මළවුන් සැමරීමෙන් අතීතය ප්‍රතිනිර්මානය කළ නො හැකි ය

රජය යුද ජයග්‍රහණය සමරන්නේ නැතිව සිටින්නට ගත් තීරණය ජාතීන් අතර සංහිඳියාව සඳහා ඉවහල් වන බුද්ධිමත් පියවරකි. 

ඒ අතර, යුද්ධයේදී මිය ගිය ඥාති මිත්‍රාදීන් හා දේශපාලන සගයන් සිහිපත් කිරීම සඳහා මිනිසුන්ට හා සංවිධානවලට ඇති අයිතියට ගරු කළ යුතු ය. 

යුද්ධයේදී මිය ගිය හමුදා සෙබළා සිහිපත් කිරීමට තිබෙන අයිතිය දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයා සිහිපත් කිරීමට ද තිබේ. ඒ ගැන කිසිවෙක් කෝප විය යුතු නැත. ජයග්‍රාහී පාර්ශ්වයේ සිටියත්, පරාජිත පාර්ශ්වයේ සිටියත්, ඒ සියල්ලෝ ම මේ රටේ මිනිස්සු ය. 

යුද්ධයේදී දෙපාර්ශවය ම මානව හිමිකම් උල්ලංඝනය කළ හ. යුද අපරාධ කළ හ. දෙපාර්ශ්වය ම තම තනි බලයක් ගැන සිතුවා මිස බලය බෙදා ගැනීම ගැන නො සිතූ හ. ජනතාව බලවත් කිරීම ගැන රජයවත්, කොටි සංවිධානයවත් සිහිනෙන් හෝ නො සිතූ හ. 

මෙම යුද්ධය ඇති වන්නට ඓතිහාසික හේතු තිබිණි. ඒ ගැටලුවලට තවම විසඳුම් දී නැත. යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය විය. කොටි සංවිධානයේ බලය තීරණාත්මක ලෙස දුර්වල වූ ලංකාව වෙනස් ලංකාවකි. ඒ වෙනස් ලංකාවට අද අවශ්‍යව ඇත්තේ වෙනස් දේශපාලනයකි. 

ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම දෙමළ හෝ සිංහල වෙන ම රාජ්‍යයක් බිහි කර ගැනීම නො වේ. කළ යුතුව තිබෙන්නේ ජාතික සීමාවන් ඉක්මවා ගිය දේශපාලන ප්‍රජාවක් වෙත චලනය වීම සඳහා සමාජය දිරි ගැන්වීමයි. 

ඒ සඳහා ජාතීන් අතර සංහිඳියාව වැදගත් ය. ජයග්‍රහණ සැමරුම් එයට බාධාවකි. 

එහෙත්, යුද්ධයෙන් මිය ගියවුන්ගේ ඥාති මිත්‍රාදීන්ට හා දේශපාලන සගයන්ට ඔවුන් සැමරීමට අයිතියක් ඇත. එය අනෙක් අය බියපත් විය යුතු කාරණයක් නො වේ. මළවුන් සැමරීමෙන් අතීතය ප්‍රතිනිර්මානය කළ නො හැකි ය.

යුද්ධය නිසා මියගියවුන් වනාහි යුද්ධය නම් මේ විෂම චක්‍රයේ ගොදුරු මිස යුද්ධයේ වගඋත්තරකරුවෝ නො වෙති. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කව්ද කිව්වේ සමරන්නේ නෑ කියලා.. මාතරදි සමරනවා.. සිරිසේනට උනත් මී හරක් ටික ඡන්දෙදි ඕන වෙනවනේ...

    ReplyDelete
  2. දැන් වසර හත අටක් තිස්සේ මගේ ඊ-මේල් අත්සනේ අග තියෙන වැකිය මෙයයි!

    "I only like war when it is made in Hollywood."

    ReplyDelete
    Replies
    1. After 7-8 years, now you can correct it-
      "I like war only when it is made in Hollywood".

      Delete
  3. දෙවන ලෝක සංග්‍රාමයෙන් මියගිය මිත්‍ර හමුදා සොල්දාදුවෝ සමරන අවස්ථා ගැන අහලා තිබුනාට සතුරු හමුදාවල මියගිය අය සමරන අවස්ථා ගැන අහලා තියෙනවාද?
    විකිපීඩියා එකට අනුව දෙවන ලෝක සංග්‍රාමයෙන් මියගිය ජර්මන් සොල්දාදුවන් සිහිකිරීමට ජර්මනියේ යුද ස්මාරකයක්වත් නෑ. http://en.wikipedia.org/wiki/War_memorial

    ReplyDelete
    Replies
    1. සමරන්නෙ සතුරු හමුදාවල අය නෙවෙයි පැටියෝ ඔය ගොල්ලන්ගෙ ආදරණීය හමුදාව ගිහිල්ලා ගම් පිටින් විනාස වෙන්න බෝම්බ අතාරින කොට මැරිච්චි අහිංසක දෙමළ මිනිස්සුන්ව.

      මොළේ පුංචි හන්දා ටිකක් තේරුම් ගන්න අමාරුයි වගේ නේද?

      Delete
    2. ඒ අහිංසක මිනිස්සුන්ට තිබුනනෙ LTTE කාරයින්ව හමුදාවට අල්ලලා දෙන්න.
      මේක විද්‍යාත්මකව කියනවා නම් සිගරැට් බොන අයගෙන් 90%කට පෙනහලු පිලිකා හැදෙන්නේ නෑ නමුත් පෙනහලු පිලිකා හැදෙන අයගෙන් 99%ක් සිගරැට් බොනවා. (කාලෝ ෆොන්සේකා) මේ ආකාරයට සැලකුවොත් LTTE එකට විරුද්ධ නොවන හැම දෙමළාම ත්‍රස්තවාදියෙක්.
      ජර්මනියෙනම් අඩුගානේ බර්ටෝල් බෙෂ්ට් වත් හිටියා (මිනිහගේ කට විතරයි කියන එක අමතක කරමු) ලංකාවේ දෙමලුන්ගෙන් කවුද දෙමල අන්තවාදයට එරෙහි වුනේ.

      Delete
    3. මං කිව්වේ සතුරු හමුදා සොල්දාදුවෝ ගැන මිස යුද්ධය්න් මිය ගිය සාමාන්‍ය මිනිස්සු ගැන නෙවෙයි පැටියෝ

      Delete
    4. AnonymousMay 18, 2015 at 12:46 PM
      එතකොට ඔයගොල්ලන්ගේ ආදරණීය ප්‍රභාකරන්ගේ කට්ටිය අහිංසක සිංහල මිනිසසුන්ව මරලා දැම්මේම නැද්ද?

      Delete
    5. මේවාට දිගින් දිගට ලියලා කාලය නාස්ති කර ගත යුතු නෑ. මේ සංශුද්ධ සිංහල ජාතිවාදය. 1983 දි දෙමළ කඩ කැඩුවේ මේ උඩ ඉන්න තුන් දෙනාගෙ අප්පල බාප්පලා මහප්පලා වෙන්න ඕනැ.

      Delete
    6. දැන් නැවතත් ඇතිවී ඇත්තේ සංක්‍රාන්ති සමයකි. මින් පෙරද මෙබඳු සුලු ජාතික අන්තවාදීන් මෙන්ම බෙදුම්වාදීන් බලවත්ව සිංහල ජාතිවාදීන්ට එරෙහිව නැගී සිටියහ. අනතුරුව සිංහල ජාතිවාදීන් වඩා බලවත්ව නැගී සිට ඔවුන් නන්නත්තාර කලහ. නැවතද අතීතය ප්‍රතිනිර්මාණය වෙමින් ඇත. කලින් වතාවේ සිංහලයෝ රාජපක්ෂ යටතේ රොක් වූහ. තවම ඔවුන්ට නිසි නායකත්වයක් නැත. නමුත් ඔවුහු දිනෙක අලුත් නායකයකු යටතේ නැගී සිටිනු ඇත. ඔවුන් වඩා රෞද්‍ර ලෙස සහ අනුකම්පා විරහිත ලෙස නැගී සිටිනු ඇත.

      2000 සිහළ උරුමයටත් 2004 ජා.හෙ.උ. ටත් වඩා සියගුණයක් 2010 බො.බ.සේ. රෞද්‍ර විය. මෙරට සිංහල ජාතිවාදය නැගීසිටියහොත් එය අතිශය භයානක වනු ඇත. එබැවින් අප කලයුත්තේ සිංහලයාගේ ප්‍රශ්නයද තේරුම් ගෙන සාමූහිකව සියලු ජාතීන්ට එකඟ වියහැකි විසඳුමක් ගැන සිතීමය. මෛත්‍රී-රනිල් රජය මෙය තේරුම්ගෙන සිටින බව පෙනේ. කෙසේ හෝ සියලුම ආකාරයේ ජාතිවාදී ප්‍රවණතාවන් පරදා වඩා සාධාරණ විසඳුමක් සෙවිය යුතුය. සුලු ජාතික ජාතිවාදයට උඩගෙඩි දී සිංහල ජාතිවාදීන් ගර්හාවට ලක් කිරීම අතිශය භයානක වනු ඇත.

      Delete
  4. ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවන තුරු හමුදා සෙබලුන් වීරයන්ය.
    ත්‍රස්තවාදීන් තුරන් වූ කල ඔවුනගෙන් වැඩක් නැත.
    ඔවුන් දිවි දුන්නේ සිංහලුන් වෙනුවෙන් පමණක් නොවේ.
    නමුත් අපගේ නිදහස වෙනුවෙන් කළ කැපවීම සැමරීම නොකළ යුතු දෙයක් බවට පත්ව ඇත.

    ReplyDelete
    Replies
    1. කෝච්චි නැති රටක එන්ජින් ඩ්‍රයිවර්ලාගෙන් වැඩක් නැතුවා වගේම යුද්ධ නැති කාලෙක යුද්ධ භටයින්ගෙන් වැඩක් නෑ තමයි. අනෙක් හැමෝම වගේ යුද්ධ හමුදා භටයින් කරන්නෙත් රස්සාවක්. ඒකට පඩි ලැබෙනවා. වෙනත් වෘත්තිකයින්ට වඩා වරප්‍රසාද රාශියක් ලැබෙනවා. වෙනත් රස්සාවල ඉන්න කාටවත් මැරුණයින් පස්සෙ වැන්දඹුවට උසස්වීම් එක්ක වැටුප් ගෙවන සිරිතක් නෑ. වෙනත් රස්සාවල ඉන්න කාටවත් දරුවන්ට ජනප්‍රිය පාසල් වල 8% ක කෝටාවක් නෑ. ඒ කාලෙ වෙන කරන්න දෙයක් නැති නිසා ආණ්ඩුව උන්ට රණවිරුවො කියලා මාර තැනක් දීලා යුද්දෙට ඇරියා. යුද්දෙ ඉවර වෙච්චි ගමන් තණකොළ කපන්න දැම්මා. සොල්දාදුවො මාරයි කියලා හිතන්නෙ උඹ වගේ නිවටයෝ තමයි.

      Delete
    2. යමෙකුට පසුපසින් ගොස් පහර දීම බියගුළු කමකි. නිර්ණාමිකව අදහස් දැක්වීම නීච දීන නිවටකමකි.

      Delete
    3. මචං බලු වලිගෙ ඇදේ ඇරියත් උඹේ නිවට කම නම් යන පාටක් නැහැ. මහින්දටම කඹුර කඹුරා ඉඳපන්. උඹල ඔක්කෝම උගෙ ගිය ආත්මෙ ණයකාරයොද කොහෙද!

      Delete
    4. හමුදාව ගැන කතා කිරීම මහින්දට කඩේ යාමක් කියල හිතන එක තරම් මෝඩකමක් තවත් අැත්ද?

      Delete
    5. AnonymousMay 19, 2015 at 9:19 AM - හොරෙන් අදහස් දැක්වීම මහින්දට කඩේ යනවාට වඩා නිහීන දීන තුච්ඡ කමකි.

      Delete
  5. methanadi yuddaya nemine samaranne yudde awasanayane?

    ReplyDelete
  6. යුද්ධ සෙබලුන් අප වෙනුවෙන් "ජීවිත පූජාවක්" කළා කියා මම නොසිතමි. ඔවුන් වැඩ කළේ වැටුපටය. ඒ වැටුප ලබා දුන්නේ අපට සූරා කා අපෙන් ලබා ගත් බදු මුදලිනි. එනිසා සමාජය යුද සෙබලුන්ට හෝ යුද සෙබලුන් සමාජයට අමුතු ණයක් නැත.

    නමුත් සිරිසේන ලොක්කාටත් ඡන්ද ඕනෑ නිසා තව ටිකක් කල් උඩ දාගෙන ගියාට කමක් නැත. මැතිවරණයෙන් පස්සෙ ආපහු කට්ටියම කඩ වල වැඩට, පාරවල් අතු ගාන්න, ලොක්කන්ගෙ බේබිලා ඉස්කෝලෙ එක්ක යන්න, මැඩම්ලා ෂොපින් යනකොට බෑග් උස්සගෙන යන්න දැමිය හැක.

    ReplyDelete
    Replies
    1. නිර්ණාමිකව අදහස් දක්වන්නන් නිහීනයන්ය.

      ඔවුන් රැකියාවක් කළ බව සැබෑ නමුත් ඒ රැකියාවේ වෙනස නම් කුමන මොහොතක හෝ ජීවිතය අහිමිවීමය. මේ නිර්ණාමිකව අදහස් දක්වන ඔබ ක්‍රිකට් ක්‍රීඩකයකු වීරයකු ලෙස සිතනු ඇත. ඔහුද කරන්නේ රැකියාවකි. නමුත් ඔහු දැවී ගියා පමණින් ජීවිතය අහිමවන්නේ නැත. යුද සෙබලා එසේ නොවේ. කුමන මොහොතක හෝ ඔහුගේ ජීවිතය අහිමි වෙයි. ඔහුගේ මරණයෙන් සතුරා අප වෙත පැමිණෙන්නට ඇති ඉඩ මොහොතකට පමා කරයි. එවිට ඔබට මෙවැනි අදහස් පළකරමින් සිටින්නට කාලය තවත් ලැබේ.

      Delete
  7. කිසිදු යුද්දයක ජයග්‍රහකයෙක් නැත.තුවාල පාරන මේ සැමරීම් දැන්වත් නතර කල යුතුය.

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය දෙමළ ජනයා සමග යුද්ද්‍යක් නොකළ නිසා පෑරෙන්නේ නම් පෑරෙන්නේ ත්‍රස්තවාදියාගේ සිතය. ත්‍රස්තයන්ව සනසන්නට කැමැත්තෝ ත්‍රස්තවාදියෝමය.

      Delete
    2. සාමාන්‍ය ජනතාවට ද ඉල්ලීම් තිබිණි. කොටි සංවිධානය පදනම් වූයේ ඒ ඉල්ලීම් මත ය. එබැවින් සාමාන්‍ය ජනයා එයට උදව් කළ හ. කොටි සටන්කරුවන්ගෙන් වැඩිදෙනකේ සාමාන්‍ය තරුණ තරුණියෝ ය. ඔවුන් දුටු උතුරේ ආණ්ඩුව කොටින්ගේ ය. ආර්ථික, දේශපාලන හේතු මත ඔවුහු කොටි සංවිධානයට බැඳුණ හ. එය දකුණේ තරුණයන් හමුදාවට බැඳිම වැනි ම වූ තත්වයකි.

      ඔය දේශප්‍රේමය, සිංහල රට, දෙමළ ඊලම වැනි අදහස් ප්‍රවර්ධනය කරන වැඩි දෙනෙක් යුද්ධයට භෞතිකව සම්බන්ධ වූ අය නො වේ.

      Delete
  8. සිංහලයන් යුධ ජයග්‍රහණය සැමරෟමෙන් දෙමළාට අහිමිවන්නේ මොනවාද?

    යුධ ජයග්‍රහණය සැමරීමට විරුද්ධ අය ඉස්සර කිව්වේ යුද්ධේ දිනන්න බෑ කියලා නේද?

    ReplyDelete
    Replies
    1. //සිංහලයන් යුධ ජයග්‍රහණය සැමරෟමෙන් දෙමළාට අහිමිවන්නේ මොනවාද? //

      දවස පුරාම රාමයනය අහ ගෙන හිටිය කෙනෙක් අන්තිමට අහනවලු 'රාමා සීතා ගේ කව්ද?' කියලා !!!

      - Dimithri

      Delete
    2. //සිංහලයන් යුධ ජයග්‍රහණය සැමරෟමෙන් දෙමළාට අහිමිවන්නේ මොනවාද?//
      ඒක හිතාගන්න අපහසු නම් මෙහෙම කරලා බලන්න, අහල පහල ඉන්න සුව නොවූ තුවාලයක් තියන කෙනෙකුගේ, තුවාලය පාරවලා බලන්න. එක සැරයක් කරහම ප්‍රතිපලය හිතට මදිනම් තවත් සැරයක් පාරවලා බලන්න. ඔයාට තියන මානසිකත්වය අනුව ඒකෙන් හොඳට සන්තෝස වෙන්න පුළුවන් වේවි.

      Delete
  9. වැඩි කලක් යන්න කලින් උබලා කියාවි සොල්දාදුවාගේ කාර්යභාරය මුදලට මිනී මැරීම කියා

    ReplyDelete
    Replies
    1. definitely, rulers hire them first to rob neighbors wealth, then to protect from neighbors. And priests earn by misleading

      Delete
    2. නිර්ණාමිව අදහස් දක්වන්නෝ නීහීනයන්ය.

      Delete
    3. හමුදා සෙබලුන් ද කළේ රැකියාවක් බව සැබෑ නමුත් ඔවුන් යුද්ධයට ගියේ මෙහි අදහස් දක්වන්නන් බොහෝ දෙනෙක් රැකියාවට යන මානසිකත්වයෙන් නොවේ. ඔවුන් රැකියාව කළේ ජීවිතය කුමන මොහොතේ හෝ අහිමි වේය යන අවදානමෙනි. එසේ ජීවිත අහිමිවීමෙන් අසරණ වූ පවුල් දහස් ගණනකි. ඔවුන් සිය ජීවිතය අවදානමට ලක් නොකළේ නම් ත්‍රස්තවාදීන් අප රට තව බොහෝ තැන් පුපුරුවා හරිනු ඇත. මේ අදහස් දක්වන නිවටයන් සියල්ලන්ම අතීතය මතක නැති අමන අපේ පරපුරක කොටස්කරුවන්ය.

      Delete
    4. මෙන්න මහා කළු ලාංකිකයෝ, උඹට නිහීනයා කියලා බනිනවා එකෙක්.

      Delete
    5. All armies are mercenaries. Persons in every regular army join with the killing machine because they are paid relatively high. But an army of revolutionary people do it for a purpose and not for money or wages. Thus, every regular army affiliated to a government are mercenaries. any counter argument for that, Niranjan?

      Clement Peris-

      Delete
  10. @පැරා,

    මේ හිටපු ජනාධිපතිතුමා යෝධ පුරුෂ ලිංගයක කොණේ පහනක් පත්තු කරලා රණවිරුවන් සිහි කරලා සංකේතාත්මකව අදහස් කරන්නේ මොකද්ද?

    http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/DSC02061.jpg

    ReplyDelete
    Replies
    1. යටින් එල්ලෙන් ඒවා කැන්සර් හැදිල කපල අයින් කරා කියල පහුගිය කාලේ හාහූවක් ගියේ, ඒ නිවුස් එක ඇත්තක් වගේ.

      Delete
  11. මේ කෙහෙල්මල් හමුදා සැමරුම් වහාම නතරකල යුතුයි. පාසැල් වලින් ශිෂ්‍යභට ඛණ්ඩ වගේම හමුදාකාර ආදිසිසුන් සැමරුම් ඉවත් කලයුතුයි. ළමා හමුදාවලට විරුද්ධ ශිෂ්ට සමාජයම පාසැල් වල් කැඩෙටින් සහ හමුදා සැමරුම් අනුමත කිරීම පුදුමයක්. 1988-89 කාලේ අවු. 4-5 ක දැරියක් විදිහට හමුදාවේ සැබෑ ස්වරූපය දැක්ක මට නම් පොඩිකාලෙ ඉඳලම හමුදාවල් පේන්න බැහැ. කුලී ඝාතකයො පිරිසක්. ඔවුන්ගේ මානසිකත්වය සකස්වෙලා තියෙන්නෙම මර්දනය, දඬුවම් වගේ දෙවල් මූලික කරගෙන. ලංකාවේ උතුරේ ජනතාව මොවුන්ගේ මර්දනයෙන් කොපමණ දුක් විඳින්න ඇත්ද? හමුදා යනු මිනිස් අශිෂ්ටත්වයේ සංකේතයක් පමණයි. මිනිසා සැබවින්ම ශිෂ්ටසම්පන්න වන දවසකදි හමුදාවල් අහෝසිවෙලා යාවි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු නිර්ණාමිකව අදහස් දක්වන්නේ මොකද කියක එක නම් ප්‍රශ්නයක්.

      කැඩෙටින් කියන්නේ ළමා හමුදාවක් නොවන බව තෝරාගන්නට බැරිවීම මෝඩකමක්. කැඩෙටින් කළ කෙනෙක් දන්නවා ඒ ලැබෙන පුහුණුව ජීවිතය පිළිවෙලට සකස් කරගන්න කොයි තරම් උපකාරයක් වෙනවද කියන එක. යුද්ධ අමානුෂික බව ඇත්ත. නමුත් ඔබ සැබෑ ලෙස ත්‍රස්තවාද අත්දැක ඇත්නම්, ඊනියා මායිම් ගමක රැයක් ගත කරන විට කොටි ඒ ගමට පහර දෙන්නට එන විට ඔවුන්ගෙන් ගළවා අප වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්නට හමුදා පිරිස් ගත් උත්සාහය පිළිබද අත්දැකීම් ඇති යමෙක් කිසිදා මෙවැනි දෙයක් නොකියනු ඇත.

      Delete
  12. පැරා ඔයාත් භෞතිකව සම්භන්ද උනේත්‍රස්තවාදයටනෙ,ඔයාට දෙමල.මුස්ලිම් මිනිස්සු එක්ක තියෙන්නෙ ගනුදෙනුව විතරයි.ඒ හැරමොනවද ඔබ දන්නෙ.ඔබ ඔවුන් එක්ක ජීවත් වෙලා නෑ.ඔයාට සැබෑ අත්දැකීම් නෑ.ඔයා මනෝමයෙන් හිතලියන්නෙ.ඒකයි ඔයා අතින් අමු බේගල් ලියවෙන්නෙ.ගොඩ ඉදන් පීනන්න බෑ පැරා.ඒ මිනිස්සු අතරට යන්න,ඇසුරුකරන්න ඔවුන්ව,ඊටපස්සෙ ලියන්න.ජාතින් තුනටම ප්‍රශ්න තියෙනවා.සැම ජාතීන් අතරම අන්තවාදීන් ඉන්නවා.ඇයි සින්හල විතරක්?

    ReplyDelete
  13. If you say there was a war in North and East, what about South during 1987-1989?
    I think the problem lies in the word used i.e War.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා