කරමින් විවිධ කටයුතුවල නිරිත වන පිරිස් බහුල වී හානිදායක මට්ටමට පැමිණ තිබෙනවා.
    පුදුමය වෙලා තියෙන්නෙ මේ තත්තවය එය සාමාන්‍ය පාලක පක්ෂයේ වගේම භික්ෂු පාලන බලය ලැබූ වගකිව යුත්තන් ද දන්නා මුත් නොදන්නවා වගේ ඉන්නවා පෙනෙන මුත් නොපෙනුනා වගේ ඉන්නවා. ඇසෙන මුත් නොඇසුනා වගේ ඉන්නවා.

    ReplyDelete
  7. සන්ඝයා වහන්සේලා ඔය ඉල්ලීම කරපු එක කොහෙද තියෙන්නෙ? අපි දැක්කෙ නම්නෑ.එහෙම ඉල්ලනවනම් එයට කිසිමසේත් අවස්තාව නොදිය යුතුයි. සන්ඝයාවහන්සේලාට එහෙම ඉල්ලන්න අයිතියක් නෑනෙ. වඩාත්ම බරපතලම කාරනය මේක බරපතල වැරදි පුර්වාදර්ශයක් වෙනවා නොඅනුමානයි.දෙමල පුජක වරුන් මෙවගේ තැන් වලදී අවස්තා වාදී නොවුනට. අනිවාර්යයෙන්ම අන්තවාදී මුසල්මානුවන් මෙකෙ එල්ලෙනවා නොඅනුමානයි.-

    ReplyDelete
  8. සන්ඝයා වහන්සේලා ඔය ඉල්ලීම කරපු එක කොහෙද තියෙන්නෙ? අපි දැක්කෙ නම්නෑ.එහෙම ඉල්ලනවනම් එයට කිසිමසේත් අවස්තාව නොදිය යුතුයි. සන්ඝයාවහන්සේලාට එහෙම ඉල්ලන්න අයිතියක් නෑනෙ. වඩාත්ම බරපතලම කාරනය මේක බරපතල වැරදි පුර්වාදර්ශයක් වෙනවා නොඅනුමානයි.දෙමල පුජක වරුන් මෙවගේ තැන් වලදී අවස්තා වාදී නොවුනට. අනිවාර්යයෙන්ම අන්තවාදී මුසල්මානුවන් මෙකෙ එල්ලෙනවා නොඅනුමානයි.-

    ReplyDelete
  9. //භික්ෂූන් යනු ආගමික සේවාවක යෙදෙන පිරිසක් මිස වෘත්තිකයන් පිරිසක් නො වේ. එබැවින් ඔවුන් රැකියා කිරීම අත්‍යවශ්‍ය නැත. එහෙත්, රැකියාවක යෙදීමට අවශ්‍ය නම් සාමාන්‍ය පිළිවෙලට එසේ කිරීමේ වරදක් ද නැත.//
    රැකියාවක් කරන අය නොකරන අයට වඩා සාපේක්ෂව යහපත්, වගකීමක් දැරීම සිඳුවීම සහ ආයතනික ව්‍යුහයන් ට අනුකූලව කටයුතු කිරීමට සිඳුවීම හේතු වෙන්න ඇති වෙනසට. ඒනිසා මේ මිනිස්සු පන්සල් වලට අරක්ගත් සමාජයට නොගැලෙපෙන බහුබූතයෝ වෙනවාට වඩා රැකියාවක නියුතු වෙනවානම් වඩා හොඳයි. හැබැයි රැකියා වේ නියුතු වෙලාවට මහන වස්තර නැතිව සරල ඇඳුමක් ඇඳගෙන ගිහි නම සහ හැඳුනුම්පත් භාවිතකරන සාමාන්‍ය පුරවැසියෝ විය යුතුයි.
    විශ්වවිද්‍යාලයට කෝටාවක් දෙන්නේ යම් සමාජ අසාධාරනයක් නිසා අන් අය සමඟ සමතලයක තරඟයකින් අවශ්තාවක් ලබා ගැනීමට අපහසු තත්වයකදීනේ, එත් පැවිදි ජීවිතයක් කියන්නේ උ/පෙ කලා විශය ධාරාවේ කරණු ඉගෙනීමට තියන ප්‍රසශ්තම තත්වයක්නේ...

    ReplyDelete
  10. //එහෙව් පෙරටුගාමී සමාජවාදීන් මෙහෙව් ප්‍රතිගාමී, වැඩවසම්, ආගමික ප්‍රභූ පැළැන්තියක සුළු ධනේශ්වර ඉල්ලීමක් වෙනුවෙන් දක්වන සහයෝගය//
    ඒ මහත්වරු සොරි සහෝදරවරු මේ ගැන මොනවද කියන්නෙ කියල මාත් බලාගෙන ඉන්නෙ.

    ReplyDelete
  11. පේරාදෙණියේ මා ඉන්නා කාලයේ (මුල් 2000 දශකය) කලා පීඨයේ සංයුතිය (බැච් එක 1000 වන විට සාපේක්ෂව):
    තරුණයින්: 100
    තරුණියන්: 800
    භික්ෂුන්: 100

    නමුත් වසර හතරක් අවසානයේ කණ්ඩායම උපාධි ලබන විට එහි සිටින භික්ෂුන් ගණන 5 කටත් වඩා අඩු ගණනක්. බොහෝ දෙනෙක් තරුණයන් ගොඩට එක්කාසු වෙලා. මා මෙය හරි හෝ වැරදි කියනවා නොවෙයි, නමුත් ඇත්ත තත්ත්වය වුණේ ඒකයි.

    මා දන්නවා සමහර නායක හාමුදුරුවන් ගෝලයන් විශ්ව විද්‍යාලයට එවීමෙන් වළක්වනවා, ඉහත හේතුව නිසාම.

    ReplyDelete
  12. this is the comment I made on Nirmal's post:

    "... විශ්ව විද්‍යාල අධ්‍යාපන අවස්ථා ලබාදීමේ දී භික්ෂුන්ට වැඩි අවස්ථා හෝ අඩු අවස්ථා ලබාදීම යන දෙකම වැරදිය. කොටින් ම භික්ෂුත්වය යන සාධකය සැලකීම ම වැරදිය. භික්ෂූන් යනු ශ්‍රී ලාංකික පුරවැසියන් වන හෙයින් සියළු ශ්‍රී ලාංකිකයින්ට හිමි ඕනෑම අයිතිවාසිකමකට ඔවුහු සම සුදුස්සෝ විය යුත්තෝය. ඔවුන් කිසියම් පාඨමාලාවක් හැදෑරීමේ නුසුදුසු කමක් වෙත්නම් එය සංඝ සමාජය සහ බෞද්ධ සමාජය විසින් තීරණය කල යුතු දෙයකි. එයට මැදිහත් වීමට බලයක් රජයට හෝ වෙන යම් ආයතනයකට තිබිය නොහැකිය. එසේම භික්ෂුන්ට සරසවි වරම් ලබා දීමේ දී අන් අපේක්ෂකයන්ට නොලැබෙන අවස්ථාවක් ලැබීමද වැරදිය. ඒ සඳහා අරගල කිරීමද නිෂ්ඵල දෙයකි. ..."

    ReplyDelete
  13. if you have no skills, be robed and enter to a uni

    ReplyDelete
    Replies
    1. and rob bread out of a poor student/ family

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා