අත්අඩංගුවට නො ගන්නා ලෙස ඉල්ලා මහජන මුදල් කොටින්ට දුන් ටිරාන් හා ලලිත් ද මානව හිමිකම් පෙත්සම් ගොනු කරයි ද?

රාඩා කල්ලිය (සන්ඩේ ලීඩර් ග්‍රැෆික් එකකි) 
(Read an investigative report published in Sunday Leader about this multi million rupee fraud from this link)

උතුරේ වැසියන්ට ගෙවල් හදන මුවාවෙන් මහජන මුදල් රුපියල් මිලියන 167ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට ‍එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ටිරාන් අලස්ගෙන් හා ලලිත් වීරතුංගගෙන් ප්‍රශ්න කර තිබේ. ටිරාන් අලස් වනාහි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ රාඩා (Reconstruction and Development Agency) ආයතනයේ අධ්‍යක්ෂවරයා ය. ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ලෙස සේවය කළ සාලිය වික්‍රමසූරිය මේ වන විට අත්අඩංගුවේ ය.

සුනාමියෙන් විපතට පත් ජනතාවට නිවාස හදා දීමට වෙන් කරන ලද මෙම මුදල්වලින් එක ද නිවසක් හෝ තනා නැත. නිවාස ලබා දීම සඳහා එම මුදල් ලබා දී තිබෙන්නේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට නොව ඇඟලුම් කර්මාන්තකරුවන් දෙදෙනෙකුට ය.

මේ මුදල් කොටි සංවිධානය ලබා දී තිබේ. ඒ 2005දී ජනාධිපතිවරණ වර්ජනය ඔස්සේ රනිල් වික්‍රමසිංහට උතුරින් ලැබෙන ඡන්ද වළක්වා මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කර දීම වෙනුවෙන් කප්පමක් ලෙසයි.

දැන් තිබෙන අලුත් ම ප්‍රවණතාව අනුව මෙම සැකකරුවන් තමන් අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික හිමිකම් පෙත්සම් ගොනු කර අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා සිටින්නට පුළුවන. අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම් නියෝග ලබාගන්නටත්, නඩු දීර්ඝ කාලයකට කල් යන්නටත් ඉඩ ඇති බව පෙනේ. 

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හා තිස්ස අත්තනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වැරදි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව වැනි නඩු තීන්දුත් සමග අධිකරණයට ආණ්ඩුවේ බලපෑම් නැති බව පෙනෙන්නට ඇතත්, තවමත් පැරණි බලපෑම් අවසන් වී නැති බවට අනුමාන කරන්නට හේතු වන තත්වයන් දැන් දැකිය හැකි ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. You don't know who wanted to offer Sri Lanka with its entirety to LTTE? He is called Ranil ! You people are very ungrateful! A fabricated story is being repeated! Idiot repeaters can't understand that LTTE was annihilated by Mahinda and Gota! This truth is bitter for all of you. Therefore write nonsense!

    ReplyDelete
    Replies
    1. How the hell you are going to give something to whom who is already annihilated?

      Delete
  2. කොටින්ට ආයුද දුන්න කෙනා ගැනත් කතා කරමුද

    ReplyDelete
  3. යහපාලානේ හරියට කොරන්න නම් ඉස්සරවෙලාම පාර්ලිමේන්තුව ශක්තිමත් කොරගන්න ඕනෙ. ඊට පස්සේ මරාගේ ඉඳලා පහලට ඉන්න හොරු රැල හරියට අල්ලගන්න ඕනේ. ඒකට නීති ගෙනෙන්න තමයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕනේ.

    ReplyDelete
    Replies
    1. මේ නොකිය කියන්නේ දේශපාලන පලිගැනීම් ලොකුවට පටන් ගන්න කලින් යූඇන්පී ආණ්ඩුවක් අටවගෙන ඉන්න ඕන කියන එක නේද?

      Delete
  4. මෝඩ පරා දැන් නම් නියම යූඇන්පී කාරයා....... හරී සෝයි.......

    ඒකනේ මේ වගේ ඒවා ගැන හ්ම්ම් නැත්තෙ .........

    අනේ පැරා විලි ලැජ්ජයි බන්......

    ඇමති රවි කරුණානායකට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති කොටි සංවිධානයට අයත් මුදල් හොරෙන් මෙරටට ගෙනඒම පිලිබඳ නඩුව හදිසියේ අවසන් කිරීමට තීරණය කර ඇත.

    අද(12) දා එම නඩුව අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයාට අමතරව වි‍ශේෂයෙන් පැමිණි නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු අධිකරණයට දන්වා ඇත්තේ මෙම නඩුව තවදුරටත් ගෙනයාමේ අවශ්‍යතාවක් නොමැති බැවින් හෙට දිනයේදී නඩුව අවසන් කරන ලෙසට ඉල්ලා සිටින බවයි.

    https://lankacnews.com/sinhala/main-news/131606/

    ReplyDelete
  5. මෙන්න මගේ අදහස: http://raj1st.blogspot.com/2015/05/blog-post_14.html

    ReplyDelete
  6. මහ බැංකු අදිපතිගේ හොරකම හොයන්න දාපු රනිල්ගේ ඇම්බැට්ටයෝ ඌව නිදහස් කරේ බෑනා එක්ක කෝල් එකක් වත් ඒ කාලේ ඇතුලත අරන් නෑ කියල. ඒ උනාට දෙන්න ඉන්නේ එක ගෙදර. අපි නෙවෙයි කියන්නේ, එරාන් ගෙන් සිරස සටනෙදි ප්‍රසිද්දියේ අහපු ප්‍රශ්න.

    දැක්ක නේද යහපාලන ආණ්ඩුව පන්න ගමන් කොමිසමක් පත් කර හැටි කියල උඩ පැන්න පැරා රාජ් වගේ පොය්යලා මීයෙක් විතර වත් සද්දයක් නෑ ඒවට .......

    ReplyDelete
  7. අනේ වල් පැරෝ.. මෙව්වා පේන්නේ නැද්ද ??

    සමෘද්ධි අරමුදලේ ලක්‍ෂ 6000 ක්‌
    ඇමැති සජිත් හිතවතුන්ට බෙදලා
    - සමෘද්ධි නිලධාරී සංගමයේ ලේකම් ජගත් කුමාර කියයි

    සිරිමන්ත රත්නසේකර

    නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සමෘද්ධි අරමුදලේ රුපියල් ලක්‍ෂ හයදහසක්‌ සිය දේශපාලන හිතවතුන්ට ලබාදී ඇතැයි සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එස්‌. ඒ. ඩී. ජගත් කුමාර මහතා ඊයේ (13 වැනිදා) පැවැසීය.මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ණය පහසුකම් ලබා දිය නොහැකි ලෙස සමෘද්ධි බැංකු පද්ධතිය මුළුමනින්ම කඩා වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

    සිය හිතවතුන්ට ණය ලබාදීම සඳහා වත්මන් ඇමැතිවරයා ණය කොන්දේසි ද ලිහිල් කර ඇතැයිද පැවසූ ඒ මහතා එබැවින් ණය ගෙවීම පැහැර හැරියහොත් නැවත එය අයකර ගැනීමට කිසිදු ක්‍රමයක්‌ නැතැයිද පැවැසීය.

    මේ නිසා නිලධාරීන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇතැයි පැවසූ ජගත් කුමාර මහතා මෙම අයථා ක්‍රමවේදය පිළිබඳව දූෂණ විමර්ශන කොමිසමට මීට දෙසතියකට පෙර පැමිණිලි කළද මෙතෙක්‌ ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැතැයිද පැවැසීය.

    ජගත් කුමාර මහතා එම අදහස්‌ පළ කළේ ඊයේ (13 දා) බත්තරමුල්ලේ පිහිටි එම සංගම් ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
    - දිවයින

    ReplyDelete
    Replies
    1. බයියන්ටත් ඉතින් යූ එන් පී එකට ගහනවා නම් ඕනැම කෙප්පයක් ඇත්ත. උඹලගෙ මොළේ තියෙන්නෙ අධෝ මුඛය කිට්ටුවද?

      Delete
  8. C News කට්ටිය ආපහු ඇහැරිලා වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා