ජගත් ඩයස්ගෙ ප්‍රමෝෂන් එක
මේජර් ජනරාල් ජගත් ඩයස් යුද හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත් කිරීම හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඇතුළු බලවේගවල උදහසට ලක් වී තිබේ.
තව මාස කීපයකින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ පිළිබඳ සිදු කළ පරීක්ෂණයේ වාර්තාව නිකුත් කරනු ඇත. ජගත් ඩයස් නම චෝදනා එල්ල වන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන් තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ.
මේ වන විට යුද්ධය අවසන් වී වසර හයකි. ශ්‍රී ලංකා රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු වූ පරිදි අභ්‍යන්තර පරීක්ෂණයක් කළේ නැත. ජාත්‍යන්තර පරීක්ෂණයකට සහයෝගය දුන්නේ ද නැත. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගිය වසර හය පුරාවට ආණ්ඩුව කළ දෙය වූයේ නිකම් සිටීමයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නම් තව තවත් ජාතිවාදය ඇවිස්සුවේ ය. බලය රැක ගැනීම සඳහා යුද අපරාධ උත්කර්ෂයට නංවමින් ජයග්‍රහණයේ අයිතිය සංදර්ශනාත්මක ලෙස ප්‍රදර්ශනය කළේ ය.
ලංකාවේ යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ සිදු කළේ හමුදාව හා එයට නායකත්වය දුන් ආණ්ඩුව පමණක් නො වේ. කොටි සංවිධානය ද යුද අපරාධ කළ හ. සාකච්ඡාමය විසඳුමකට යනවා වෙනුවට කොටි සංවිධානයට ද අවශ්‍ය වුණේ යුද්ධයෙන් ඊලාම් රාජ්‍යය දිනා ගන්නටයි. යුද්ධයේ ජයග්‍රහණය අනෙක් පැත්තට හැරුණා නම් අද හමුදාව සම්බන්ධයෙන් කරන චෝදනා කොටි සංවිධානය සම්බන්ධයෙන් ද එල්ල වීම නියත ය.
අනෙක් පැත්තෙන් මෙම දෙපැත්තේ ම පසුබිමේ සිටිමින් ඔවුන් යුද්ධයට පෙළඹවූ, ඒ සඳහා අවශ්‍ය මතවාද ගොඩනැගූ, මානව හිමිකම් උල්ලංඝනයන් හා යුද අපරාධ දිරි ගැන්වූ, අරමුදල් සැපයූ විශාල බලවේගයක් සිටිති. ජයග්‍රහණයෙන් පසුව සිංහල පාර්ශ්වයේ ඇතැම් අය යුද්ධය කළේ තමන් නිසා යයි උදම් ද අනන්නට ද ඉදිරිපත් වූ හ.
මේ වනාහි සිංහල, දෙමළ දෙජාතියේ ම බහුතර ජනතාව විසින් දිරිගන්වන ලද යුද්ධයකි. යුද්ධයේ අවසන් අවස්ථාව ආසන්න වන තෙක් ම දෙමළ පාර්ශ්වයෙන් පවා යුද්ධය නවත්වන්නට උත්සාහ ගත්තේ නැත. යුද්ධයෙන් වන්නියේ දෙමළ සාමාන්‍ය වැසියන් දැඩි ලෙස පීඩාවට පත් වෙද්දීත්, කොළඹ හා ඩයස්පෝරාවේ මධ්‍යම පංතිකයන් බලා සිටියේ කොටි සංවිධානය ප්‍රාතිහාර්ය පාන අයුරු දකින්නට ය. කොටි නායකයන් පවා එවැනි ප්‍රාතිහාර්ය ගැන විශ්වාසය තබා සිටි බව පෙනේ.
මේ සියල්ල අවසානයේ එක් පාර්ශ්වයක සුළු පිරිසකට පමණක් එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒම කෙතරම් සාධාරණ ද යන්න ප්‍රශ්නයකි. මෙම පිරිසට එරෙහිව යුද අපරාධ චෝදනා හා ඒවා ඔප්පු කිරීමට සාක්ෂි තිබිය හැකි ය. එහෙයින් විමර්ශනයකට බිය වීම ගැන පුදුම විය යුතු නැත. එහෙත්, යුද අපරාධ කරන්නට ඔවුන් යොමු කළ, දිරි ගැන්වූ පිරිස අතහැර ඔවුන් පමණක් යුද අපරාධ අධිකරණයට ගෙන යාම වැරදි ය. විශේෂයෙන් ම දෙපැත්තේ ම යුදවාදී දේශපාලකයන්, ජනමාධ්‍ය හා ජාතිවාදී ක්‍රියාකාරිකයෝ ද යුද අපරාධ සම්බන්ධ චෝදනාවලට වගඋත්තරකරුවෝ ය. මෙම තත්වය හමුවේ යුද අපරාධ කළ අයගෙන් කොටසකට පමණක් එරෙහිව ක්‍රියා කරන්නට යාමෙන් සිදු වන්නේ අගතියකි.
කෙසේ හෝ දැන් යුද්ධය අවසන් ය. ඉතිහාසයේ කිසිදු යුද්ධයක් පොතේ හැටියට සිදු වී නැත. යුද අපරාධ සිදු නො වූ කිසිදු යුද්ධයක් නැත. දැන් කළ යුතුව තිබෙන්නේ යුද්ධය නිසා බෙදුණු සමාජය යළි ඒකාබද්ධ කිරීමයි. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමයි. ජාතික සීමාවන් ඉක්මවා ගිය පුළුල් ලාංකීය දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගැනීමයි. මේ වන විටත්, යම් දුරකට එය සිදු වෙමින් තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී අරමුණක් වෙනුවෙන් ජාතික සීමා අභිභවමින් සිංහල, දෙමළ මුස්ලිම් ජනයා ඒකරාශී වූ ආකාරය නිදසුනක් ලෙස සැලකිය හැකි ය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩා ගැලපෙන්නේ දණ්ඩනය ඉලක්ක කර ගත් යුද අපරාධ පරීක්ෂණයක් නො වේ. එවැන්නකින් සිදු වන්නේ ජාතීන් අතර බෙදීම තවත් පුළුල් වීමයි. අවශ්‍ය වන්නේ සංහිඳියාව පාදක කරගත් සත්‍ය කොමිෂමක් වැනි දෙයකි. අනාගත සංහිඳියාව වෙනුවෙන් සත්‍යය වාර්තාගත කර තැබීම හා යුද්ධයේ විෂම චක්‍රය තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වගකීම් සහගත සමාව ඉල්ලා සිටීමකි. අවංක කණගාටුව ප්‍රකාශ කිරීමකි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දැන් කළ යුතුව තිබෙන්නේ යුද්ධය නිසා බෙදුණු සමාජය යළි ඒකාබද්ධ කිරීමයි. : True
ReplyDeleteIt seems to have begun in Jaffna! When there are no backboned leaders, terrorism rises its head! Even after taking into custody all the culprits, policemen and the court building were attacked by the mob! This is what Diaspora and the west want! Maithree and Ranil should be held responsible for this breach of security!
ReplyDeleteAnd Mahinda's ultra nationalist cabal and it's social media disinformation campaign should be held responsible for producing pig headed morons like you
Deleteහරි පැරා, අපි ඔය සාමාන්‍ය වැසියන්ට ශෙල් ප්‍රහාර එල්ල කිරීම, ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් මැරීම වගේ "යුද්ධයකදී සිදුවිය හැකි" collateral damage වර්ගයේ 'අපරාධ' අමතක කරමුකෝ...
ReplyDeleteඑතකොට ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් මරාදැමීම, යුද්ධය අවසානයේ අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයින් මරාදැමීම වගේ රටේ දන්ඩනීති සංග්‍රහය උල්ලංඝනය කරන, යුද්ධය දිනීමට කිසිසේත්ම උපකාර වූවා යැයි සිතිය නොහැකි (ශෙල්/ගුවන් ප්‍රහාර නොගැහැව්වානම් යුද්ධය දිනිය නොහැකිවන්නට තිබුනා යැයි කෙනෙකුට තර්ක කල හැක, නමුත් යුද්ධය අවසානයේ අත් අඩංගුවට ගත් අය මරාදැමීමෙන් යුද්ධය දිනීමට වූ සෙතක් නැත ) දේවලටත් දඩුවම් නොකල යුතුද?
ජාතික සමගියේ නාමයෙන් ඒවාත් අමතක කල යුතුද?
එතකොට දකුනේ කොටි බෝම්භ පිපිරවීම්කල අය අවුරුදු 20-30 සිර දඩුවම් ලබමින් ඉන්නවා? ඔවුන්ට ඔය 'සංහිදියාව' ආදක කරගත් නීතිය වලංගු නැත්ද?