රනිල් ජයවර්ධන ගැන ආඩම්බර වෙන ගමන් අප ඉන්නේ කොතැනදැයි විමසා බලමු

පසුගියදා අවසන් වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සිව්දෙනෙක් තරග කළ හ. ඔවුන් අතරින් කොන්සර්වටිව් පක්ෂය නියෝජනය කරන රනිල් ජයවර්ධන ඊසානදිග හැම්ප්ෂයර් ආසනය ජයගෙන ඇත. 

රනිල් ජයවර්ධන ගැන අපේ ලාංකිකයෝ ගොඩක් ආඩම්බර වන බව මේ දිනවල පුවත්පත්වල පළ වන වාර්තාවලින් පෙනේ. එහෙත්, රනිල්ගේ තාත්තා වන නලින් ජයවර්ධන එංගලන්තයට සංක්‍රමණය වී තිබෙන්නේ ලංකාවේ දේශපාලනය ගැන කලකිරී බව ද එම වාර්තාවල ම සඳහන් විය. 

තාත්තා ඇමතිවරයකු හෝ එවැනි දේශපාලනඥයකු නො වන, කෝටි ගණනින් මුදල් වියදම් කළ හැකි ධනවතකු නො වන 29 හැවිරිදි තරුණයකුට පාර්ලිමේන්තුවට තබා පළාත් සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකටවත් තේරී පත් වන්නට පුළුවන් තත්වයක් ලංකාවේ නම් නැත. 

දක්ෂයකු නො වන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආවේ හා අනාගත ජනාධිපති වන්නට පෙරුම් පිරුවේ තාත්තා නිසා ය. නාමල් රාජපක්ෂට වඩා දක්ෂ බොහෝ තරුණයන්ට ලංකාවේ පක්ෂ දේශපාලනය තුළ ඉඩක් නැත. 

ලංකාවේ මහජන නියෝජිතයන්ගෙන් සැලකිය යුතු පිරිසක් වයස අවුරුදු හැත්තෑව පැන්නූ ජ්‍යේෂ්ඨ පුරවැසියන් වනමුත් තවමත් ඔවුන්ගේ වැඩකටයුතු නම් කණිෂ්ඨ ය. 

අනෙක් පැත්තෙන්, ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන මිනිසකුට එංගලන්තයේ ඊසානදිග හැම්ප්ෂයර් ආසනයේ මන්ත්‍රී වන්නට හැකි වුණාට ලංකාවේ නම් තවමත් ජාති, ආගම්, කුල භේද නිසා සුළුතර ප්‍රජාවකට අයිති මිනිසකුට බහුතර ජනයා නියෝජනය කරන්නට තේරී පත් වන්නට අවස්ථාව නැත. රනිල් ජයවර්ධනට එරෙහිව ද ජාතිවාදය ඇවිස්සුණ මුත්, ආසනයේ ජනතාව ජාතිවාදය පරදවා ඔහු බලයට පත් කළේ ය. 

2004දී ජවිපෙ විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා යෝජනා කරනු ලැබුවේ ලක්ෂ්මන් කදිරගාමර් ය. එහෙත්, ඔහුගේ අපේක්ෂකත්වයට එරෙහිව ජාතික හෙළ උරුමය ඇතුළු බලවේග කටයුතු කළේ ජාතිවාදී පදනමිනි. ප්‍රායෝගිකව ගත් කල දෙමළ ජාතිකයකුට ලංකාවේ අගමැති, ජනාධිපති වැනි තනතුරකට පත් වීමට අවස්ථාව නැත.

ලංකාවේ රාජ්‍ය නායකයකු වන්නට සිංහල ක්‍රිස්තියානි භක්තිකයකුටවත් ප්‍රායෝගික ඉඩක් නැත. රනිල් වික්‍රමසිංහ සිය ආගම සඟවයි. මහින්ද රාජපක්ෂ තම බිරිඳගේ කතෝලිකබව ප්‍රසිද්ධ කරනවාට කැමති නැත. 

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගෙන් පසු ශ්‍රීලනිපයේ නායකයා වන්නටත්, අගමැති වන්නටත් සුදුස්සකු වූ සී.පී. ද සිල්වාට ඒ අවස්ථාව නො ලැබුණේ ඔහු ගොවිගම කුලයට අයත් නො වීම නිසා ය. 

ලංකාවේ කිසිදු වාමාංශික, දක්ෂිණාංශික පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඒ නිසා දේශපාලනයේ උනන්දුවක් ඇති දක්ෂ තරුණ තරුණියන්ට ඉදිරියට එන්නට අවස්ථාවක් නැත. 

රනිල් ජයවර්ධන ගැන ආඩම්බර කතා කියන අය තමන් ඉන්න තැන ගැන සිතා බලන එක ආඩම්බර වෙනවාට වඩා වැදගත් ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රනිල්ලා දේශපාලනේ හිටියේ එකයි.. පොරත් ඉදලා හිටලා ජයග්‍රහනය කරාට වැඩියෙන්ම උනේ පැරදුන එක. ඒ ලන්කාවේ එකාය. මම කියන්නේ එයා ගැන නෙමෙයි..

    ඊයේ එන්ගලන්තේ පාර්ලිමේන්තුවට පත්වුනු ජයවර්දන රනිල් ලන්කිකයෙක් කරගැනීමට ලන්කාවේ උන්ට ඇති පුදුම කැමත්ත මට නම් හරිම පුදුමයි.. ඩේලි මිරර් එකේ ලානකාවේ උන්ගේ කමෙන්ට් දැක්කම දුකත් හිතෙනවා. පොර ලන්කාවේ එකෙක් වීම ආඩම්බරයක්ලු.. පොර ලන්කාවේ දේශපාලුවන්ට ආදර්ශයක්ලු.. (ඒක නම් තව ඇත්ත.. )

    රනිල් හොද මනුස්සයෙක්. ඒත් මිනිහා කවමදාවක්වත් ලාකිකයෙක් නෙමෙයි. එයාගේ තාත්තා 70 ගනන්වල එන්ගලන්තේ පදින්චියට ගියේ. රනිල් ඉගෙන ගත්තේ, හැදුනේ වැඩුනේ ඔක්කොම එරොප්පේ. දේශපාලනෙත් ඒරොප්පේ..රනිල්ට සිංහල කතා කරන්නත් බැහැ. හදිසියේ රනිල් ලාන්කිකයෙක් කරගැනීමට දරන වැයම හරීම කුජීතයි..

    හිටගෙන පව් ශ්‍රි ලන්කාවේ මොඩ සමහර මිනිස්සු.. උන් හිහන් ඉන්නේ රාජපක්ශලා ඇමරිකන් පුරවැසි තියන් ලන්කාවේ දේශපාලනේ කලා වගේ එන්ගලන්තෙත් පුලුවන් කියලා.. මේ රනිල් ජයවර්දන කියන්නේ උපන්ගෙයි බ්‍රිටිශ් පොරක්.

    අනිත් එක අනිවා කන්සවටිව් කාරයන්ට දිනන්න පුලුවන් සීට් එකක් මෙයාට දීලා තියෙන්නේ. මම එංගලන්තෙට එනකොට ලේබර් කාරයන්ට මාර බලයක් තිබුනේ.උන් තමයි ආන්ඩුව.අවුරුදු පහකින් ලේබර් එලෙව්වා.මම ඉන්න ආසනෙත් ලේබර් එකෙන් කන්සවටිව් එකට ගියා.

    ලංකාවෙ medias වලට news තියෙන්නත් එපැයි ඉතින්. අලුත් ඒව හදනව. ඉතින් මිනිස්සු නටනව ඒවට. සමහර විට දැන් රනිල් ජයවර්ධනව එංගලන්තෙ එවුන්ට වඩා ලංකාවෙ එව්න් අඳුරනව ඇති.

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ සත්‍යය මෙන්ම සාවද්‍ය කරුණුත් තියෙනවා.

      ලාංකිකයෙකු වීමට සිංහල කතා කළ හැකි විය යුතුද?

      Delete
    2. There is nothing for Sri Lankans to be proud or ashamed of this chap Ranil Jayawardena being elected to the British Parliament. He is not a Sri Lankan, but a British national who got elected to his own parliament, and it's entirely a local matter for them. I too was amused of all the "Moda Choon" our fellow Sr Lankans were getting out of this news item.

      Delete
    3. රනිල් ජයවර්ධන වැඩක් නැහැ. උඹ තමයි පොර ඇනෝ. අඩුගානේ නමවත් දාපන්කෝ අපිටත් අඳුරගන්න.

      Delete
    4. උඩ ඇනෝ එක්ක 100% එකඟයි.කකා . සිංහල බැරි සිංහලයෙක් කිව්වාම ටිකක් අවුල් වගේ නේද? බොහෝ අනේවාසිකයො තමන්ගෙ දරුවන්ට තම බාසාව උගන්වන්න හදන්නෙ, ඒ එක්කම තම රට , සංස්කෘතිය ගැනත් හැඟිමක් දරුවට ලබා දෙන්න. ලංකාව එපාවූ රනිල්ගෙ තාත්තටවත් ඒ හැඟීම තිබිල නැති පාටයි? රනිල් බැන්දෙ සුදු ජාතික කාන්තාවක්. ඔහුගෙ නම විතරයි සිංහල.

      අද කාලෙ ඇත්ත උනත්, නමින් ඇවිත් ලියන්න බැරි හේතුවත් ඔය පහලින් තියෙන්නෙ? අඳුන ගන්න හදන්නෙ ඉස්සො වඩේ එකකුයි, ප්ලේන්ටියකුයි අරන් දෙන්න වෙන්ටෑ?

      තව එක්කෙනෙක් ඉන්නවා ආඩම්බර වෙනව නං?
      දෙමල නං තමා, ඒත් පුතා බෞද්ධ භික්ෂුවක් නෙව?

      Delete
    5. umbe Namath daapan

      mama hinganna

      Delete
  2. පැරාතුමා , සහතික ඇත්ත.. එකෙන්ම එකඟයි. ඔය ගැන කොච්චර නම් දේවල් කිව්වද පහුගියටිකේ.

    ReplyDelete
  3. අජිත් අයියා.....................

    මේක තමා අැත්තම කතාව..... මේකෙන් අපි ලැජ්ජා විය යුතු කාරණා තමයි වැඩිපුරම තියෙන්නේ....

    මොහු ලංකාවේ හිටියානම් නොමිනේෂන්වත් ලැබෙයිද?
    අවුරුදු 29ක ඒකෙක්ට පාර්ලිමේන්තු යන්න තරම් නාකි ඉඩ වෙන්කරලා දෙයිද?
    පිටරටක (සිංහල-ශ්‍රී ලාංකික-බෞද්ධ) කෙනෙක් යවන්න අපිට නම් හැකිද?

    මේ අනුව පෙනී යන්නේ ලංකාවේ ජනතාව කවදාවත් රනිල්ව පාර්ලිමේන්තු තියා ප්‍රාදේශීය සභාවකටවත් නොයවන බවයි.... ඒ අනුව ලංකාවේ පාර්ලිමේන්තුව ඒංගලන්තයේ පාර්ලිමේන්තුවට වඩා මාරය....... පට්ට තැනකි......

    ReplyDelete
    Replies
    1. මා දන්නා පරිදි 90 දශකයේ තරුණ කොමිසම මගින් කළ නිර්දේශ අනුව මැතිවරණ අපේක්‍ෂක ලයිස්තුවල යම් ප්‍රතිශතයක් තරුණ පිරිසකට වෙන් කළ යුතු යැයි ව්‍යවස්ථානුකූලව නීති පැනවුණා. මේ තත්වය අද වෙනස් වෙලාද?

      එවැනි අයට මනාප නොලැබීම වෙනම කාරණයක්.

      Delete
    2. පිස්සුද! ඔය නාමල් අවුරුදු විස්සෙන් විතර පාර්ලිමේන්තු ගියේ.

      Delete

    3. හැක් , දැන් එතකොට අප්පොච්චට හැත්තෑවයි කියන්නේ?

      Delete
  4. //තාත්තා ඇමතිවරයකු හෝ එවැනි දේශපාලනඥයකු නො වන, කෝටි ගණනින් මුදල් වියදම් කළ හැකි ධනවතකු නො වන 29 හැවිරිදි තරුණයකුට පාර්ලිමේන්තුවට තබා පළාත් සභාවකට හෝ ප්‍රාදේශීය සභාවකටවත් තේරී පත් වන්නට පුළුවන් තත්වයක් ලංකාවේ නම් නැත.//
    මෙහි දක්වා ඇත්තේ සුදුසු කම් කීපයක් විතරයි. මේවාට අමතරව ප්‍රසිද්ධ චන්ඩියකු වීම, සූදු කෙලවන්නකු වීම, මංකොල්ල කරුවකු වීම, මිනීමරුවකු වීම වගේ ඒවගේ දේවල් නිසා හැදුනු අන්වර්ත නාමයක් තිබීම වගේ ඒව ලංකාවේ දේශපාලයකු විදිහට තරග කීරීමට තිබිය යුතු වැඩිදුර සුදුසු කම් නොවෙයිද ?

    ReplyDelete
    Replies
    1. ඇයි බඩුකාරයෙක් වීම?

      ඒකට තමයි ලංකාවේ ගෑනුන් සහ මිනිසුන් වැඩියෙන්ම කැමති. ඒක තමයි ලංකාවේ සයිකොලොජිය...! විහිලු නෙමෙයි..

      Delete
    2. /* ඇයි බඩුකාරයෙක් වීම? */

      ඉතාලියේත් ගෑණුසොඬෙක් වූ බෙලෙස්කෝනි ට සෑහෙන්න ජනප්‍රියතාවක් තිබුණා. ඒ එක්කම බිල් ක්ලින්ටන්. මොනිකා ලෙවෙන්ස්කි සහ අදාල වෙනත් එළිදරව් නිසා ඔහු ගේ ජනප්‍ර්‍රියතාව වැඩි වුණා මිස අඩු වුනේ නම් නෑ!

      Delete
    3. උඩු රැව්ලටයි බඩු ගහනවටයි ජනතාව හරි කැමතියි.

      Delete
    4. සම ලිංගිකයෙක් වීමත් ලොකු හයියක්. පක්ෂ වල ලොකු දොරවල් නිකංම වගේ විවර වෙනවා :v

      Delete
    5. සම්පූර්ණ ඇත්ත. බැසිල්, නාමල්, ගෝඨා, ශවීන්ද්‍ර ඔක්කෝම ඉහළට ආවෙ ඔවුන් සම ලිංගිකයින් වීම නිසානෙ.

      Delete
  5. රනිල් ගේ ක්‍රිිස්තියානිකම, ශිරන්තිගේ කතෝලිකකම, සී.පී. ද සිල්වා ගේ කුලය යනාදිය හැරුණු විට තවත් උදාහරණ තියෙනවා නේද?

    මෛත්‍රීපාල සේනානායකට ශ්‍රීලනිපයේ නායකත්වය හෝ ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුණේ ඇයි? මා දන්නා තරමින් එයට හේතුව ඔහු ගේ බිරිඳ රන්ජි දෙමළ වීමයි. කොබ්බෑකඩුවට ඒ ප්‍රශ්ණය තිබුණේ නෑ.

    ඒ අතින් බැලුවාම, ඔය ප්‍රශ්ණ අඩුම ප්‍රධාන පක්‍ෂය යූඇම්පීයයි. හොඳම උදාහරණය ර. පේ්‍රමදාස.

    හැබැයි ර. ප්‍රේමදාසට විරුද්ධව ලලිත් සහ ගාමිණී වැනි කණිෂ්ඨයින්ගෙන් කැරැල්ලක් ඇති වුනේත් ඒ නිසාමයි.

    ReplyDelete
  6. ජාතියටපැරා ඔයා සාමාන්ය බ්ලොග් ලියන්නෙක් නොවෙයි ඔයාම කියන හැටියටත් අපිත් දන්න විදියටත්,ඔයා ජනමාද්ය වේදියෙක්.ඉතින් හරිහැටි කරුනු නොදැන හෝ උව්මනාවෙන්ම කරුනු හලල ලිවීම හරිමදි,1.ඔබේ හිටපු නායකයා විජේවීරගේ බිරියත් කතෝලික.(අපට නම් ආගම ගැටලුවක් නොවේ) 2.වසර1961 සිට 1977 දක්වාම, අති බහුතරය සන්හල වු බේරුවල ආසනය ජයගත්තේ ශ්‍රි ලන්කා-යුඇන්පී දෙකෙන්ම මුස්ලිම් ජාතිකයන්.ශ්‍රි.ල.පයෙන් අයි.ඒ.කාදර් ,යුන්පියෙන්, ඇම්.ඒ බාකීර් මාකර් 1977 දී බහු ආසනයක් උනත් පලමු මන්ත්‍රි ඇම්.ඒ බාකීර් මාකර්.සින්හල ආර්ජී සමරනායක දෙවනියා.බේරුවලදී සින්හලයා කවදාවත් ඇදලා වැඩ කලෙනැ.ඒ උනත් මුස්ලිම් ප්‍රදේශ අදි වේගෙන් සන්වර්දනය උනා.ගුගල් සිතියමෙ බලන්න පාසැල් ශ ක්‍රීඩා පිටි.අනිත් පලාත්වලත් එසේ මයි.ජාතීන් ගැන කතාකරන විට මුලාශ්‍ර හොයල ලියන්න.

    ReplyDelete
  7. මේකෙන් පෙන්නුම් කරන්නේ මොනවත් නෙවෙයි. ලංකාවේ උන් කොච්චර හීනමානයකින් ඉන්නවද කියන එකයි. මුගේ ඇති සින්හලකමක්වත් ශ්‍රී ලන්කන්කමක් වත් නෑ. මූ දන්න ලංකාවකුත් නැතුව ඇති.

    ලංකාවේ උන්ට තාම තියෙන්නේ යටත් විජිත හීනමානය. අර ක්‍රිස් නෝනිස් කාරයාව අප් කරලා ගත්තෙත් උගේ කඩ්ඩ නිසානේ. සුද්දන්ගේ රටට සරණාගතයෝ වගේ ගිහින් මු සුද්දන්ටත් වඩා බ්‍රිටිෂ් වෙන්න තමා කොන්සර්වටිව් එකෙන් ඉල්ලුවේ.

    පට්ට ආතල් සීන් එක මුගෙන් කාපු සුද්දා, මුගේ තාත්තාගේ ඉඳන් පරම්පරාවේ හොඳ කියන හැටි.

    https://www.youtube.com/watch?v=J79QcOZL_m4

    ReplyDelete
  8. මහාතිත්ථ May 10, 2015 at 12:22 AM

    මෙතන මුල්ම ඇනෝ කොමෙන්ට් එකත් එක්ක මම එකගයි - ඔහු සංස්කෘතියව බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මිස ලාංකිකයෙක් නොවේ - ඔහු ඉපදිලා තියෙන්නෙත් එංගලන්තයේ - ඉතින් මිනිහව ලාංකිකයෙක් කරන්න හදන එක විහිළුවක් -

    ReplyDelete
  9. මේක තදබල මානසික ලෙඩක්. මම නම් ඔහු ලාංකිකයකු ලෙස පිලි ගැනීමට කැමති නෑ.. දූපතක සිර වී, මානසික වහල් භාවයකින් හා අති දරුණු හීනමානයකින් පෙලෙන පිරිසට. කොහේ හෝ සුද්දෙකු බුද්ධාගම ඇඳහීමත් මහා කේස් එකක්. එහෙම නැත්නම් ලංකාවට ඇවිත් ගියපු එකත් මහා කේස් එකක්. හොඳ වෙලාවට එංගලන්තේ සුද්දෝ මේ ගෝත්‍රිකයන්ට වඩා ගව් ගනනක් ඉදිරියෙන් සිටින නිසා දක්ෂයෙක් උගතෙක් 66% වැනි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා. මෙහේ වගේ ජාතිවාදය අවුස්සපු එකා බල්ලා මාක් වෙනවා. අම්මට සිරි ලංකාවේ වෙන්නේ ඕකේ අනික් පැත්ත.

    රනිල් ජයවර්ධන අපේ කර ගන්න දඟලන එක. ඒ මනුස්සයට කරන නිග්‍රහයක්...

    ReplyDelete
  10. hu hu...pora wela ubawa wiwechanaya karapu comment kapuwata passe dan comment enne na neda ? Thota hoda wade. one ekekge hulan bassuwahaki minissunta. Ubata eka amathaka wuna. Uba liyapan thaniyama. Kiyawanna enneth na meeta passe.

    ReplyDelete
  11. http://sinhala.lankanewsweb.net/news/16903-2015-05-09-12-59-47
    පසුගිය රජයේ ප්‍රබලයෙකු සහ හමුදාවේ ඉහළ සහ සාමාන්‍ය නිලයන් හි කිහිපදෙනෙකු එක්ව ශ්‍රී ලංකාවටත්, යුදහමුදාව ඇතුළු රණවිරුවන්ටත් එරෙහිව කුමන්ත්‍රණයක් සැලසුම් කරමින් සිටින බව වාර්තාවේ. පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචාවලට එරෙහි මේ වනවිට
    යහපාලන රජය විසින් සිදුකරනු ලබන විමර්ශන හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටින මෙම රාජපක්ෂ ප්‍රබලයා ඉන් තමාට බේරීමට ඇති එකම මඟ යුද අපරාධ යෝජනා හමුවේ තමාගේ ජීවිතයට ඇති අවධානම පෙන්වා දේශප්‍රේමීත්වය ඉස්මතුකර පෙන්වීමයැයි සිතමින් මොහු සහ මොහුගේ උපදේශකයින් ලවා මෙය සිදුකරනු ලබයි.

    මෙරට රණවිරුවරුන් යුද අපරාධකරුවන් බවට පත්කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බව පෙන්වීම සඳහා නවතම 'යුද අපරාධ චෝදනා වීඩියෝ පට කොටස් කිහිපයක් මෙරට නිපදවා අන්තර්ජාලයට මුදා හැර මොවුන්ට ගැති මාධ්‍ය හරහා විශාල ප්‍රචාරණයක් ලබාදීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ සඳහා වන රූගත කිරීම්වලට රාජපක්ෂවාදී හමුදා සෙබලුන් කණ්ඩායමක් යොදාගෙන ඇත. මීට පෙර ශ්‍රී ලංකාවට සහ රණවිරුවන්ට එරෙහිව චැනල් ෆෝ නාලිකාව සිදුකළ ආකාරයට විදේශිකයෙකු හරහා මෙහි කොටසකට හඬ කවා 'මේ සඳහා අදාළ රාජපක්ෂවරයා සහ රාජපක්ෂවරු වගකිව යුතු බවටත්, ඔවුන්ව වහාම යුද අපරාධ පිළිබඳව වන හේග් අධිකරණය හමුවට පැමිණවිය යුතු බවටත්' වන හඬ කැවීම් සිදුකිරීමට නියමිතය.

    මෙය මේ වන විට රාජපක්ෂවරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන දූෂණ-වංචා විමර්ශනයන් යටපත් කරගැනීම සඳහා මෙරට දේශමාමක සහ ජාතිමාමක ජනතාව ගොනාට අන්දවමින් මෙරට කීර්තිනාමයත්, හමුදාවේ රණවිරුවන්ගේ ගෞවරයත් කෙලෙසීම සඳහා ක්‍රියාත්මක වන අතිශය නින්දිත පහත් පෙලේ කුමන්ත්‍රණයකි. මේ පිළිබඳව අදාළ බලධාරීන් සහ බුද්ධි අංශ වහාම සොයා බලා මීට ආධාර අනුබල දුන් සියල්ලන්ටම එරෙහිව හමුදා නීතියෙන් දැඩි දඬුවම් පැමිණවිය යුතුය. එසේම මින් පැහැදිලිවම පෙනී යන කරුණ නම් රාජපක්ෂවරු සිදුකර ඇති අතිදැවැන්ත දූෂණ වංචා යටපත් කොට මොවුන් තමන් ජාමය බේරාගැනීම සඳහා කළ හැකි ඕනෑම නින්දිත වැඩක් පමණක් නොව තම මාතෲ භූමියද පාවාදීමටත්, කෙළෙසීමට කිසිසේත් පසුබට නොවන බවය.

    ReplyDelete
  12. දැන් දැන්.ඉස්ලාම් ත්‍රස්තයන් ගැන දාන කොමෙන්ට් පලකරන්නේ නෑ නේද්? ඊයේ ලිපි දෙකකටම දාපු කොමෙන්ට් පලකරේ නෑ.ඒවායේ කුපිත කිරීම් තිබුනෙ නෑ.ඔබේ පක්ශග්‍රාහී වාර්තා කරනය ප්‍රශ්න කලා පමණයි.අප බලා හිදින්නෙමු.

    ReplyDelete
  13. නබිතුමා මක්කම අල්ලාගත් පසු කාබාවේ භාරකාරීත්වය පැවරුවේ කළු ජාතිකයෙක්ට මොකද අරාබි කාරයෙක්ට දුන්නනම් ඔහු මොහොමඩ් තුමා සමඟ සමහර අවස්ථාවල ගැටුම් ඇතිකරගන්න වුනත් පුලුවන් නිසා. නමුත් කළු මිනිහෙක් දැම්මාම ඔහු මොහොමඩ් කියන හැම දෙයටම එහෙයි කියාගෙන ඉන්නවිා. මෙතනදිත් වෙලා තියෙන්නේ එහෙම දෙයක්. මේ රනිල් ජයවර්ධන සුද්දෙක්ගේ හිතරිදෙන්න එක වචනයක් කියන්නේ නෑ. බල්ලා වගේ ඉඳියි.

    ReplyDelete
    Replies
    1. ජගත්, ඇයි ඔය හාදයා සුද්දෝන්ට රිද්දවන්න ඕන? එයාගේ තාත්තා ලංකාවේ උපන්න හින්දද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා