බන්දුලගේ ජිනීවා ගමන හෙවත් ජාත්‍යන්තර රෙදි ගැලවීම

මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට මුහුණ දීමට සිදු වී තිබෙන බව කියන පළිගැනීම් හා මර්දනය ගැන අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට බන්දුල ගුණවර්ධන ජිනීවා යන බව පවසා තිබේ. 

බන්දුල ගුණවර්ධන පොලිස් රාජ්‍යයක් ගැන ද කතා කරයි. 

පසුගිය කාලයේ මේ රටේ තිබුණේ නීතියක් නැති මර්දනීය රාජ්‍යයකි. 

දැන් සිදු වී තිබෙන්නේ කුමක් ද? ‍රටේ සදහට ම නීතියක් නැති වනු ඇතැයි සිතා කළ සොරකම්, වංචා, දූෂණ සම්බන්ධයෙන් සුළු ක්‍රියාමාර්ග කීපයක් ගැනීම පමණි. 

උදාහරණයක් ලෙස බැසිල්, ජොන්ස්ටන් වැනි අය කළ දේවලට සාපේක්ෂව දැනට අරගෙන තිබෙන්නේ සුළු ක්‍රියාමාර්ග කීපයක් පමණි. 

තව බොහෝ අපරාධ විමර්ශනය වීමට තිබේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රීකම යනු සොරකම්, වංචා, දූෂණ, අපරාධ සිදු කිරීමට හා නීතියෙන් මුක්තිය ලැබීමට බලපත්‍රයකැයි සිතූ කාලය අවසන් විය යුතු ය. 

බන්දුල ජිනීවා යන එක හොඳ ය. ඔවුන්ගේ හෙලුවැල්ල ජාත්‍යන්තරයට පෙන්නන්නටත්, දූෂණ හා අපරාධ විමර්ශනය ගැන ජාත්‍යන්තර අවධානය තවත් වැඩි කර ගැනීමටත් එය ඉවහල් වනු ඇත. 

දැන් සිදු වන්නේ පළිගැනීමක් නොව නීතියේ ආධිපත්‍යය පිළිගැනීමකි. 

දේශපාලකයන්ට පමණක් නොව ඔවුන් සමග එක්ව මහජන මුදල් කොල්ලකෑමේ යෙදුණු වහලුන්ට ද මෙය දරා ගැනීම දුෂ්කර වී තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොළඹ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එ නිසයි එතුමා වටා ලක්ෂ ගණනක් ජනතාව එක්රොක් වී සිටින්නේ. මේවා දරා ගන්න බැරිව විරුද්ධවාදීන් එතුමාට විරුද්ධව අභීත චෝදනා එල්ල කලාට ජනතාව සත්‍යය දන්නවා.

    ඊලග මහා මැතිවරණයෙදිත් කොළඹ දිස්ත්‍රීක්කයේ වැඩිම ජන්දය අරං පළමුවෙන්ම පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ ආර් දුමින්ද සිල්වා මැතිදුන් තමයි.

    ReplyDelete
    Replies
    1. කුඩු විකුනල හොයපු සල්ලිත් සල්ලි තමා.දුප්පත් මිනිස්සුන්ට ඒවයෙ ජාතකේ හොය හොය ඉන්න තරම් පිස්සුවක් නැහැ.

      Delete
  2. සත්‍ය කවදා හෝ ජය ගනී.

    පායනා හිරු සදිසි..
    අදුර ඉරා අහසට නැගෙනා..
    සිනහා පිරි මුවමඩල දිලි..
    සද සදිසි හිත පිරෙනා..

    කොළම්පුරේ පිනට උපන්..
    උපන් බිමට නය නැති මිනිසා...
    කැපවීමෙන් කල යුතුකම්..
    නිමක් නැතේ මිනිසුන් උදෙසා..

    පිහිට සරණ අහිමිව උපන්..
    මිනිසුන් ගේ සෝ දුක් සුසුම්..
    පිස සනසා සැනසුම් සුසුම්..
    මිනිස්කමක මහිමය යුතුම්..

    යායුතු නිවැරදි මග පෙන්වා..
    යව්වනයකි පෙරමග ගන්නා...
    සවිය නගුල මත පණ පොවනා.
    අපේ කමට ලකුණකි හොබනා...

    වෙහෙස ගිමන අමතක කරමින්..
    ඉටුකළ යුතුයුතුකම් වෙනුවෙන්..
    හදවත කැපකළ දිවිහිමියෙන්..
    යන ජය ගමනකි අපි වෙනුවෙන්...

    අභියෝග කදු මතින් නැගෙමින්..
    ජයගෙන දිරියෙන්..
    රන් අසිපතක් ලෙසින්...
    බලාපොරොත්තුව ඔබයි...
    විශ්වාසය ඔබමයි....

    ReplyDelete
  3. බන්දුල කියන්නේ කොහොමත් ලපටි කතා කියන පොඩි එකෙක්නේ.රාජපක්‍ෂවරු වගේම දේශපාලනයෙන් ගෙදර යවන්න ඕනේ තවත් අයෙක්.

    ReplyDelete
  4. මහින්ද මහත්තයාගෙන කුණු හබ්බ අහගන්න වැඩක් ඔය කරන්න යන්නේ...

    ReplyDelete
  5. Well said Para.

    ReplyDelete
  6. දේශපාලකයින්ට පමණක් නොව , ඔවුන් සමග එක්ව මහජන මුදල් කොල්ලකෑ මේ යෙදුන වහලුන්ටද මෙය දරා ගැනීම දුෂ්කර වී තිබේ , ++++++++

    ReplyDelete
  7. ස්තුතියි ඔබට. මේ ඇත්ත දන්නා මුත් කියාගන්න බැරුව ඉන්න අප වෙනුවෙන් ලිව්වාට ! නිදහසේ වැඩ කරන පොලිස් රාජ්‍යයක් හරි තියනව නං පාතාලෙ රජ්‍යයට වඩා හොඳ නැද්ද ?තවමත් උන් ඇති කරපු ඒ බය තියන හින්දයි මේ කොමෙන්ටුව නිර්නාමිකව කොටන්න හිතෙන්නෙ. විධායක ජනාධිපති ක්‍රමේ සම්පූර්ණයෙන් නැති වුනේ නෑ. ඒ මදිවට සම්මත වෙච්ච 19 වත් තවම ක්‍රියාත්මක නෑ. මෙහෙම තියෙද්දි කුමණ්ත්‍රණයක් කරල හරි මුන් ආයෙත් ඔලුව ඉස්සුවොත් කියන බය තියනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා