නීතියෙන් බේරී සිටීමේ අයිතිය වෙනුවෙන් දැන් පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටියි

මහ මග මිනිසකු වාහනයකට යට කර පළා යාමේ වරදට ඉන්දියාවේ සුපිරි නළු සල්මන් ඛාන් පස් වසරකට සිරගෙට යවා තිබේ.  

මින් පෙර තමිල්නාඩු මහඇමතිනිය හා හිටපු සුපිරි නිළියක වූ ජයලලිතා ද සිරගෙට නියම කරන ලදී. ඇය මේ වන විට සිටින්නේ අභියාචනා කර ය. එහෙත්, ඇයට මහ ඇමති පදවිය අහිමි විය. 

ඉන්දියාවේ ඇතැම් මෝඩ මිනිස්සු සිතන්නේ සල්මන් ඛාන්ලා, ජයලලිතලා සුරදූතයන්, දූතිකාවන් කියා ය. ඒ අය ඔවුන් වෙනුවෙන් දිවි පුදන්නට පවා ඉදිරිපත් වෙති. 

ඉන්දියාවේ මෙවැනි නඩු තීන්දු ඔස්සේ කිසිවෙක් නීතියට ඉහළින් නැති බව ඔප්පු කර තිබේ. 

එහෙත්, ලංකාවේ නම්, ප්‍රභූවරු බොහෝ විට ඉන්නේ නීතියට ඉහළිනි. පාලකයන්ට පක්ෂ නම්, ප්‍රභූවරුන්ට නීතියෙන් බේරිය හැකි ය. 

මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ මිනීමැරීම සම්බන්ධයෙන් ලද මරණීය දණ්ඩනයෙන් ජනාධිපති සමාව ලැබීම, කාදර්ගේ වංචා නඩුව හා චන්දන කත්‍රිආරච්චිට එරෙහි මිනීමැරුම් නඩුව ඉල්ලා අස් කර ගැනීම වැනි උදාහරණ රැසක් ඉදිරිපත් කළ හැකි ය. 

පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මේ රටේ නිර්මානය කරන ලද තත්වය අතිශය කණගාටුදායක ය. රටේ ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ අයත්, ඇම්බැට්ටයන් හා බත්බැලයිනුත් නිදහසේ අපරාධ කළ හ. නිතිය තඹ දොයිතුවකට නො තැකූ හ. රටේ නීතිය ආරක්ෂා කරන ආයතන ඔවුන්ට රැකවරණය සැපයූ හ. 

දැන් ඔවුන් විලාප තබන්නේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පළිගැනීමක් ය කියා ය. 

නීතියෙන් බේරී සිටීමේ අයිතිය වෙනුවෙන් දැන් පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිවරයා නව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරමින් සිටියි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කෝ මේ හැමදාම මේකෙ කමන්ට් කරන බයියෝ සෙට් එක?

    කමෙන්ට් කරපියව්කෝ ඉස්මනට!

    ReplyDelete
  2. ඔය වේ පුතා ජනාධිපති කමට ගේන කොටම මම විරුද්ධ වුණා. ඕකට ජනාධිපති කෙනෙක් වෙන්න බෑ. එවෙලෙ රනිල් ඉල්ලුව නම් ලේසියෙන්ම නැතත් දිනන්න තිබුණා. පරයා. ලජ්ජා නැතුව මේකා යනවනෙ තමන්ගෙ පවුලම මරන්න හිටපු රාජපක්ෂලා එක්ක නිදි වදින්න. ගුණමකු බල්ලා. තොට චන්දෙ දුන්නට වැඩිය හොඳයි අත් ගොබේ කපා ගත්ත නම්.

    ReplyDelete
    Replies
    1. ඉස්සහරහට මෙයිට වැඩිය හොඳ කතා එයි. හයියෝ ටොයියනේ. :D

      පොරෝ සිරා යනු බලය ලැබේ නං බල්ලෙක් (සම්බන්ධන් , හකීම් etc ) සමග උනත් නිදි වැදීමට සුදානම් තුට්ටු දෙකේ දේශපාලන ගණිකාවක් බව කලින් නොතේරුනිද ?

      Delete
  3. ෂු....ෂු.......ඒගොල්ලෝ ලව් ටෝක්

    ReplyDelete
  4. ඔය සෙල්ලම් ඔක්කොම පාර්ලිමේතුව විසුරුවාකම් විතරයි.. ඊට පස්සේ එන්නේ යූඑන්පී ආන්ඩුවක්..
    ඊට පස්සේ රනිල් අගමැති.. ඔය බබා හුකුන් ඔක්කොම ඉවරයි...

    ReplyDelete
  5. සිරා තිරණය කරන්න ඔනේ කක්කුස්සි කනවද නැද්ද කියලා.මහින්දයා ගැන කතා කරලා වැඩක් නැනේ.

    ReplyDelete
  6. සිරා තිරණය කරන්න ඔනේ කක්කුස්සි කනවද නැද්ද කියලා.මහින්දයා ගැන කතා කරලා වැඩක් නැනේ.

    ReplyDelete
  7. තමන් අඩි 6 ක් යට වළලා දැමීමට ක්‍රියා කළා යැයි තමා විසින්ම පවසන ලද පුද්ගලයා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සාකච්ඡා සඳහා ගියේ තමන් ජනාධිපති පුටුවට ඔසවා තැබීමට ක්‍රියා කළ සියළු බලවේගයන්ගේ ජනමතය නොතකමිනි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා