ජොනී දේශපාලන බලය පාවිච්චි කර ලක්ෂ 50ක් වංචා කිරීම සිවිල් කේස් එකක් ද?

ලක්ෂ 52ක් වංචා කර වීරයකු සේ ...............
නීතිඥ මහින්ද රාජපක්ෂට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් හිටපු ඇමතිවරයා දේශපාලන බලය පාවිච්චි කර තම අමාත්‍යංශය යටතේ තිබූ සතොසෙන් රුපියල් ලක්ෂ 52ක බඩු අරගෙන මුදල් නො ගෙවීම සිවිල් නඩුවකි. වංචාවක්, බලය අයුතු ලෙස පරිහරණය කිරීමක් නො වේ. ඒ නිසා මුල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම පළිගැනීමකි. 

ස‍තොස කඩ තුනකින් ඇමතිවරයා මෙම භාණ්ඩ තොගය අරගෙන ගොස් තිබෙන්නේ 2013දී ඔහුගේ පුතා පළාත් සභාවට ඡන්දය දුන් අවස්ථාවේ සිය කාර්යාලවල දමා තිබුණු දන්සැල්වලින් ආධාරකරුවන්ට ගිල්ලවන්නට ය. 

ඒ දවස්වල ජොනීගේ පුතා කුරුණෑගල ජනතාවට පෙන්නුවේ අප්පගේ බූදලෙන් අත දිග හැර වියදම් කරනවා ය කියා ය. එහෙත් අවසානයේදී කර තිබෙන්නේ මෙසේ ය. පාටි දැම්මේ උන් ය. බිල් ගෙව්වේ රජයට අයත් සමාගමකිනි. 

මහින්ද කියන්නේ මේක කොම්පැනියකින් ණය අරගෙන පොල්ල තැබීමක් නිසා සිවිල් කේස් එකක් ය කියා ය. ඒ වුණාට මේ කොම්පැනියට ආයෝජනය කළේ මහජන මුදල් ය. එය අයිති රජයට මිස රාජපක්ෂ පවුලට හෝ ජොනීගේ පවුලට නො වේ. මෙහි තිබෙන්නේ සිය දේශපාලන බලය පාවිච්චි කරමින් සිදු කරන ලද දූෂණයක් මිස ණයක් නො ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් නො වේ. 

මේවා පළි ගැනීම් වන්නටත් පුළුවන. එහෙත්, මෙතැන පැහැදිලිව ම වංචාවක් ද සිදු වී තිබේ. එය මහින්ද රාජපක්ෂ කියන ආකාරයේ සිවිල් කේස් එකක් නො වේ.

ඒගොල්ලන්ට මේවා සුළු කේස් විය හැකි ය. එහෙත්, මහජනතාවගෙන් අති බහුතරයකට රුපියල් ලක්ෂ 52ක් යනු කජු ඇට කොස් ඇට වගේ නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රුපියලක චංචාව ද වංචාවකි, හොරකමකි!

    සෑහෙන කාලයකට කලින්, මං හිතන්නේ හැත්තෑව දශකයේ මුල් කාලයේ, තම පුද්ගලික සායනයේ දී රුපියක් විසි පහක් අය කර, තමන් සේවය කරන රජයේ රෝහලට රෝගියෙක් ඇතුළත් කළ වෛද්‍යවරයෙකු අල්ලස් චෝදනවාට ලක් වී දඬුවම් වින්දා!

    ReplyDelete
  2. You are hyper biased! He has provided receipts that he received from Sayhosa having paid all the money. He presented them to courts!( kangaroo courts?) but lawyers say they have not received confirmation from Sathosa! Is this your pukka democracy? What about the central bank governor and 45 billion fraud? Mr, be honest to yourself! Karma exists!

    ReplyDelete
  3. පැරා තාම බිලියන 45 හේ බැඳුම් කර වංචාව ගැන මුකුත් ලිව්වේ නෑ නේ.. අහ් අමතක උනා බිලියන 45 කජු ඇට කොස් ඇට වගේද ලස්සම 52 ක්. UNP පුකවල් හෝදන ගණන් බැරි තෙත් කලාපයේ වාමාංශික පැරාට ජයවේවා. :)
    - මහසොහොන් පිල්ලිය

    ReplyDelete
  4. para mahathyo oya wage uthum minehekuta oya kalakannige awalada wadinne neha. oyata awama manussakamak thiyana, civilized wechccha minisunge wagema soba dahame ashirwadaya thiyanawa. eka wishwasa karnna. obata saha obe pawule samata sada yahapatha pathami.

    ReplyDelete
  5. ජොනී ට තියෙන වත්කම් එක්ක බැලුවම ලක්ශ 52 කියනෙක ගෙවන්න 'අමතක වුනා' කියුවත් අවිශ්වාස කරන්න බෑ.. ඒ තරමට මේ වගේ ගානක් මිනිහට නොවැදගත්.. තව එකක්.. මං දන්න තරමින් ජොනී ඉල්ලල නෙවෙයි මේ බඩු ඡන්දෙ දවස්වල මිනිහට යවල තියෙන්නේ. සතොසේ උවමනාවෙන් වගේ.

    ReplyDelete
  6. රාජපක්ෂ යුගයේ ඇමැතිවරුන්ගේ තිබුණු සිරිතක් තමයි ණයට භාණ්ඩ හෝ සේවා ලබාගෙන ඉන්පසුව බිල තමන් යටතේ තිබුණු ආයතනයකට එවන එක ගෙවන්න. කොටින්ම මහින්ද පුද්ගලික සුපර්මාකට් වලින් බඩු අරගෙන ඒවා ගෙවන්න සතොසට එව්වා. විමල් වීරවංශ ඩුවන් හමුදා හෙලිකොප්ටර් භාවිතා කර බිල රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට එව්වා. ජොනියාත් කර තියෙන්නේ ඒ වගේ දෙයක්. නමුත් ජොනියා ගොනා නිසා තමන් යටතේම තිබුණු ආයතනයකින් බඩු අරගෙන තියෙන්නෙ. එහෙම නැතුව කීල්ස් සුපර්මාකට් එකෙන් ඔය බඩු අරගෙන සතිටස බිල ගෙවන්න දැම්මා නම් මේ කේස් නැහැ.

    ReplyDelete
  7. Civil and Political Liberty can never flourish in a country which has no veneration for Justice, and does not cultivate the Sense of Justice; in which the people do not protest then and there against acts of oppression, and take up the cause of the down-trodden as their own cause, and work constitutionally for redress.

    ReplyDelete
  8. මේකට කරන්න තිබුනේ ජොන්ස්ටන් ගේ යාලු නීතිඥයෝ තුන් දෙනෙක් දාල කමිටුවක් පත් කරන එක නෙවෙයි ද ........?

    ආහ් වැරදුනා...... එහෙම කරන්න බැහැ නේ ලක්ෂ පනස් දෙකක් වගේ හිතා ගන්නත් බැරි මුදල් කන්දරාවකට...... ඔන්න අර්ජුන් මහේන්ද්‍රන් ගැහුවා වගේ බිලියන් ගානක් වගේ කජු ඇට කොස් ඇට ගානකට නම් එහෙම තමයි කරන්න ඕනේ .....

    පැරා මේ ලියන ඒවා ඩිලීට් කරන්න එපා බන් කවද හරි...... උඹේ දරුවන්ටත් ලජ්ජා හිතෙන්න තියල තියපන්......


    ReplyDelete
  9. Why don't you publish comments? Backbonelessness? Your back must be like that of Mangala Ponseka, sorry minister Mangala

    ReplyDelete
  10. මහින්ද කුමක් කීවද ඔහුගේ පිරිවරට එය ඇත්තකි.

    ReplyDelete
  11. oyata dan comment danne naha wadak nathi nisa. oyata hodayi kiyana ewa witharayi oya danne. Maru wikalpa madya wediya. Thuk Nodakin.

    ReplyDelete
  12. මහින්ද හිතනවා ඇත්තේ "මම පහුගිය කාලේ රජයේ මුදලින් දන්සැල් දාපු දැමිල්ලෙ හැටියට මේක මොන ක්‍රිමිනෙල්ද" කියා විය යුතුය

    ReplyDelete
  13. ape media inne MARA hurathal karanna ne. ammapa mugen mewa ahanna kenek nane. Para oya meke liya liya inne oyath yanna ara mike allana madyakarayek wela.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා