ගෙම්බන් පිම්බීම හා නයින් ලවා දෂ්ට කරවා ගැනීම

ලංකාව ප්‍රගතිශීලී බුද්ධිමතුන් සම්බන්ධයෙන් බරපතල හිඟයකට මුහුණ දී සිටින රටකි. ඒ නිසා අරගලවලදී තිබෙන සම්පත් පාවිච්චි කරමින් මොනවා හෝ කිරීම සුලබව සිදු වන දෙයකි. 

මේ හිස් තැන හේතුවෙන් ඇතැම් හිස් පඹයෝ බැබළෙති. හොඳම උදාහරණය හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ය. 

සරත් නන්ද සිල්වා, දයාන් ජයතිලක පමණක් නොව ශිරානි බණ්ඩාරනායක වැන්නන් පවා කිසි කලක ප්‍රවර්ධනය කළ යුතු නැත. එසේම, ජාතිවාදී ඉතිහාසයක් තිබෙන මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, චම්පික රණවක වැන්නන් පවා ප්‍රවර්ධනය කිරීමේදී පරිස්සම් විය යුතු ය. පසුව කී තිදෙනා විසින් ලංකාවේ මෑත කාලීන වෙනස්කම්වලට දක්වන ලද දායකත්වය නිසා ඔවුන් සම්බන්ධයෙන් අවිවේචනීය තැනකට ගමන් කරන එක වෙන ම දෙයකි. එහෙත්, මොවුන් කෙරෙහි විශ්වාස තැබිය යුතු නැත. 

දයාන් ජයතිලක කලක් මාක්ස්වාදියෙකි. දැන් සියලු අගතීන්ගේ ජනප්‍රියවාදී සම්මිශ්‍රණයක් වන රාජපක්ෂවාදයේ අනුගාමිකයෙකි.  ඔහුට ජිනීවා සම්බන්ධ විදේශ සේවා තනතුරක් පෙන්නා කූ කූ කිව්වොත් හෙට මෛත්‍රීපාල සිරිසේනගේ දෙපයේ පැටලෙමින් පුක කැඩෙන තරමට නගුට වනනු ඇත. ඔහුට ඉංගිරිසිය ලෙලවන්නට තිබෙන හැකියාව නිසා ලංකාවේ ඇතැමෙකුට ඔහු මාර පොරකි.

සරත් නන්ද සිල්වා යනු කිසිවකුගේ විශ්වාසය දිනා ගන්නට බැරි තරම් අමනයෙකි. පසුගිය කාලයේ සමාජ වෙනසක් වෙනුවෙන් පෙනී සිටිමින් කිසියම් තත්වයක් අපේක්ෂාවෙන් බලා සිටි ඔහු දැන් එය නො ලැබෙන තැන යූ හැරවුමක් හරවා මහින්දට ප්‍රශස්ති ගයමින් සිටියි. ඔක්කොම කුණු එකතු වන බේරුවල් බොක්කක් වූ මහින්ද සන්ධාන වේදිකාවේ හෙට සරත් නන්ද සිල්වා සිටියොත් පුදුම විය යුතු නැත. 

මෙවැනි ගෙම්බන් පිම්බෙන්නට ප්‍රධාන හේතුව ලංකාවේ ජනමාධ්‍යවලට සමාජ දැක්මක් නැතිකමයි. කිසිවෙකු මාධ්‍ය වීරයකු කරන්නට පෙර එම පුද්ගලයාගේ වටිනාකම් පිළිබඳ තක්සේරුවක් කළ යුතුව තිබේ. 

ලංකාවේ ජනමාධ්‍ය විසින් පසුගිය දිනවල නයි නළඟන පවා වීරත්වයට පත් කරන ලදී. එහෙත්, ඒ ඔස්සේ ඇයට වෙළඳපොළක් නිර්මානය කර ගන්නට බැරි විය. ඒ නිසා අන්තිමේදී ජීවත් වන්නට මාර්ගයක් නැති තැන දරුවන් විකුණන්නට පවා ඇය පෙළඹුණා ය. 

එහෙත් මාධ්‍ය මගින් වීරයන් බවට පත් කරන සැබෑ නයි එහෙම නැත. ඔවුහු අනෙක් පැත්තට සමාජයට දෂ්ට කරති. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)