මෛත්‍රී ගෙදර යැවීමේ උවමනාවේ කසහඬ හෙවත් රනිල් ගෙදර යවන සාකච්ඡා

‘මේකට බාධා කරන්න එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ට කඩේ යන මාධ්‍යවේදීන් ඉන්නවා. නමුත් ඒ කිසිවෙකුට මේක නවත්වන්න බැහැ. මේක පක්‍ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්. 19 වැනි සංශෝධනය ගේනකොට යුඑන්පියට කඩේ යන එවුන් හිතාගෙන හිටියේ අපේ පක්ෂය කැඩෙයි කියල. මේක කොන්දේසි විරහිත සාකච්ඡාවක්. එක කොන්දේසියයි තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම.’

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මෙසේ පැවසුවේ පැවැත්වීමට නියමිත යයි පවසන මහින්ද - මෛත්‍රී සාකච්ඡාව ගැනයි.

මේ රටේ ජනතාවට අවශ්‍යව තිබෙන්නේ රනිල් ගෙදර යවන්න ද?

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් කොටසකට නම් මෛත්‍රී ගෙදර යවා කෙසේ හෝ මහින්ද එතැනට පත් කර ගැනීමේ උවමනාවක් ඇති බව පෙනේ. ඒ කුමට ද? 2015 ජනවාරි 08දා දක්වා කාගෙන, කාගෙන ගිය විධියට ම, එතැන් සිට රට කාගෙන, කාගෙන යන්නට ය. වෙන කුමකට ද?

එහෙත්, මේ රටේ ලක්ෂ 62ක් ජනතාව ජනවාරි 08දා තීන්දුව දුන්නේ මේ ක්‍රමය වෙනස් කරන්නට ය. පසුගිය කෙටි කාලය තුළ ආණ්ඩුව ඒ වෙනස වෙනුවෙන් යම් මූලික ක්‍රියාමාර්ග ගත්තේ ය. ප්‍රමාණවත් යයි අපි නො කියමු. එහෙත්, ආරම්භයක් ලෙස සතුටුදායක ය. 

ශ්‍රීලනිපයේ පිරිසක් මේ උත්සාහ කරන්නේ ඒ ගමන අඩාල කරන්නට ය. අපරාධ හා දූෂණ චෝදනා ඇති, රටේ ආර්ථික අනාගතය විනාශ කළ පිරිසක් නැවත බලවත් කරන්නට ය. 

ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ ඔසවා තබන්නට කැස කවන බලවේගයේ ලක්ෂණ හඳුනා ගැනීම වැදගත් ය. මේ වනාහි පසුගිය සමයේ විවිධ මාර්ග ඔස්සේ මහජන මුදල් කොල්ල කා විවිධ මට්ටම්වලින් ධනවත් වූ බලවේගයි. ඔවුන් හැමෙකෙක් ම දූෂණවලට සම්බන්ධ නිසා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය. ඔවුන් නීතියෙන් ගැලවී සිටින්නේ දේශපාලන රැකවරණයෙනි. මහින්ද විසින් නීතිය යනු තමන්ගේ සතුරන් අල්ලා ගත හැකි, බත්බැලයන්ට රිංගා යන්නට සිදුරු සහිත ව්‍යූහයක් බවට පත් කර තිබේ. බිම් මට්ටමේ ශ්‍රී ලංකාකාරයන් යනු ජනතාවට එපා වූ සොරුන් හා මැරවරයන් පිරිසකි. මේ පක්ෂය පදනම් වී තිබෙන්නේ ඔවුන් මත ය. එහෙත්, ශ්‍රීලනිපයට අනාගතයක් තිබෙන්නේ මේ පිරිස බැහැර කර නවීන පක්ෂයක් බවට පත් වන්නට හැකි නම් පමණි. 

මේ මොහොතේ ඇති කලබලකාරිත්වය තේරුම් ගැනීම වැදගත් ය. මේ කලබලය තිබෙන්නේ කාට ද? රටේ යහපාලනය ස්ථාපිත වුවහොත් යන එන මං නැති අයට මිස වෙන කාට ද? 

ජනාධිපති මෛත්‍රී රටට ආදරය කරන නායකයෙක් නම් ඔහු කළ යුතුව තිබෙන්නේ මේ රැල්ලට හසු වීම නො වේ.  එසේම, මෙය මහ ලොකු රැල්ලක් ද නො වේ. මොන නාඩගම් නැටුවත් මේ රැල්ලට ආයුෂ තිබෙන්නේ ඊළඟ මහ මැතිවරණය අවසන් වනතුරු පමණි. 

එහෙත්, මෙම බලවේගයේ අතිධාවනාකාරී මානසිකත්වය හොඳින් තේරුම් ගත යුතු ය. මේ බලවේගයේ මානසිකත්වය සංකේතවත් කරමින් ජනවාරි 09දි මැදමුලනට රැස් වූ මහින්දවාදී බැලයකු ප්‍රසිද්ධියේම මහින්දගෙන් ඇසුවේ මරලා හෝ බලය අල්ලා නො ගත්තේ ඇයි ද කියා ය. 

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාලගේ ආරක්ෂාව සම්බන්ධ බරපතල ගැටලු රැසක් මතු වී තිබේ. ඇතැම් ආරක්ෂක දුබලතා ජනාධිපතිවරයාගේ ජීවිතයට අනතුරක් සිදු කිරීමේ පෙරහුරු ක්‍රියා ලෙස සලකන්නට පවා පුළුවන. 

ඉදිරි දේශපාලනය සංකීර්ණ ය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ජනතා අරගලය කුමන තත්වයක් යටතේ වුව මොට කළ යුතු නැත. 

පක්ෂ දේශපාලනය වෙනුවට, ‍ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ හා යහපාලනය ස්ථාපිත කිරීමේ අරමුණ වෙනුවෙන් ජනතා වැඩසටහනක් නිර්මානය කළ යුතුව තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මුන් අවුරුදු ගානක් තිස්සේ ජනතාවගේ සල්ලි හොරා කාලා, ඒවයෙන් බඩු ගහලා, රට සවාරී ගහලා, දිවිය ළෝක සැප සම්පත් විඳලා, දැන් ඒවා නැති උනාම පිස්සු වැටිලා ඉන්නේ. සිරා ඉල්ලන් කනවා නම් අපිට කරන දෙයක් නෑ. අඩි යටක් පස යටට දානවා කියලා කිව්වේ අපි නෙමෙයි නේ. එයාමනේ. එහෙම එකා එක්ක සාකච්චාවට යන එකාගේ මොළේ නරක් වෙලාද කියලා අර මුතු හෙට්ටියා පෙන්නපු දොස්තර මහත්තයට පෙන්නලා සහතිකයක් ගත්තා නම් කෝකටත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. // සිරා ඉල්ලන් කනවා නම් අපිට කරන දෙයක් නෑ. //

      සිරිසේන වනාහී වැඩි බලය ඇති එකාට අල්ලන දේශපාලන ගනිකාවක් බව කවදා තේරුම් යයිද?

      Delete
  2. මෛත්‍රී අතට හම්බුන නොබෙල් තෑග්ගට පයින් ගහන්නයි යන්නේ!

    ReplyDelete
  3. මරා ශ්‍රීලනිපයේ අගමැති අපේක්‍ෂක ලෙස හෝ නැතිව හෝ ශ්‍රීලනිපයෙන් එනවානම් . වම්පික වැනියවුන්ට මනාපයක් දෙන්න හිතාගෙන ඉන්න චන්දදායකයාට වන්නේ එක්කෝ UNPයට කතිරය ගැසීම හෝ චන්දය දීමෙන් වැලකීසිටීම පමණි

    ReplyDelete
  4. යකෝ දැන් UNP කාරයෝ , වාමාංශිකයෝ කවුද කියල හොයා ගන්න බැහැ නේ. සල්ලි පොතු වල බලේ , සල්ලි පොතු වල බලේ ... ආචාරියා (අනුර කුමාර ) හිටගෙන කොරනකොට ගෝලයෝ (පැරකුම්ස් ) දුව දුව කොරනවා.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් දැක්ක හරි ලස්සන සහ ඇත්ත කමෙන්ටුවක්...

      Delete
    2. පට්ට කොමෙන්ටුව ලොක්කා

      Delete
  5. /*මේ රටේ ජනතාවට අවශ්‍යව තිබෙන්නේ රනිල් ගෙදර යවන්න ද?*/

    රනිල්ව බලයට ගෙනාවේ රටේ ජනතාවද ?

    ReplyDelete
    Replies
    1. එහෙම හිතාගෙන ඉන්න හරක් කොටසකුත් ඉන්නවා...

      Delete
    2. සම හරක් ටිකක් ජනාධිපතිවරණයට කලින් කිය කිය ඇවිද්ද "මෛත්‍රී දිනවල අපි මොකටද රනිල්ට අගමැතිකම් අරං දෙන්නෙ" කියල. ඒ හරක් දැන් තවත් ප්‍රශ්න අහනව.

      Delete
    3. ///"මෛත්‍රී දිනවල අපි මොකටද රනිල්ට අගමැතිකම් අරං දෙන්නෙ" ///
      එහෙම කිව්වේ තමන්ටත් ඉස්සරහදි කෙළවෙනවා කියල දැනගෙන අතකට පිහිදගෙන, කට වහගෙන පැත්තකට වෙච්ච අයද... ;)

      Delete
    4. රනිල් රෝයල් කොල්ලෙක් රාජ්... ඉතින් ඔය ගම වටේ කොඩි වැල් ඇදලා, පෝස්ටර් ගහලා අපේ රෝයල් කොල්ලව අප් කරලා දෙන්න....

      Delete
    5. මෛත්‍රි ජනාධිපතිකමට ඉල්ලනකොට කිව්වා රනිල් අහ්මැති කරන බව

      Delete
    6. කියපු බව අපිටත් මතකයි...
      නමුත් ඒ මේ ක්‍රමයෙන් කියල කිව්වේ නැහැ, ආණ්ඩුවක් පිහිටවන අපි දන්න සාමාන්‍ය ක්‍රමයෙන් ඔබ්බට ගියපු බලහත්කාර කමෙන් එහෙම කරනවා කියල ඔහු කිව්වේ නැහැ...

      ජන්දයකින් ඔහු පත් වෙනවනම්, අලුත් ආණ්ඩුවක් පිහිටවනවානම් ගැටළු ඇතිවෙන එකක් නැහැ...

      Delete
    7. //එහෙම කිව්වේ තමන්ටත් ඉස්සරහදි කෙළවෙනවා කියල දැනගෙන අතකට පිහිදගෙන, කට වහගෙන පැත්තකට වෙච්ච අයද//

      ලොකුපුතා මේ මොකද්ද කියන්නෙ?තව පොඩ්ඩක් තේරුම් කරන්න පුළුවන්ද?

      (උඩම කමෙන්ටුවටයි මම උත්තර දුන්නෙ)

      ආයෙත් ලොකුපුතා,
      //නමුත් ඒ මේ ක්‍රමයෙන් කියල කිව්වේ නැහැ//
      ආණ්ඩුවක්/අගමැති කෙනෙක් පත්කලයුත්තේ කවුද/කොහොමද කියල ව්‍යවස්ථාවෙ තියනව. ජනාධිපතිට පුළුවන් අගමැති පත් කරන්න. ඊට කවුරුහරි විරුද්ධ නං පාර්ලිමේන්තුවෙදි බේරගන්න පුළුවන්.
      හැබැයි ඒකට පාර්ලිමේන්තුවෙ ඉන්න කට්ටියට (මං කියන්නෙ ලොකුපුතාගෙ කට්ටියට) කොන්දක් තියෙන්න ඔ්න. ඔය පැන්ෂන් එක නැතිවෙයි වගේ කාරණා මේකට අදාල කරගත්තොත් නං අමාරුයි පුතේ.
      විධායක බලතල කැපීමට/සම්පූර්ණයෙන් අහෝසි කිරීමට අපි පක්ෂ වෙන්නෙ එ්කයි. ජනාධිපතිට පාර්ලිමේන්තුව නටවන්න බැරි වෙන්නෙ ආං එතකොටයි.(ලොකුපුතාගෙ එක්ස් රජතුමා 18 ගෙනල්ල කලේ දැන් ඔය ලොකුපුතාල අකමැති බලතල සහිත ජනාධිපති තවත් ශක්තිමත් කිරීමයි)
      19න් කලේ ටිකක් විතර බලතල කැපීම. දැන් හිතූ හිතූ වෙලාවට විසිරුවාහරින්න බෑ.

      Delete
  6. පැරකුම්ස් කොමරේඩ් .. ආ වැරදුනා ධනවාදයේ කොමරේඩ් ල නෑ නේ.. පැරකුම්ස් පාර්ට්නර් (ද ?) , මොඩරේෂන් අයින් කරන්න අදහසක් නැතෙයි ? ඔහේගේ හිට් ප්‍රස්තාරේ ලංකාවේ යහපාලන CSEALL:IND වගේ ඇති නේද ?

    ReplyDelete
  7. මේවා මරා පඩත්තලයින්ගෙ දවල් හීන...
    ඊලග චන්දයෙදි එජාපය බහුතරය ගන්නවා.. අරන් ආන්ඩුව පිහිටුවනවා....
    2025 වෙනකම් අගමැති රනිල්....

    ReplyDelete
    Replies
    1. kewaa nam biuwaa nam budiya ganin ban ranil wage hina dakin nathuwa hitan

      Delete
    2. අපරාදේ දිගටම අගමැති වෙලා ඉන්න හදන්නේ, ඇයි ඊළඟ වතාවේ ජනාධිපති කොමට ඉල්ලන්නේ නැතෙයි
      පව් නේද ඒ රන්න පොනිලයි උගේ පස්සේ යන ලොල්ලො ටිකයි

      Delete
  8. //මේකට බාධා කරන්න එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන්ට කඩේ යන මාධ්‍යවේදීන් ඉන්නවා. නමුත් ඒ කිසිවෙකුට මේක නවත්වන්න බැහැ. මේක පක්‍ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්//

    පව් මේ ඩිලාන් බබා. බබාට මතක නැතිවෙලා ජනවාරි අටට කලිනුත් මේවගේ 'අභ්‍යන්තර' කේස් එකක් තිබුන කියල.

    ReplyDelete
  9. @පැරා, දැන් මේකෙ කමන්ට් දාන්නෙ බයියො විතරයි වගේ.

    ReplyDelete
  10. හංසයකුගේ අහිංසක - ධනාත්මක - ඒකායන පැතුම!

    - මෛත්‍රී-මරා සාකච්චා බිඳ වැටෙනු ඇත!
    - පාපිසි කල්ලියට ශ්‍රිලනිපයෙන් නාම යෝජනා නොලැබෙනු ඇත!
    - පාපිසි කල්ලියේ කීප දෙනෙක් දූශන චෝදනා වලට අත් අඩංගුවට ගැනෙනු ඇත!
    - මරා සහ පාපිසි කල්ලිය (ඉතිරි අය ) වෙනම මැතිවරනයට ඉල්ලන තැනට කටයුතු යෙදෙනු ඇත!
    - මරා, අවසන් මොහොතේ නාම යෝජනා දීමෙන් කර අරිනු ඇත!!
    - තුන්වෙනි බලවේගය සඳහා ජවිපෙ සහ මරා කල්ලිය අතර තරඟයක් ඇතිවෙනු ඇත!
    - අගමැති ර්‍අනිල් සමග එජාප-ශ්‍රීලනිප ජාතික ආන්ඩුවක් හැදෙනු ඇත!
    - වාසුදේව, ඩිව්, තිස්ස විතාරන, දිනේශ්ට ආසන අහිමි වීමෙන් ඔවුන්ගේ දේශපාලන ගමන අවසන් වනු ඇත!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මහින්ද වාදියෙකු ගේ අහිංසක - ධනාත්මක - ඒකායන පැතුම!

      බෙහෙත් බීවාම අමාරුව සනීප වී Dimithri පිස්සන් කොටුවෙන් එලියට එනු ඇත-

      Delete
  11. රාජපක්ෂ ආයෙත් ඉල්ලන්නෙ නෑ.. මොකද පාර්ලිමේතු මැතිවරනයකට ඉල්ලනවනම් හිටපු ජනාධිපතිවරයෙකු වෂයෙන් රාජපක්ෂ බුක්තිවිදින වරප්‍රසාද සියල්ල අහෝසි වෙලා යනවා...
    ඒක තමා රටේ නීතිය...

    ReplyDelete
  12. - අගමැති රනිල් සමග එජාප-ශ්‍රීලනිප ජාතික ආන්ඩුවක් හැදෙනු ඇත!

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා