පාර්ලිමේන්තුව ලබන සතියේ විසුරුවයි ද?

මැතිවරණ ක්‍රමය වෙනස් කරන නීති සම්පාදනයකින් තොරව පාර්ලිමේන්තුව විසුරුවන්නට ඉඩ තිබෙන බව ආරංචි මාර්ග පවසයි. 

ඒ අනුව මීළඟ මහ මැතිවරණය ද බොහෝ දුරට වර්තමාන මැතිවරණ ක්‍රම‍ය යටතේ ම පැවැත්වීමට ඉඩ තිබේ. 

එය අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. 

එහෙත්, විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂවාදී කඩාකප්පල්කාරී බලවේගය සමග කුමන හෝ සම්මුතියකට පැමිණීම පහසු නැති බව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් පෙන්වා දෙන ලදී. කලක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටි දිනේෂ් ගුණවර්ධනගේ හැසිරීම මෙයට කදිම නිදසුනකි. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඔහුට අවශ්‍ය වුණේ ජනාධිපතිවරයාට ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුව විසුරුවීමට අවශ්‍ය බලය ලබා දෙන්නටයි. ඔහුගේ චර්යාව තේරුම් ගත හැකි එක ම පදනම කඩාකප්පල්කාරිත්වයයි. 

මහින්ද රාජපක්ෂ කල්ලියේ බලපෑම හමුවේ ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල් ප්‍රේම ජයන්ත වැනි අයගේ හැසිරීම ද තේරුම් ගැනීම තරමක් දුෂ්කර ය. ඔවුන් කෙතරම් දුරට ජනාධිපති මෛත්‍රීපාල සමග එකට සිටිනවා ද යන්න ද අපැහැදිලි ය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඔවුන් සංශෝධන ගෙනාවේ ජනාධිපතිවරයාගේ උවමනාවට ද, නැතිනම් ජනාධිපතිවරයාට ඔවුන් සම්බන්ධයෙන් පූර්ණ පාලනයක් නැති නිසා ද යන්න අපැහැදිලි ය. 

මෙම තත්වය හමුවේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ද 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත් වූ තත්වය ම අත් වීමට බොහෝ දුරට ඉඩ තිබේ. සංශෝධනය විකෘති වී අනාගතයට තවත් ප්‍රශ්න රැසක් නිර්මානය කරන සංශෝධනයක් බවට පත් වීමට ඉඩ තිබේ. 

එසේම, රාජපක්ෂ කල්ලියේ උපායමාර්ගය වී තිබෙන අරාජිකත්වයක් නිර්මානය කිරීමේ උවමනාවට ද ඉඩ දිය යුතු නැත. 

එබැවින් අලුත් ජනවරමක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම යුක්තියුක්ත ක්‍රියාවකි. 

ශ්‍රීලනිපය දෙකට කැඩීම අනිවාර්ය තත්වයකි. තමන්ට එරෙහිව ඇති චෝදනා විමර්ශනය කිරීම වළක්වා ගැනීම සඳහා රාජපක්ෂ කල්ලිය බලය වෙනුවෙන් උපරිම උත්සාහය දරනු ඇත. ජනාධිපති මෛත්‍රීපාල සමග සිටින ඇතැම් බලවේග පවා නැවත මහින්ද රාජපක්ෂ පසුපස යන්නට ඉඩ තිබේ. එවැනි පසුබිමක් තුළ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයට අත් වන ඉරණම ගැටලු සහගත ය. කෙසේ වෙතත්, රාජපක්ෂ කල්ලිය සමග වැඩ කිරීමට වඩා ජනාධිපතිවරයාට පහසු වන්නේ එජාපය සමග වැඩ කිරීමයි. 

එහෙත්, ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වය හා එජාපය අතර මැතිවරණ සම්මුතියක් නිර්මානය වුවහොත්, මහින්ද කල්ලිය නිතැතින් ම දෙවන බලවේගය බවට පත් වන්නට ඉඩ තිබේ. 

කුමන තත්වයක් යටතේ වුව ද, අලුත් ජනවරමක් වෙනුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය ය. 

මහ මැතිවරණයකදී රටට යහපත් ප්‍රතිඵලයක් අත් කර ගැනීම සඳහා පුරවැසි බලවේග කුමක් කළ යුතු ද යන්න ගැන සංවාදයක් ආරම්භ කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //මහ මැතිවරණයකදී රටට යහපත් ප්‍රතිඵලයක් අත් කර ගැනීම සඳහා පුරවැසි බලවේග කුමක් කළ යුතු ද//
    මුකුත් නොකර ඉන්න තරමට තමන්ගේ ගොං කම ලෝකෙට එලි නොවී තියේවි. හැබැයි එහෙම කිව්වයි කියල පැරා නං හෙළුවෙන් නටන එක නවත්තන් නැති වෙයි. අපි එන්නං බලල ආතල් එකක් අරං යන්න. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. මේ "මහසොහොන් පිල්ලිය" යනු 'W3ලංකා' බ්ලොගයේ පෝස්ටු අල කිරීම සඳහා ම නිර්මාණය කරන ලද ප්‍රොෆයිලයකි. මොහු මෙතැන ම විනා අන් කිසි තැනෙක කොමෙන්ට් නොකර යි. පැරා තවදුරටත් මොහුට මේ බ්ලොගයේ ඉඩ දෙන්නේ මන්දැ යි මට නොතේරේ.

      Delete
    2. නලින් රණවනMay 11, 2015 at 10:07 AM

      මහසොහොන් පිල්ලිය යනු මෙලෝ රහක් නැති ෆේකියෙකි - හැකිනම් තමන්ගේ නමෙන්ම එන ලෙස අභියෝග කරමි

      Delete
  2. දැන් පවතින දේශපාලන වාතාවරණය අනුව මෙම පාර්ලිමේන්තුව විසුරුවා චන්දයක් පවත්වන එක තමයි හොඳ. 20 වෙනි ව්‍යවස්ථාව ජනතාව ඉදිරියට ගෙනියන්න එතකොට ඔය ප්‍රධාන පක්ෂ දෙකටම පුළුවනි. නව ව්‍යවස්ථාවකට ජනතා කමතට ගන්න හොඳ අවස්ථාවක් මේ.

    ReplyDelete
  3. what do u think about the amendments they presented, their argument was that parliamentarians who are elected by the people needs representation on the committees,on the other hand if we have a committee full of civilians is there a risk of them taking over a power which they have not been appointed by the people.even though parliamentarians are a bunch of crooked groons still they are appointed by the people so they can be held accountable for what they do, atleast if they do stupid shit the chances of them being reelected could go down. but with civilians what control do we have, again the question comes should we have a control over these committees, my view is that everything needs its checks and balances

    ReplyDelete
  4. මෛත්‍රී-එ.ජා.ප. මැතිවරණ සම්මුතියක් ඇතිවුවහොත් ජ.වි.පෙ. රටේ දෙවන බළවේගය බවට පත්කිරීමට තරම් ඡන්දදායකයා බුද්ධිමත් වුවහොත් එය වඩාත් ඵලදායි වනුඇතැයි යන්න මගේ හැඟීමයි.

    ReplyDelete
  5. පැරත් සිරි අයියගේ පාරෙන්ම යන්න වගේ හදන්නේ....! හා හොඳයි හොඳයි.....!

    ReplyDelete
  6. You guys could not bring the hooligans who allegedly "attacked" Dewaya!! This is inability of the government to govern the country!!

    ReplyDelete
  7. Sorry, it should be :

    You guys could not bring the hooligans who allegedly "attacked" Dewaya to justice!! This is inability of the government to govern the country!!

    ReplyDelete
  8. අනෙ ඉතින් පැරා ල බ්ලොග් ලියාවි. දෙශපාලනෙ කරන උන් දෙශපාලනෙ කරාවි...අපි ඉතින් ඔය රස්සාවක් කරගෙන ඉදීවි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා