වන සංහාරයට හා ජාතිවාදයට යන දෙකට ම එරෙහි වීම

විල්පත්තුවේ සිදු වන වන සංහාරයන් නැවැත්විය යුතු බවට කිසිදු තර්කයක් නැත. 

වන සංහාරයක යෙදෙන බවට ඇමති බදුර්දීන්ට එරෙහිව තිබෙන චෝදනා විමර්ශනය කළ යුතු ය. එහි ඇත්ත, නැත්ත සොයා බැලිය යුතු ය.

එහෙත්, ලංකාවේ වන විනාශයේ යෙදෙන්නේ, එහෙමත් නැතිනම් විල්පත්තු වනය විනාශ කළේ මුස්ලිම් ජනයා පමණක් නො වේ. 

වන විනාශයට එරෙහි විය යුතු ය. එහෙත්, වන විනාශය ට එරෙහි වීම මුවාවෙන් මුස්ලිම් විරෝධය සමග සම්බන්ධ විය යුතු නැත. මේ දෙක පැහැදිලිව වෙන් කර ගත යුතු ය. 

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන්ගේ ක්‍රියාකාරිත්වය තුළ ඉතා විශිෂ්ට ලක්ෂණයක් නිරීක්ෂණය කළෙමි. 

ඒ වනාහි වන විනාශයටත්, ජාතිවාදයටත් යන දෙකට ම එරෙහි වීමයි. 

අපේ සමාජය ගැන සුබවාදීව සිතන්නට දැන් දැන් කරුණු යෙදෙමින් තිබේ. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. විල්පත්තුව ගැන විස්සෝප වෙන උන්දලා,මරාගේ කාලේ හිතුමතේ මත්තල කැලේ කපලා එතන ප්ලේනුත් එන්නේ නැති එයාර්පෝර්ට් එකක් හදද්දී එතන කරපු වන සංහාරය ගැන කතා නොකළේ ඇයි? සිංහරාජ කැලේ මැදින් පාරක් කපද්දී එව්වා ගැන කතා නොකළේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි හැම රජයක්ම තමන් හෝ තම පාර්ශ්වකරුවකු විසින් කරන සියලු වැරදි සාධාරණීකරණය කොට මහජනයාගෙන් වසන් කරනවා. එක්කෝ රාජ්‍ය බලය යොදවා මහජන මතය යටපත් කරනවා. සිංහරාජය, මත්තල වුණේ එහෙම. විල්පත්තුවත් මේ විදිහටම යට යනවා දිගටම රාජපක්ෂ පාලනය තිබුණා නම්. පාලන වෙනස්වීමත් එක්ක මේකට විරුද්ධ මතය උඩට ආවා. මේ රජයේ වුණත් ටිකක් කල්ගත වෙන කොට මෙවැනි ක්‍රියා මතුවීමට විරුද්ධව රාජ්‍ය බලය යොදා නොගනියි කියලා හිතන්න බෑ.

      Delete
    2. see the democracy power now, HE has accept the public openion and stop the wilpaththu distroy

      Delete
  2. ඒ සේරටම විරුද්ධ වෙන්න ඕන. ඒත් ඒ කාලෙ බොහොම දෙනෙක් බයවෙලා හිටියෙ. දැන් තමයි ටිකක් හරි බය ඇරිල තියෙන්නෙ. ඉතින් දැන් හරි වනසංහාරයට විරුද්ධ වෙන්න ඕන. ඒවගේම ජාතිවාදයට විරුද්ධ වෙන්නත් ඕන.

    ReplyDelete
  3. පැරාගෙන් අළුත්ම සේවාවක් - මූණු බලා සාත්තර කීම
    මේ සඳහා ඡායාරූපයක් වුව ප්‍රමාණවත් වේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    මේ වන විට මහින්ද මෛත්‍රී සාකච්ඡාවේත්, කුරුණෑගල රැස්වීමේ වේදිකාවේ ඉන්න උදවියගේත් මූණු සහිත ඡායාරූප පදනම් කරගෙන සාර්ථක විග්‍රහයන් සිදු කර ඇත. මේ පැරා ලබා දෙන අළුත්ම සේවාවයි. ඔබත් ඡායාරූයක් එවා පැරාගේ විග්‍රහය ලබා ගන්න. (සැ.යු.- ඡායාරූප එවන විට රනිල්-මෛත්‍රී පිලේ අයගේ ප්‍රබා්ධමත් මූණු සහිත ඡායාරූපත් මහින්ද පිලේ අයගේ මැලවුණු මූණු සහිත ඡයාරූපත් එවීමෙන් විග්‍රහය පහසුවෙන් ලබා ගත හැක. නැතිනම් කාලය වැඩියෙන් ගත වේ.

    ReplyDelete
  4. dinaar walin duwana blog kaarayoth innawa.

    ReplyDelete
  5. විල්පත්තුවේ සන්හාරයට අපි විරුද්දයි.ඒක කලේ මුසල් මානුවෙක් නිසා අපේ විරෝදය අකුලා ගන්නද ඔහේ කියන්නෙ.මුසමානුවන්ගේ වැරදි වහලා සද්දෙ දැම්මට ජාත්යන්තර පොරක් වෙන්නබෑ පැරා.ලොකයෙම ඇස් දැන් ඇරෙමින් තියෙන්නෙ. සුමාන දෙකක් ඇතුලත ඕස්ට්‍රෙලියවේ මුස්ලිම් ත්‍රස්තවාදී මහත්වරු ගනනාවක් බඩුත් එක්ක මාට්ටුයි.පැරා ඔයාට බැරිද ලාන්කික මුස්ලිම් සාමකාමී ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න.ත්‍රස්තවාදයට විරුද්දව හඩක් නගන්න කියල.එතකොට තරමක් හෝ සැකය සමහන් වේවි. ඔට්ටුයි ඔයාට බෑ.

    ReplyDelete
  6. විල්පත්තුවේ සන්හාරයට අපි විරුද්දයි.ඒක කලේ මුසල් මානුවෙක් නිසා අපේ විරෝදය අකුලා ගන්නද ඔහේ කියන්නෙ.මුසමානුවන්ගේ වැරදි වහලා සද්දෙ දැම්මට ජාත්යන්තර පොරක් වෙන්නබෑ පැරා.ලොකයෙම ඇස් දැන් ඇරෙමින් තියෙන්නෙ. සුමාන දෙකක් ඇතුලත ඕස්ට්‍රෙලියවේ මුස්ලිම් ත්‍රස්තවාදී මහත්වරු ගනනාවක් බඩුත් එක්ක මාට්ටුයි.පැරා ඔයාට බැරිද ලාන්කික මුස්ලිම් සාමකාමී ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න.ත්‍රස්තවාදයට විරුද්දව හඩක් නගන්න කියල.එතකොට තරමක් හෝ සැකය සමහන් වේවි. ඔට්ටුයි ඔයාට බෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා