සුන්දර මනසක විරාමය හෙවත් ජෝන් නෑෂ්ගේ මරණය

ජෝන් හා ඇලීෂියා
ජෝන් නෑෂ් නොබෙල් තෑග්ග දිනාගෙන කීර්තියට පත් වූ‍යේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද ගණිතමය සංකල්ප වෙනුවෙනි. විශේෂයෙන් ම, Theory of Games හා නෑෂ් සමීකරණය වෙනුවෙනි. 

එහෙත්, ඔහු ලෝකයක ආදරය දිනා ගත්තේ A Beautiful Mind චිත්‍රපටය නිසා ය. 

2001දී රොන් හොවාර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ ජෝන් නෑෂ්ගේ චරිතය රඟපෑවේ රසල් ක්‍රෝ ය. චිත්‍රපටය විසින් තේමා කර ගනු ලැබුවේ නෑෂ්ගේ භින්නෝන්මාද මනසෙහි විචිත්‍රත්වයයි. 

ජෝන් නෑෂ්ගේ බිරිඳ ඇලීෂියා ඔහුට මානසිකව ගොඩ ඒමට මහත් සේ උපකාර කළේ ය. 1957දී විවාපත් වූ ඔවුහු 1962දී දික්කසාද වූ හ. එහෙත් සමීපව ජීවත් වූ ඔවුහු නැවතත් 2001දී විවාහ වූ හ. 

ජෝන් නෑෂ් හා ඇලිෂියා ඊයේ ටැක්සි අනතුරකින් මිය ගිය හ. ඔවුහු ආසන බඳ පටි පැළඳ නො සිටි බව කියැවේ. මිය යන විට නෑෂ් 86 හැවිරිදි වූ අතර ඇලීෂියා 82 හැවිරිදි විය.

ලස්සන මනසක් ගැන කියවෙන මෙම සුන්දර චිත්‍රපටය බයිස්කෝප් වෙබ් අඩවිය ඔස්සේ ටොරන්ට් මගින් බා ගත හැකි ය. 

දේශපාලනය හා භින්නෝන්මාදී මනස පිළිබඳ සාකච්ඡා කරමින් ශාස්තෲ නවකතාව ලියන්නට මා පෙළඹුණේ මෙම චිත්‍රපටය නිසා ය.  

කියවන්න:

ශාස්තෲ ලියන්නට මා පෙළඹවූ ලස්සන මනස | A Beautiful Mind that compelled me to write Shasthru


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඉතින් අපට පාන්ද?

    ReplyDelete
  2. උතුරු ඇමරිකාවේ ටැක්සිකාරයින්ට ලංකාවේ ත්‍රීවීලර්කාරයින් ගෙන් ටියුෂන් දෙන්න වටිනවා.

    ReplyDelete
  3. A beautiful mind; a beautiful film. In fact Nash is an interesting character. Wish peace to their souls!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. //බටහිර විද්‍යාව පුහු බොරුවක් බවට සනාථ කළ මහාචාර්ය නලින් ද සිල්වා// ඔය මිනිහ තරම් කුහක මෝඩයෙක් කවදාවත් දැකලා නැහැ. කියව කියව ඉන්න මිසක් කරපු එකම ඵලදායක දෙයක් තියෙනවද ? වැඩ තහනම් වෙලා අවුරුදු 13ක් පිනට බත් ගිල ගිල ගෙදර නිකම් හිටියේ ඔය තරම් ප්‍රාඥයා. අඩුම ගානේ තේ කඩේක ගණන් එකතු කරන රස්සාවක් වත් කලේ නැහැ. මේ වගේ ලෝකෙට පරකාසේ කොර කොර ඉන්න මැටි බුරුවො තමයි ලංකාවේ ඉන්න මෝඩයන්ට එක බානේ බදින්න ගැලපෙන්නේ. ඔය නලින් කාරයාගේ අවලම් කටයි තේරෙන්නේ නැති වචන ටිකයි ඇරුනම වෙන කොරපු එකම දෙයක් තියේනම් කියමු බලන්න ?

    ReplyDelete
    Replies
    1. නලින්ද ඔය ඬැඩ තහනම් කාලේ වසරක් විතර අප්‍රිකානු රටකට ගිහින් වැඩ කළ බව එහේ ඉඳන් ලියපු ආගිය කතා ලිපියක් නිසා මට මතකයි.

      Delete
    2. ර.ලො. මම ඒගැන දැනගෙන සිටියේ නැහැ. නිවැරදි කිරීමට ස්තුතිය්. කොහොම වුනත් කොමෙන්ට් එක දාපු කෙනා එක අකුලාගෙන. සන්තෝසෙට වෙන්න ඇති. මම දන්නා අයුරින් නම් ඔහුගේ නම "නලින් ද සිල්වා" මිසක් "නලින්ද සිල්වා" නෙවෙයි. කොහොම වුනත් අපේ අය ප්‍රඥයෝ කියන්නේ ඔය වගේ තැන තැන විකාර කියව කියව ඉන්න උන්දලට මිසක් නව දැනුම සොයල පේටන්ට් කරන පර්ය්ෂකයන්ට නොවෙයි නේ.

      Delete
    3. නලින් ද සිල්වා ප්‍රාඥයාණන් අවඥාවට ලක් කරන, ග්‍රීක-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනයෙන් 'ඉන්ටලෙක්චුවල්' බව්තීස්මය ලැබූ බටහිරට කත් අදින බත් බැළයින්ට කීමට ඇත්තේ එක දෙයකි. රැම්සේගේ කලනයේ සිට ෆේන්මන්ගේ ක්‍රෝමොඩයිනමික්ස් දක්වා ඇති පට්ටපල් පච කන්දරාව වනපොත් කරමින්, බටහිර පඬියන්ට දිය කච්චිගාමින් තොපි ඔහේම මක බෑවිලා පලයව්.
      තව නොබෝ දිනකින්, නාථ සහ විපස්සක ප්‍රමුඛ, තිස් තුන් කෝටියක් සම්‍යයක් දෘෂ්ඨික දේවතාශිර්වාදයෙන්, මතු බුදුවන, බුද්ධ බන්ධු මහින්ද රාජපක්ෂයන් නැවතත් පදිවි ආරූඪ වනු ඇත. ඉන් පසු, අධ්‍යාපන ඇමති ලෙස පත්වන නලින් ද සිල්වා වියතාණත් සිය කර්තව්‍යය අරඹනු ඇත. ගණීතය, භොතික විද්‍යාව වැනි බටහිර කෙප්ප සියල්ල නිර්දේශ වලින් අතු ගෑවී යනු ඇත. ඒ වෙනුවට හෙළයාගෙ සූ සැට ශිල්පය ආදේ්‍ය වනු ඇත.ඈලෝපති බයිපාස් බෙලි කැපිලි වෙදකම වෙනුවට වෙනුවට පිණ්ඩ තෛලය අාදේශ වනු ඇත. ආසනික් විෂ පළිබෝධනාශක වෙනුවට, කෙම් ක්‍රම, කංකාරි නැටීම සහ පිරිත් කීම (අලි පැනීමේදී) වැනි දේශීය කෘෂිකාර්මික වත් පිළිවෙත් ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත. ඒ මතු නොව, පරිසරනාශක අභ්‍යන්තර දහන එන්ජින් මත පදනම් වූ බටහිර ප්‍රවාහන තාක්ණය බේරුවල බොක්කෙන් වීසි වනු ඇත. ඒ වෙනුවට, ආදි හෙළයාගේ විශ්මිත නිමැවුමක් වූ, චිත්ත බලයෙන් ක්‍රියා කරන, සීරෝ එමීශන් දඬුමොනර නැවත හඳුන්වාදෙනු ඇත.

      @AnonymousMay 26, 2015 at 6:00 AM
      //කියව කියව ඉන්න මිසක් කරපු එකම ඵලදායක දෙයක් තියෙනවද ?//
      - පරයා, තොට කියන්න තියෙන්නේ ‍මෙච්චරයි. නලින් ද සිල්වා යනු තෝ වගේ පුක (© කකා, 2014) හමයකන් බටහිරට කඹුරන බැළයෙක් නෙවියි. එතුමා විසින් දායාද කෙරෙන් එකම දෙය චිනත්නයයි. එසේ නොමැතිව, තොපි කරන විධියට, පුක (© කකා, 2014) කැඩිච්ච කඩි වගේ කම්කරු වැඩ නෙවයෙි යකෝ. එතුමා අයිත් වෙන්නේ තොපි වගේ බැළයින් කුලකයට නොව බුදුන් වහන්සේ, ජේසු තුම්, මෝසස්, පොල්පෝට්, සොක්‍රටීස් වැන් දාර්ශනිකයින් අතරටය. තෝ කියන හැටියට උන් කරෙත් බත් ගිලින එකද? බටහිරින් කර අඹාගත් තොපි, කකා වගේ කාළකන්නින්ට මේ පින් බිමට වී (ඇල් හාලේ) බත් ගිලින වාසනාවවත් නැති බව හිතා ගනියවු.

      @AnonymousMay 26, 2015 at 1:18 PM
      //කොමෙන්ට් එක දාපු කෙනා එක අකුලාගෙන//
      අකුළාගන්න මේක තොගේ ආච්චිගෙ පැදුරද යකෝ?

      Delete
    4. //බුද්ධ බන්ධු මහින්ද රාජපක්ෂයන්// එල එල!!!! ලියපු විදියෙන් නම් මීවනපලානේ උත්තමය වෙන්ට ඕනේ!!! දැන්නේ තේරුනේ!!! ආයේ බ්ලොග් ලියපන් බන්. වර්ගපූර්නිකව බලන්න ආසයි !!!!!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා