මහින්දගේ අහිංසක වාස්ගේ හා මහළු ලලිත්ගේ කෙළි

මහින්ද රාජපක්ෂ පසුගිය දිනෙක කීවේ ඔහුගේ හිතවතුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන පාවිච්චි කිරීම වැනි සුළු දේවලට බවයි. එසේම වයස අවුරුදු හැත්තෑව ඉක්මවූ වයෝවෘද්ධ, විශ්‍රාමික රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නට සැරසෙන බව ද රාජකාරි කිරීමේදී මින්  ඉදිරියට රජයේ නිලධාරීන්ට පරිස්සම් වන්නට සිදු වන බව ද ඔහු පැවසී ය. 

මහින්ද රාජපක්ෂ කියන මේ වාහන පාවිච්චි කළ අහිංසකයා සජින් ද වාස් ගුණවර්ධන නම් ඔහුගේ ඇම්බැට්ට ව්‍යාපාරිකයා ය. ඔහු ජනාධිපතිගේ විදේශ කටයුතු උපදේශක (ආචාර්ය දයාන් ජයතිලකගේ ප්‍රධානියා) වූ අතර විදේශ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ද විය. 

මේ අහිංසකයා ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 20ක් ඔහුගේ අහිංසක පෞද්ගලික ව්‍යාපාරවල කටයුතු සඳහා යොදවා තිබිණි. ඒ අතරින් වාහන දෙකක් දිව්වේ ඔහුට අයත් කොස්මෝ නම් ආරක්ෂක සමාගමක වන අතර එ්වා සොයා ගත්තේ එකක් තලංගම නිවසක සඟවා තිබියදී ය. අනෙක නුවරඑළියෙන් අත්අඩංගුවට ගන්නා ලදී. 

මේ අහිංසක වාහන ගැන සටහන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්වෙන්ටරිවල නො තිබූ අතර ඒවා ගැන තොරතුරු රහස් පොලිසියට දී ඇත්තේ මේවා දැක දැක ඇඟේ මාළු නටමින් සිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දුෂ්ඨ, දුර්ජන ‍සේවකයෝ ය. 

ඉතින් ‍මේ අහිංසක සජින් ද වාස් ගුණවර්ධන තරුණයා බන්ධනාගාර රෝහල්ගත කර තිබෙන්නේ මෙන්න මේ වගේ සුට්ටං වරදකට ය. දුෂ්ට පොදු දේපල පනත  යටතේ නඩු දමා තිබෙන නිසා මේ අහිංසකයාට ඇප නැත. 

මහින්ද රාජපක්ෂ කියන අර වයෝවෘද්ධ, විශ්‍රාමික, අහිංසක, අසරණ රජයේ නිලධාරියා ලලිත් වීරතුංග ය. එයා මේ මොනවාවත් දන්නේ නැත. එයා කළේ හිටපු ජනාධිපතිතුමාට අස්සන් කරන්නට ලියුං අල්ලන එක විතර ය. 

මේ යහපාලන ආණ්ඩුව නම් මාර නෝටි ය. අහිංසකය තරුණයන්ට තියා නාකි මැන්ටල්වලටවත් ඉන්නට දෙන්නේ නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ මහත්වරුන් සුක්ෂම විදිහට පන්සලේ ප්‍රධාන දායකයින් වෙමින් පුජා වට්ටිය කර මතින් වඩම්මන ගමන්ම දඹ රන් පිළිමය හොරකම් කල උන්ය.එහෙවු උන්ට දැන් දඬුවම් කර ඇත්තේ ගේට්ටුව ළඟ ගලවා තැබූ සෙරෙප්පු කුට්ටම් සොරකමටය.මුන් සෙරෙප්පු සොරුන් සේ හඳුන්වනවාට මුන්දලා හරි කැමතිය.නමුත් දඹ රන් පිළිම හොරුන් සෙරෙප්පු හොරුන් බවට ලඝු කල යුතු නැත.මුන් කිසිසේත්ම සෙරෙප්පු හොරු වැනි සිල්ලර හොරුන් නොවේ.

    ReplyDelete
  2. Your yahapalayata is very democratic! The only third world country which has a Hora as a finance minister! Central bank governor is responsible for 45 billion theft! You shameless man accusing our hero! Can you remember bombs time?

    ReplyDelete
  3. මහින්දටයි ජාතිවාදී උන්මත්තක සිංහල අන්තවාදීන්ටයි නැවත නැගිටින්න බැරි වෙන්නම පිට කොන්ද කඩා දැමියයුතුයි. එය රටේ කාන්තා පරපුරටත් යහපතක්. සම්ප්‍රදායික පුරුෂාධිපත්‍ය උන්මත්තකයො තමයි සිංහල ජාතිවාදය මෙහෙයවන්නෙත්. මේ පිරිස බලවත්ව ඉන්නකල් කාන්තාවට කිසිම හවුහරනක් නෑ. මහින්දගේ පාලන යුගයක් නැවත ඇති කරන්න හිතන්නත් නරකයි. මේ ජාතිවාදී මහින්ද රැල්ල පරාජය කර චන්දයකට යායුතුයි.

    ReplyDelete
  4. සචින් වාස් කර තියෙන වරද ඉතා විශාලයි,ඒ ගැන ලිව්වා වගෙම අර රිශාඩ් බදියුද්දීන් කරල තියෙන විල්පත්තු වන සන්හාරයයි, ජාතිවාදය අවුලමින් කරතියෙන ජාතිවාදී පදින්චි කිරීම් ගැනයිත් ලියන්නකෝ,එතකොටනෙ ඔබ මද්යස්ත ලේඛකයෙක් හැටියට විශ්වාසයක් ඇති වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අප කලින් ලිව්වා. හැබැයි අපි විරුද්ධ විල්පත්තු වන සංහාරයට විතරක් නෙමෙයි ඒ ඔස්සේ ජාතිවාදය අවුළුවන්නට හදනවාටත් විරුද්ධයි. කියවන්න: වන සංහාරයට හා ජාතිවාදයට යන දෙකට ම එරෙහි වීම

      හැබැයි මා මධ්‍යස්ථ ලේඛකයකු ලෙස වරදවා වටහා ගන්නට උවමනා නැත. මා ඉතා පැහැදිලිව ම මහින්ද රාජපක්ෂ කඳවුරට විරුද්ධ ය. නැවත ඒකාධිපතිවාදය ස්ථාපිත කරන්නට ඔවුන් දරන උත්සාහයට විරුද්ධ ය. එපමණක් නොව, ජනාධිපති මෛත්‍රීපාලට හා මහින්ද විරෝධී කඳවුරේ දේශපාලන පක්ෂවලට විවේචනාත්මක වෙමින් පක්ෂ ය.

      Delete
    2. //එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. // http://www.w3lanka.com/2014/11/blog-post_83.html හු හු. කටින්ද දැන් මේ කියන්නේ ? හෙළුව එළියේ කාලකන්නියෝ වහගනින්.

      Delete
  5. http://3mana.com/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9C/

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා