මහින්ද කල්ලිය විසින් නො මග යවා තිබුණත් ඒ අපේ රටේ මිනිස්සු ය

පහත පළවන්නේ මෙහි ඇති වෙබ් බැනරයත් සමග මේ දිනවල සමාජ ජාලවල සංසරණය වන සටහනකි. එය පළ කර තිබෙන්නේ සිංහල බොදුනුවා නම් ෆේස්බුක් පිටුවක ය.


කොටින්ට කඩේ යන හොර ආචාර්ය සිංහල කොටියාට
කිරුළපනදී වාහනයෙන් බස්සා
පහර පිට පහර එල්ල කළ
අපේ වීර සිංහ කොල්ලොන්ට
ලක්ෂ 58 ක ජනතාවගේ උත්තමාචාරය

නිවටයන් ලෙස බලා නොසිට පහර දුන් අපේ කොල්ලොන්ට ස්තූති කරන්න මේක like share කරන්න

මෙම ‍ෆේස්බුක් පිටුවේ ඉහළින් ම තිබෙන ඡායාරූපය මෙසේ ය:


මෙම ෆේස්බුක් පිටුව පසුගිය දිනවල රැස්වීම් පැවැත්වූ මහින්ද රාජපක්ෂගේ සමාජ මාධ්‍ය බලකායේ කොටසක් බව පෙනේ.

හොඳින් අධ්‍යයනය කළහොත් මෙම ක්‍රියා පසුපස සිටින හා ඒවා ප්‍රවර්ධනය කරන අය පහසුවෙන් හඳුනා ගත හැකි ය.

එහෙත්, වැදගත් කාරණය එය නො වේ.

සිහල ජනතාවගෙන් 50%කට ආසන්න ප්‍රතිශතයක් මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් බව ඇත්තකි. එහෙත්, මේ වන විට තව දුරටත් මහින්ද වෙනුවෙන් සටන් කරමින් සිටින පිරිස මේ අතරින් සුවිශේෂ කොටසකි. ඔවුන්ට නායකත්වය දෙන්නේ ප්‍රජාන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය පිහිටුවීමත් සමග අනතුරට පත් වී සිටින සොරුන් හා රාජපක්ෂ පවුල්වාදය නොමැති තත්වයක් තුළ සරණක් නැති දේශපාලන අනාථයන් පිරිසකි.

එහෙත්, ඔවුන්ගෙන් නායකත්වය ලබන බලවේගය යනු 'ආයුබෝවේවා මහරජාණනේ' පන්නයේ උම්මත්තකයන් පිරිසකි. මම මේ වචනය පාවිච්චි කරන්නේ රෝගීන් පිරිසකට අවමන් කිරීමට නො වේ. මා එවන් අය ඇසුරු කර ලබා ඇති අත්දැකීම අනුවයි. නිර්මාල් ‍මහින්ද කල්ලියේ රැස්වීම බලන්නට යන්නට ඇත්තේ එවැනි මිනිසුන් අැසුරු කර අත්දැකීම් ලබා නැති නිසා වන්නට පුළුවන.

මගේ ඉතා සමීප ඥාතීන් අතර ද මෙවැනි මහින්දවාදීන් සිටින අතර, නෑකම් කුමක් වුවත්, ඔවුන් මගේ ජීවිතයට අනතුරක් කරන්නට ඉදිරිපත් විය හැකි යයි මට සිතෙන බැවින් මා ඔවුන් ඇසුරු කරන්නේ අතිශය පරිස්සමෙනි. ඇතැම් කාරණාවලදී ඔවුන්ට ජය අත් කර දී පසුබැසිය යුතු තරම් ඔවුහු වියරු ය. අතාර්කික ය. ප්‍රචණ්ඩ ය.

මෙම බලවේගයේ ප්‍රචණ්ඩත්වය එන්න, එන්න ම වැඩි වෙමින් තිබේ. ඔවුන් හුදකලා වන තරම වැඩි වන විට ප්‍රචණ්ඩත්වය ද වැඩි වන බව නිරීක්ෂණය කළ හැකි ය. එසේම, ඔවුහු වැඩි වැඩියෙන් ජාතිවාදයට, ආගම්වාදයට පමණක් නොව කුලවාදයට පවා මුවා වෙති. පසුගිය සමයේ මහින්දගේ සමාජ මාධ්‍ය බලකාය විසින් සංසරණය කරන ලද එක් වෙබ් බැනරයක කියවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 'අඩු කුලේ' බවයි.

ජාතිවාදයට, ආගම්වාදයට මුවා වුණ ද ඔවුන්ගේ සිංහල භාෂාව අතිශය අව්‍යක්ත ය. අදහස් බුදු දහමට නො ගැලපීම ගැන කතා කළ යුතු නැත.

පසුගිය දිනෙක මෙවැනි වැඩිහිටි පිරිසක් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණු වීඩියෝවක වයස අවුරුදු හතරක, පහක කුඩා දරුවෙක් යොදාගෙන ජනාධිපති මෛත්‍රීපාලට අවමන් කරමින් මහින්ද වර්ණනා කරවයි. පසුබිමේ සිට ළමයාගේ මව ද එයට හවුල් වන ආකාරය දැකිය හැකි ය.

මෙම බලවේගය වනාහි සංවාද මගින් වෙනස් කළ හැකි පිරිසක් නො වේ. අතිශය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සංවාද කරන්නට කැමති පුද්ගලයකු වන නිර්මාල්ට ඔවුන් එල්ල කළ ප්‍රහාරය ඒ බව සංකේතවත් කරයි.

ප්‍රසිද්ධියේ කරන වෛරී ප්‍රකාශවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම හා මෙම බලවේගයේ නායකයන් ඒ ඔස්සේ පුනරුත්ථාපනය කිරීමට පියවර ගැනීම අවශ්‍ය මටටමකට දැන් ඔවුන් තල්ලු වී සිටිති. නැතිනම්, නුදුරේදී ම ඔවුන් බරපතල ප්‍රශ්නයක් වනු ඇත.

ඔවුන් තව දුරටත් ප්‍රචණ්ඩත්වය වෙත තල්ලු කර, සියතින් ම විනාශය උදා කර ගන්නා තත්වයක් වුව නිර්මානය කිරීම ඉතා පහසු ය. එහෙත්, එයින් සිදු වන විනාශය වැඩි ය. මහින්ද කල්ලිය විසින් නො මග යවා තිබුණත් ඒ අපේ රටේ මිනිස්සු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Sinhala bodunuwa kageda kiyala hondata hoyala balapan unp ekata kade yanagaman anith paththata puka denne oken baiyo gonnu kiyala pennanna.modayek wage kade yanna epa para

    ReplyDelete
    Replies
    1. රංග ජයවර්දන කියලා නූගත් හරකෙක් පේජ් ගොඩක් කරනවා. සිංහල බුඩිස්ට්, නිව් සිංහල බුඩිස්ට්, සිංහල බොදුනුවා, උගේ තියෙන්නෙ ඔය වගේ අදහස් තමා. උගෙ පෝස්ට් බලපුවම අට වසරටවත් ඉස්කෝලෙ ගිය එකෙක් කියන්න බෑ.

      Delete
    2. AnonymousMay 2, 2015 at 11:44 AM
      එක පැත්තකට කඩේ යන ගමන් අනිත් පැත්තට පුක දෙන්නෙ කොහොමද කියලත් පොඩ්ඩක් පැහැදිළි කරනවද? නොතේරෙන නිසයි අහන්නෙ සවුත්තුව දාන්න එහෙම නෙවෙයි.

      Delete
    3. Sinhala bodunuwa page ekata gihing balaganingko eka.umbage nikan loku talk withatai.waraddak wunana piliganna bane.pata kannadi galawala wareng

      Delete
    4. Shani ponnaya ko

      Delete
  2. 100% agreed with this article. Well said Paraa..

    ReplyDelete
  3. අයියෝ්‍...... පැරා අහුවෙලා,.!! මේකත් අර
    වර්ගපූර්ණිකාව වගේ එකක්!

    ReplyDelete
    Replies
    1. මෝඩ පැරා, පැරඬියක් අඳුරන්නෙත් නැහැ. ඒකට මොකද යූඑන්පී බ්ලොග් සම්මාන උළෙලේ ප්‍රධාන කථිකයා.

      Delete
    2. කෙළවා ගත් විට එය අපේ නෙමෙයි කියන එක සාමාන්‍ය සිරිතකි. ඒකත් ඇනොනිමස් ඇවිත් නො කියා කෙළින් ම කියන්නට කොන්දක් නැතිකම හා කුණුහරුපෙන් බැන වදිමින් තර්ජන කිරීම නිවටයන්ගේ ක්‍රියාවකි.

      Delete
  4. අයියෝ පැරාටත් sarcasm උගන්නන්න වෙයි වගේ. මේක මහින්දට කඩේ යන පේජ් එකක් නෙමේ පැරා. හීන් නූලෙන් මහින්දටයි ගෝලයන්ටයි කින්ඩි දාන එක තමයි ඔය පේජ් එකෙන් කරන්නේ.

    ReplyDelete
  5. meka Mahinda karanawa wage pennana but mahindata wirudda aya karana page ekak.. aiyoo para ahuwela post ekakuth daala..

    ReplyDelete
  6. නිර්මාල් රංජිත් දේවසිරි ද්‍රෝහියාට පහර දීම සම්බන්ධව අවංක, උගත්, මැදහත්, ස්වාධීන, අව්‍යාජ බ්ලොග්කරුවකු වන ජ්‍යෝතිර්වේදී චතුෂ තුෂර කුමාරගේ විග්‍රහය පහත පළවේ.

    නිර්මාල් රංජිත්ට නෙලලා කියලා ආරංචියි...

    පුළුවන්නං අවට තියෙන සීසීටීවී කැමරා සහ සිද්ධිය වීඩීයෝ කල අය ඉන්නවනං ඒ වීඩීයෝ අනුව පහර දුන් පිරිස් අත්අඩංගුවට අරගෙන විමර්ෂණය කල යුතුයි. බොහෝ දුරට මේක බොහෝම සැලසුම් සහගතව කරපු දෙයක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා..

    මොකද මේ බුකියේ ඉන්න අපි ඔය යෝධයව යන්තං දන්නවා උනාට සාමාන්‍ය මිනිස්සු ඔය යකාව දැක්ක පලියට අදුරගන්න විදියක් නැහැ. ඕනනං අර විශ්ව විද්‍යාල ඇතුලේ බොරු ආචාරිය වර්ජන කරවලා පස්සේ වෙට්ටු දැම්ම ගුරා කිව්වනං යන්තං දන්න එකෙක් දෙන්නෙක් ඉදියි.. ඒත් මූණ මතක තියෙන්න තරං ගොබිලෙක් නෙවෙයිනේ ඔය හාදයා... වැඩේ දන්න කියන අය ලවා සෙට් කරවලා ඔතන බැස්සා වෙන්නත් පුළුවන්...

    එහෙම නැතිව මේ අහවලාය කියලා අදුරං නෙලුවා කියන එකනං වෙන්න ටිකක් අමාරුයි... මෑන්ව දන්න කියන අපිට උනත් එක පාරට දැක්ක ගමන් මතක් වෙන තරමේ මූණක් නැති එකේ රැස්වීමට ඇවිත් හිටිය දාස්ගානක මිනිස්සුන් අතරේ ඔය මූණ එහෙමකට අදුරගත්තා කියන එක වෙන්න බැහැ.. යන්තං හරි මේ අපි දැකලා අදුරත්තත් ඔය යකාට ගහන්න යන්නේ කවුද හේතුවක් ඇතා නැතා...

    එක්කෝ මෑන්ම කට්ටිය සෙට් කරලා ඇවිල්ලා වෙන්න ඇහැකි.. නැත්තං මිනිහා කවුද කියලා හරියට නොදැන මොකක් හරි අවලං වැඩක් කරලා ඒ හරහා බඩු හම්බුනා හරි වෙන්න පුළුවන්...
    මේ අහවලාය කියලා හරියටම දැනං.. ඒ වෙලාවේ කරපු මොකාක් නමුත් අවලං වැඩක් නොවී කවුරු හරි මේ මූමය.. මූට ගහපියවු කියලා මිනිහම සෙට් කරපු අය නොවන පිරිසක් මෑන්ට නෙළුවනං අන්න ඒක සීන් එකක් තමා... එහෙම වෙලානං ගහපු ඈයෝ අල්ලලා ඕන නඩුවක් දාගත්තට අපිට කාරි නැහැ...

    ReplyDelete
  7. අපේ උගත් බුද්ධිමත් පැරා අහුවෙනවද එහෙම ... :D
    අයියෝ යුනිකෝඩ් !!!

    ReplyDelete
  8. මේ විසකුරු සර්පයින්ගෙ දල කඩල දානකම් තව ගොඩක් දේවල් සිද්ද වෙයි.මුන්ට මයිත්ත්‍රී කරන්න ගියොත්,මයිත්ත්‍රීටත් අබ සරනම තමා.

    ReplyDelete
  9. Good analysis. This mindset was created partly by the patriotic war discourse before and after the war and the way in which Rajapaksa was elevated to demigod status. Media played a big role in creating this psychology. As the writer says it is imperative that the law be enforced and these people be punished and rehabilitated through the legal system.

    ReplyDelete
  10. Sinhala Bodunuwa namin pituwak karagena yana hambaya gena nodanna para mari moda mee harakeki
    Ohuge kriya kalapaya kumakda yanna Sinhala Bhudist pituwa nikamata ho kiyawana onama ayek daniy
    E hambaya UNP ekata kade yanne Mahinda wadiyek bawa penena post damamin ohuwa apakirthiyata path kirimeni
    Namuth para wani pungulan eya nodena mewani moda prakasha nikuth kara gu naai, chu boi

    ReplyDelete
  11. අනේ පැරා අයියේ............. මහින්දට මේක මාර අපල කාලයක්........ මේ පාරත් මිනිහා චිත්‍ර අදින්නත් කලින් චිත්‍ර පේල් වෙයි වගේ............

    ReplyDelete
  12. පැරාට ගැලපෙන තේමා ගීතය,"පැලද කඩුකස්තාන ගමට නම්බුව ගේන,අපේ ආරච්චී මැතිදා වීරයා.......සින්දුව දිගටම කියෙව්වාම මැන්ම තමා.

    ReplyDelete
    Replies
    1. Parage Atta charithe oya eliwenne

      Delete
  13. හඃ හා ! පැරකුම් ගේ මෙම ලිපිය දැක්ක ගමන් මට මතක් වුනේ හිටපු ජවිපෙ නායක සෝමවංශ සහෝදරයාගේ උපවාසය. හැබෑටම පැරකුම් මහත්තයෝ අර නම වෙනිද අරලිය ගහ මන්දිර කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ කඩිනම් කිරීමට රජයට බල කරමින් ලිපියක් ලිව්වොත් නරකද?

    ආචාර්ය නිර්මාල් මහතාට සැබෑවටම පහරදීමක් වී ඇත්නම් අපි එය තරයේ හෙලාදකින අතර අදාල ප්‍රහාරකයින් ඉක්මනින් අත් අඩංගුවට ගෙන නීතිමය පියවර ගත යුතුය. පැරකුම් ගෙන් ඉල්ලා සිටින්නේ මීට වඩා විචාර බුද්ධියක් සහිතව කටයුතු කරන ලෙසයි. විශේෂයෙන්ම මුහුණුපොත ආදියෙහි උපහාසාත්මක වෙබ් අඩවි පිලිබඳ තරුණයින් සමග සාකච්ඡා කොට දැනුවත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. 'විචාර බුද්ධියක්'සහ 'මුහුණුපොත', "යුද්ධය සහ සාමය" වගේ

      Delete
  14. ඔය මහත්තයා මෙතැන තේරුම් අරගෙන තිබෙනවා වැරදියි..
    සිංහල බුඩිස්ට් ෆේස්බුක් පේජ් එක ෆේස්බුක් එකෙන් තාවකාලිකව අයින් උන වේලේ තමා ඒ වෙනුවට යම් අයෙක් ඔබ මෙහි දක්වා තිබෙන සිංහල බොදුණුවා පේජය පටන්ගත්තේ,...
    ඒ දිනවල එම පේජයට ලයික් දමා ගන්නට ඔවුන් තමන් සිංහල බුඩිස්ට් පේජයේ අය හැටියට පෙනී හිටිය බවත් මතකයි..
    ඔවුන් ඒ දවස්වල ඉඳලාම හදපු පෝස්ට් සියල්ල හැදුවේ ඔවැනි ආකාරයටයි..
    ඔවුන්ගේ චේතනාව සිංහල බෞද්ධ ලෙසින් පෙනී සිට වැරදි මත හිතා මතා පතුරවමින් සිංහල බෞද්ධ පාර්ශව වලට අගෞරවයක් , අපකීර්තියක් ගෙන දීමයි...
    ඇතැම් දේශපාලන කරුණුත් , දේශපාලකයන්වත් ඒ සඳහා ඈඳා ගන්නවා...
    තවත් බොහෝ මෙවන් පිටු තිබෙනවා...
    මේ හැම එකක්ම පිටුපස සිටින්නේ එකම විධිහේ අදහස් දරන පුද්ගලයන් පිරිසක්...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා