ආගම් මුවාවෙන් ආහාර නාස්තිය ජාතික අපරාධයකි


මෙම ඡායාරූපවල දැක්වෙන්නේ  කිරිබත‍්ගොඩ ඥානානන්ද නම් ජනප්‍රිය රැල්ලේ අසපුවාසී භික්ෂුව විසින් සංවිධානය කරන ලද දානයකි. බුදුන්‍ගේ ලලාට ධාතුව තැන්පත් කර ඉදි කළ බව කියන සේරුවාවිල චෛත්‍යයට කරන ලද මෙම පලතුරු පූජාව වැනි ක්‍රියා තව දුරටත් සිදු වන්නට ඉඩ නො දිය යුතු ය. බෞද්ධයෝ මෙවැනි ක්‍රියාවලට විරුද්ධ විය යුතු ය.

පලතුරු හරි ගණන්. මිළ වැඩි නිසා දුප්පත් මිනිස්සු පලතුරු කන්නෙ නැහැ. පසුගිය වෙසක් එකට විවිධ දන්සැල් තිබුණට පලතුරු දන්සැල් නො තිබුණේ ඒ නිසායි. මේ පලතුරු නාස්තිය ජාතික අපරාධයක්.

පසුගිය වසරේ ආණ්ඩුව ජනතාව දිනකට වර්ග කීපයකින් පලතුරු ග්‍රෑම් 200ක් කෑ යුතු බව ප්‍රචාරය කරමින් පලතුරු ප්‍රදර්ශනයකුත් පැවැත්වූවා. එහෙත්, පහළ මධ්‍යම පංතියට අයත් අපටවත් හැමදාම වර්ග කීපයක පලතුරු ග්‍රෑම් 200ක් කන්නට ලැබෙන්නේ නැහැ.

මේ පලතුරු පසුව කාට හෝ කන්න දෙන්න ඇති. ඒත්, එහෙම කියලා මෙතන නාස්තියක් වුණේ නැහැ කියන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට වඩා පලතුරු කෑමෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මෙවැනි පින්කම් නිසා පලතුරු වෙළඳපොළේ ක්ෂණික මිළ උච්චාවචන වෙනවා. ඒවා ජනතාවගේ පෝෂණයට බලපානවා.

කතරගම වැනි ස්ථානවලත් මෙවැනි නාස්ති සිදු වෙනවා. මෙවැනි ආහාර නාස්තිවලට දැඩි විරෝධය පළ කළ යුතුයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පිස්සන් පිරිසක්. සමහරවිට මේ වැඩවලින් මානසික සුවයක් ලැබෙනවා ඇති!

    ReplyDelete
  2. ඒක ඇත්ත ,

    ReplyDelete
  3. කාලෙකට පස්සෙ පැරකුම් වැදගත් පෝස්ට් එකක් දාල. ඇත්තටම මීට වඩා පලතුරු නාස්තියක් කරනව ලංකාවෙ වටේම තියෙන දේවාල වල. පූජාවට්ටි කිය කිය පලතුරු මහාපරිමානයෙන් නාස්ති කරනව. මිනිස්සු ටිකක් කෑවත් කන්නෙ කපුරු, කට්ට කුමන්ජල් වගේ විවිධ විස සහිත දහජරාව කවලම් වෙල කුරුවල් වෙච්ච එව්ව. ඔය ප්‍රසිද්ධ දේවාල ලඟ පලතුරු ටොන් ගනන් නාස්ති කරනව දිනපතා. මම කියන්නෙ මේව නීති මගින් තහනම් කල යුතුයි. ඕනම නම් ප්ලාස්ටික් පලතුරුවලින් හදපු ආදර්ශ යොදන්න පුලුවන්.

    ReplyDelete
  4. 2015 ජනවාරි මහා මැතිවරණයට චෞර ප්‍රියන්තා බෙදා හරි පනිවිඩය

    From: Hela Suwaya helasuwaya@gmail.com
    Sent: Tuesday, January 6 , 2015 12:41 AM
    Subject: පිල් බෙදී කුළල් කා ගන්නා ඔබ වෙත…

    භව සසරේ පාරමී දම් පිරුවා වූ සියලු සත්වයා ඌන පාරමී පුරා ගැනීමට මෙත් සිත් අවදි කරගනිත්වා! අද රට ජාතිය අනතුරකට පත් වී ඇති බැව් අපි සියලු දෙනා අවබෝධ කොට නොගතහොත් ජාතිය උවදුරට පත්වනු ඇත. ජාතිය විශාල අභියෝගකයට මුහුණ දෙනු ඇත
    හිසරදයට කොට්ට මාරුව සැමදා ම මෑත ඉතිහාසයේ කළ ශ්‍රී ලාංකිකයෝ අපි වෙමු. යුද්ධයක් නිර්මාණය වූයේ කෙසේ දැ යි අපි නො දත්තෙමු. පෙර රජ දවස වැව්-දාගැබ් තැනූ අපි අද කරන්නේ කුමක් දැයි වටහා නොගෙන පාලයකන්ට පමණක් ඇඟිල්ල දිගු කරමින් සියලු වහසිබස්, සම්පප්‍රලාප, පිසුණාවාචා අනුමත කරමින් මනස දූෂණය කරගනිමින් සිටිමු. මෙතෙක් පහළ වූ නායකයෝ දූෂණය පමණක් කරමින් සිටි අතර යුද්ධය නිමා කිරීමට සමත් නො වූ බව අපට මතක තිබිය යුතු ය.

    මින් පෙර නායකයෝ දූෂණය නො කළෝ ද? ඔවුහු පංචශීලය රැක්කෝ වෙත් ද?
    ශ්‍රී ලාංකීය ජනතාවනි,

    යුද්ධයක් නිමා කළ නායකයෙක් සිටී ද ඔහු අපි සියලු දෙනා ම වෙනුවෙන් ම ත්‍රස්ථවාදීන් විනාශ කරන්නට මුල් වී මහත් අධ්‍යාත්මික පරිත්‍යාගයක් සිදු කළ අයෙකි. එවැනි නායකයෙක් එසේ කරන්නේ අප මුළු මහත් සමාජයම වෙනුවෙනි. එසේ නම් අප කළ යුත්තේ කුමක් ද? අප වෙනුවෙන් යුද්ධ කර ජීවිතය දන් දී රට ජාතිය රැක ගත් සොල්දාදුවන් ගේ මළමිනී උඩින් ඔවුනොවුන් ගේ දෙමාපියන් ගේ උණු කඳුළැලි පවා නොතකමින් අපිට සැනසීම ලබා දුන් නායකත්වය පළවා හැර මෛත්‍රීපාල සිරිසේන වැනි විජාතික නායකයකු පත් කර ගැනීමට තරම් ම්ලේච්ඡ ජාතියක් බවට පත් වීම ද නැතහොත් අප වෙනුවෙන් දිවි පරදුවට තබා රට-ජාතිය බේරා දී රැක දුන් නායකත්වය ආරක්ෂා කර ගැනීම ද?

    මෙවැනි අවස්ථාවල දී අපි ධර්මයට කැප විය යුතු ම ය. අපගේ ජාතික නායකත්වය වෙනුවෙන් අධිෂ්ඨාන පූජා තැබිය යුතු ය. මෙය සම්‍යදෘෂ්ටික දෙවිවරුන් ඇතුළු ගෞතම මුනීන්ද්‍රයින් වහන්සේ පිහිටුවා වූ සාසනයෙහි ශක්තිය රට තුළට සම්බන්ධ කරවීමට ඉවහල් වනු ඇත. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධය මෙහෙයවා සුවිශාල අධ්‍යාත්මික පරිත්‍යාගයක් සිදු කළේ අප වෙනුවෙන් ම ය. එතුමා එසේ කළේ අප වෙනුවෙන් ම නම් එතුමා වෙනුවෙන් අධිෂ්ඨාන තබමින් එතුමා ව රැක ගැනීම අප ගේ යුතුකම නොවේ ද? ඔබ සැම නොදත්තේ වී නමුදු එතුමා ද නිහඬව පසු ගිය දින කිහිපය තුළ රට-ජාතිය ආරක්ෂා කිරීම උදෙසා එමෙන් ම ජාතික සමඟිය උදෙසා රුවන්වැලි සෑය ඉදිරියේ නිහඬව ම භාවනා කරමින් අධිෂ්ඨාන ගත් බැව් අපගේ දැනීම යි. මෙය සිල් රකින බවුන් වඩන අය වෙත දෙවියන් විසින් දුන් පණිවිඩයකි..
    ප්‍රියන්තා සේනානායක

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය තව 7 දෙනෙකුට යවන්න ඔබට යහපතක්ම වේවි.. නැතිනම් භයානක ප්‍රතිඵල...
      මේ ලිපිය 7 දෙනකුට යැවූ රවීගේ නෑ කෙනෙකුට මහත් ලාභයක් අත් විය..මෙය බොරුවකයි ස්පෑම් කල රවීට අභුත චොදනා නැගුනි..

      Delete
    2. හහ් හහ් හා. මිත්‍රයා, මෙම ලිපිය 7 දෙනෙකුට වඩා යැවූ අර්ජුන් ගේ බෑනා කෙනෙක්ට අති මහත් ලාභයක් අත්විය. මෙම ලිපිය ඉස්පෑම් කල අර්ජුන් හා රවී දෙන්නා අමු කුජීත ලෙස නෝන්ඩි වී ගියහ.

      Delete
    3. THis is your idea..and majority would not agree with this..Mahinda ruled this country,,with his own iron fist..why you skip about his dictator type action which were highly in question about legality....it was a family run govt..with full of day light robberies,murders, political manipulating...from 2005 to 2009 Mahinda was our hero...after that his uneducated,weak roots and born thuggery behaviour overcome his character and due to greediness ..ho got what deserves for him...

      Delete
  5. අපේ රටේ හරක් වැඩි වෙනව මිස,අඩු වීමක් නම් නෑ වගෙයි,(Ranjan)

    ReplyDelete
  6. අපතේ යන එකක් නෑ, ඇපල් වගේ කල් තියාගන්න පුළුවන් දේ ආපහු කිරිබත්ගොඩයයි. ඉඳිල වැඩි දේවල් පොහො දිනෙන් පසු එළෙබෙන අවාරදින වල ඔය කැලේට වෙලා පාළුවේ ඉන්න ගිහි පැවිදි ජනයාගේ හිතසුව පිණිස නිස්සාරණය කරනු ලබන දේශීය පානයන් සඳහා යොදාගනු ඇත.

    ReplyDelete
  7. මානසක නපුංසකත්වයට පත්වෙලා ඉන්න හිංගලබෞජ්ජයින් පිරිසකගේ ගොන් වැඩක්... ඔලුවෙ හිරකරගෙන ඉන්නා ඇරියස් මේවායින් එන 'පින් වලින්' නැතිවෙයි කියල හිතනව ඇති...
    (මුස්ලිම් උන් ඇරියස් ඇතගන්න කරන්නේ ඇමරිකාවට හරි ඊශ්‍රායලයට හරි බනින එක... නැතිනම් තුවක්කුවක් අරන් මිනී මරා එක... )

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මුස්ලිම් උන් කියන්න එපා..එහෙම නම් මේ විකාර පූජාව කළේත් "සකළ බෞද්ධ ප්‍රජාවගේම" අනුදැනුම ඇතුව කියලා ඔබ පිළිගන්නවද? මුස්ළිම් අය පමණක් නොවෙයි, ජාති,ආගම් භේදයකින් තොරව ලෝකවාසී ජනතාව පවා ඇතැම්විට ඊශ්‍රායලයේ මානව විරෝධී යම් යම් ක්‍රියාදාමයන් වලට විරුද්ධවන බව ඔබ නොදන්නවාද?

      Delete
    2. මුස්ලිම් බහුතරයක් (විශේසයෙන්ම මැදපෙරදිග වාසී ) ඔහොම තමා...
      සවුදිය වගේ අරාබි ගුබ්බෑයම් එක්ක බලද්දි ඊශ්‍රායලය කියන්නේ දිව්‍යලෝකයක් වගේ රටක්.. අරාබියේම වැඩිම මානව නිදහස, ආගමික නිදහස, කාන්තා අයිතීන් තියෙන්නේ ඊශ්‍රායලයේ...

      ඊශ්‍රායලයට බනින එක බතහිර විරෝදී වම්මුන්ගෙ ගොන්පාට් එකක්.. පලස්තීන ත්‍රස්ථවාදීන්ව ඔහොම මර්ධනය කරල තියානොගත්ත නම් ඊශ්‍රායලය සිතියමෙන් අතුගෑවිලා හුගක් කල්..

      Delete
    3. Esrael kiyana rata kohomath 1948 ta kalin sithiyame thibune nathi ratak.

      Delete
  8. Lokaye lokuma palaturu poojawa. Apith ekata sammadam wuna. Amamaha nivanata maga helikaragtta.

    ReplyDelete
  9. කිරිබත්ගොඩ ඤාණානන්ද ලොක්ක කළොත් කරන්නේ මේ වගේ ගොන් පාට් වැඩක්. මේවා නාස්තියක් කියලා තෝරගන්න බැරි මනුස්සයා බුදු දහම අපට තෝරලා දෙන්නේ කොහොමද? මේ පලතුරුම මිනිස්සුන්ට බෙදලා දුන්නා නම් පිනක් වගේම පෝෂණයකුත් ලැබෙනවා. අනෙක් මේවාට වැය කළ ධනස්කන්ධයෙන් දුප්පත් මිනිසුන්ට සේවයක් කරන්න තිබුණා. තමන්ට නාස්තිකාර විදිහට මුදල් වැය කරමින් පූජා තියන්න කියා බුදුන් වහන්සේ දේශනා කොට නැහැ. මේවා ගොන් පාට් වැඩ මිසක් වෙන දෙයක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. දානයෙන් පස්සේ මේ සියලු පලතුරු මිනිසුන් වෙත බෙදා දුන්නා.. කිසිම පළතුරක් අපතේ ගියේ නැ.. ඇත්ත නැත්ත දකින්නේ නැතුව ගොන් බුරු comment දාල උඹ තම ගොන් පාර්ට් එකක් දාල තියෙන්නේ...

      බුදු කෙනෙක්ට ලැබෙන දේත් වියදම හොයන උඹල වගේ බෞජ්ජයෝ ඉද්දි මිනිහෙක්ට නිදහසේ පළතුරක් පුජ කරලා පිනක් කරගන්නත් නැ. උඹල පිනක් කරගන්නෙත් නෑ... දුප්පත් මිනිස්සුන්ට ඥානානන්ද හාමුදුරුවෝ කරන සේවය දකින්න තරම් උඹලගේ ඇස පින් කරලත් නැ.. උඹල එච්චරට ගුණමකු පිරිසක්....

      ඉස්කෝලේ ළමයින්ට පොත් බෙදල දුන්න... ඉසිපිරිතාල හැදුව.. මේවා උඹල නොදැක්කේ ඇස් වලට හෙන වැදිලද නැත්තන් උඹල එච්චරට පහත ගුනමකුවෝද???

      Delete
  10. බුද්ධ ධර්මයේ කොහේවත් තියනවද පිච්ච් මල් එහෙම නැත්නම් මේ වගේ පළතුරු පගාවක් වශයෙන් දීලා නිවන ලබා ගන්න හැකි යි කියලා?
    සිද්ධාර්ථ තවුසා මේ විදියට මල්, පළතුරු දීලා ද බුද්ධගයාවේදී බුද්ධත්වයට පත් වුණේ?
    බුද්ධාගම කරේ තියාගෙන ඉන්න ඇත්තන්ට මේවා කරන්නේ නැතිව උත්සාහයෙන් තමුන්ගේ ඉලක්කවලට ළඟා වෙන්න බැරි?

    බුද්ධාගම කරේ තියා ගෙන ඉන්න අයගේ ශ්‍රද්ධාවා වැඩි වෙන්න වැඩි වෙන්න, මනුස්සකම ඒ අයගෙන් ඈත් වෙන්නේ ආලෝකයේ වේගයෙන්. ---- මේ මා නිරීක්ෂණය කර තිබෙන දේ.

    ReplyDelete
  11. Arjuna Mahendran +45 billion!
    How many fruits can be bought with 45 billion Rs!
    If anyone of you know please let me know!

    ReplyDelete
  12. මේ හාමුදුරුවෝ බුද්ධාගමේද?

    ReplyDelete
  13. පිනක් කරන්න හිත දෙන්නෙත් නැතිනම්.අනුන් කරන පිනක් දිහා බලල හිත පහදවා ගන්නත් බැරිනම්. අහක ඉඳල පව් පුරවගන්නෙ නැතිව ඉන්න එක තමා වඩා හොඳ.

    ReplyDelete
    Replies
    1. ekanam aththa. Budu rajanan wahanseata labena puujawata akul helala kohe nawathida dan naha. katawat parisan karagaththoth boho kalayak hithasuwa pinisa pawathiwi.

      Delete
  14. අපරාදෙ! මේවගේ තැන්වල පලතුරු ටිකක් කෑවත් කොච්චර අපතෙ යනවද! පළතුරු ගෝනි මලු වල දැමීම තහනම් කලේ අපතෙ යනව කියල. මේවට මොනවද කරන්නෙ?
    කතරගම වගේ තැන්වල වටිනාකියන පළතුරු ගන්නව. ඊට පස්සෙ ආයෙත් පළතුරු මැසි වලට විකුණනව. නරක් වෙනකල් ඔය චක්‍රය තමයි.

    ReplyDelete
    Replies
    1. පුරුදු විදියටම පැරාට පක්ෂව!!

      පැරාගේ බොක්කේ ෆිට් එක වන රාජ්ට අපේ විප්ලවීය ආචාරය!

      Delete
  15. අවුරුදු දෙදාස් ගාණක් පරණ, නළල් ඇටේකට පළතුරු ටොං ගාණක් මොනව කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඹහේ මහ පවුකාරයෙක්. ඹහේ මැරිලා ගිහින් අනිවාර්යෙන්ම ඇටසැකිළි පෙරේතයෙක් වෙලා ඉපදෙනවා.වහාම සමාව ගනින්.

      Delete
  16. Machan ubala hamoma plz meka kiyawapan.. puluwan ekek inawanm utharayak diyan..mn me wena kenekta dipu utharayakmai ubath kiyanne.. kiyawala balala utharayak diyan.. ( miss budu hamuduruwonta anagathaya dakime buddiya tibba.. ae gana oba thumi kalabala wenna epaa.. budu dahama thawa kalekin winasha wela yanawa kiyalath deshana kala.. ae itin oyala wage hithana aya nisa thamai.. budu hamuduruwo jiwamanawa oba issaraha innawa kiyala hithanna.. eha pathe duppath lamayekuth innawa kiyala hithanna.. oya gawa dan denna monawa hari tiyenawa kiyalath hithannaa... oya katada dan denne? Lamayatada? Buduhamuduruwontada? Kata dan dunothda sasara gamna keti wenne? Othana oba thumita athi wela tiyenne thrushnawa.. siyalu danayan labimata budun wahanse sudusu wana seka.. un wahansege paramitha balayata pin wala baleta aurudu 2500k gihillath minissu mehema puja karanne.. oya pin dewiyonta anumodan wenawa.. dewiyo oya pin karapu minnissu ataksha karanawa.. sasane araksha karanawa.. eka thami oya pujawe watinakma. Anith eka oya 1kenek dipu deyak nemei..godak ekathu wela dipu deyak.. me pujawan karanne budun wahanse jiwamnawa inawa kiyala hithagena.. e pinata sama karanna puluwan da samnya minihekta dena danayak? Nodanna dewal gana kiyawanna epa.. obata oya athi una sithiwillama athi pretha yoniyaka upadinna.. sur nathm pretha wasthuwa kiyawala balanna.. ohoma hithapu ayata wecha dewal tiyenawa... me mulu lokema minissu budun wahanseta karana pujawal eka thanakata ekathu kaloth me mulu lankawama wahila yai.. itin aparadene aehema puja karana eka? Neda? Ewa dupath lamayekuta dunnanm iwarane? Anika pahan kochara pathu karanawada? Mal kochara pathu karanawada? Babarunta pani bonna tiyena mal tika neda? Aparade? Gedara kama uyana pol tel tikath aparade? Tharahakin nemei miss mehema kitanne.. anukampawen. Una waradda terum ganna balanna.. budunta pudana deyak aparade kiyanna epa.. oka maha kusala karmayak.. ae pina anumodan wela sathutu wenna.. athite rajawaru budunta puja kale ohoma nemei..anika hitha diunu karala niwan dakinnath pina one....teruwan saranai.)

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුව කියවූ කෙනෙක් ඉන්නවාද?

      Delete
    2. @ Chamika GihanMay 13, 2015 at 1:04 PM

      මිස්ටර් රන්ගොජා සිංහලෙන් ලියන්න.

      Delete
  17. ඔයා බෞද්ධයෙක් නෙමෙයිනේ ඒ නිසා කටවහගෙන ඉන්න

    ReplyDelete
  18. පැරා,
    මෝඩයෙක් වගේ හැසිරෙනේ මොකද? ඔබ චායාරුපයක් දැකලා ඥානංනන්ද හාමුදුරුවන්ට ඔච්චර අපහාස කරනවානම් සාමාන්‍ය පෝ දිනක හෝ අදාළ වැඩසටහනක් කරන විට එක අසපුවකට විතරක් ගොස් එක් වරුවක් ගත කලෙත් එතනට රැස්වෙන බාල,මහළු,තරුණ ජනතාව පමණක් නොව ඒඅය විසින් කරනු ලබන විවිධ දානමය,භාවනාමය පින්කම් දැක ඔබට සිහි නැති වෙනවා නියතයි. දැන්වත් ඔබ වෙලාගෙන ඉන්නා මුලාවෙන් මිදෙන්න . යමක් දෙස මතු පිටින් බලා විවේචනය කරනවා මදිවට එයට උල්පන්දන් දෙන්න තවත් පව්කාරයන් රැසකටත් ඔබ පාර හදනවා.

    මා 2002 වසරේ පටන් සිරිතක් වශයෙන් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවට පෝ දින ගොස් සිල් ගන්න නිසාත්,2006 වසර පුරාම මාලඹේ මහමෙව්නා අසපුවේදී පෝය දිනවල සිල් ගත් නිසාත්, සුත්‍ර දේශනා සිංහලෙන් අසා ධාරණය කරගත් නිසාත්,භාවනා කරන අන්දම උගත් නිසාත්,මට හැකි පරිද්දෙන් ඒවායේ කෙරෙන දානමාන වලදී දායකත්වය දී ඇති නිසාත්, එම පුරුද්ද ඉදිරියටද ගෙනයන නිසාත් ඔබට වඩා හොඳට මා මහමෙව්නා අසපු ගැන මෙන්ම කිරිබත්ගොඩ ඥානංනන්ද හාමුදුරුවන් ගැන දන්නවා.

    ඔබ විස්සෝපවූ පලතුරු පුජාව ගැන කියනවා නම් ඒ පලතුරු කඩෙන් ගත් ඒවා නොව භක්තිමතුන් විසින් කල වගා වලින් ගත් ඒවා බව ඔබ දන්නේ නැහැ නේද? එතැනදී පත්තු කල පහන් 84000 වෙනුවෙන් දින ගනනක් මුළුල්ලේ සැදැහැතියන් තැඹිලි තෙල් හින්දු බවත්, පහන් තිර ඇඹරූ බව ඔබ දන්නවාද?

    පැරා , මහමෙව්නා අසපු ජාලයට දිවයින පුරා පැතිරුණු සක්‍රිය සැදැහැතියන් සහිතවූ අසපු ජාලයක් තිබන නිසා මෙවැනි විශාල පිංකම් සංවිධාන කිරීමට කිරිබත්ගොඩ ඥානංනන්ද හාමුදුරුවන් හැකියාවක් තිබෙනවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. අහෝ සමරේ නොදුටි මොක්පුර!

      Delete
    2. සමරසේකර උන්නැහෙ 2002 ඉඳන් බණ අහලත් එක බණ පදයක් තේරුම් අරගෙන නැති හැටි.. මොනව කරන්නද මහත්තයො... බුදු හාමුදුරොවොම කිව්වනෙ උන් වහන්සෙගෙ ධර්මය කවුරුන් සඳහාද කියල.. කමක් නැහැ.. මේ ආත්මෙදි කරගත්ත කුසල කර්ම වලින් එන ආත්මයකදි වත් නුවණ පහල වෙලා ධර්මය අවබෝධ වේවි..

      Delete
    3. I say, ගැටඹේ පන්සලට පඬුරු දමා ඒ බලයෙන් ගර්භිත වාහන පොලීසියේ ඇසට හොරෙන් පදවා ජන ජීවිත අවධානමට ලක් කළ හැකි යැයි දේශණා කරන සමරසේකර අංකල් ගේ මිත්‍යාදෘෂ්ඨිකත්වයට හේතුව අද තමයි වැටහුනේ.

      මුන්දෑ, අසපුවාදියෙක් නේ!

      Delete
    4. සමරසේකර මහත්මයා,

      මා දන්නා තරමින් මහමෙව්නා වාසී භික්ෂූන් වහන්සේලා පාංශුකූල සඳහා වඩින්නේ නැතිලු. හේතුව කුමක්දැයි ඔබතුමා දන්නවාද?

      මේ පූජාවේ සෑම පලතුරක්ම කඩෙන් නොගත්තයයි කීමට ඇති සාක්ෂිය කුමක්ද? මෙවැනි පූජාවකින් ලබන පිනට වඩා එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාට දානයක් සහ සිවුරු පිරිකර පූජා කලානම් හොඳ නැද්ද?

      කවුරුවත් නොකරන අමුතු දෙයක් කර ප්‍රසිද්ධියක් ලබාගැනීම වැනි යටි අදහසක් මෙම පින්කමේ නැතැයි විචාර බුද්ධියෙන් බලා කිවහැකිද?

      මෙම ලිපියේ සඳහන් පරිදි, පෝෂණ ඌනතාවයෙන් පෙලෙන දරුවන් සේරුවාවිල අවට ප්‍රදේශයෙන් කොපමණ සොයාගත හැකිවේද? (ඔවුන් බෞද්ධ දරුවන් වීමට අවශ්‍ය නැත) ඒ දරුවන්ට මෙම පලතුරු දානය (අවශ්‍ය නම් මහත් ප්‍රචාරයක් සහිතව) ලබා දුන්නා නම් මීට වඩා පිනක් නැද්ද?

      එම දරුවන්ගේ සිල්වත් භාවය ගැන නොසළකා, පෝෂණ ඌනතාවය ගැන පමණක් සළකා බලා තමයි, දානය දියයුත්තේ. සමහර හාමුදුරුවරු කියනවා, සිල්වත් අයට පමණක් දෙන්න කියා. එහෙම දෙන්න ගියොත් සමහර හාමුදුරුවරුත් බඩගින්නේ.

      බෞද්ධ දර්ශනයේ ඇති පරම නිදහස තමයි මා නම් අගය කරන්නේ.

      Delete
    5. @ විචාරක තුමා,
      ඔබ තුමා අපේ රටේ භික්‍ෂු ශාසනයේ ආරණ්‍යවාසී සහ ග්‍රාමවාසී යනුවන් දෙකොටසක් ඇති බව දන්නවා ඇතැයි සිතමි. මහමෙව්නා අසපු අනුගමනය කරන්නේ මින් ආරණ්‍ය වාසි පිළිවෙත්ය .එබැවින් ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා මෙන් ගිහි ගිවිතයේ කටයුතු වලට මහමෙව්නාවේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වන්නේ නැත.ඔබ ඇසු පාංෂකුල ප්‍රශ්නයටද මහමෙව්නාවේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධ වන්නේ නැත. සාමාන්‍යයෙන් පුද්ගලයන් මහමෙව්නාවට යන්නේ ශ්‍රද්ධාව වර්ධනය කරගැනීමට,ධර්මය හැදෑරීමට සහ භාවනා පුරුද්ද දියුණු කර ගැනීමටය. ගමේ පන්සලෙන් ඉටුකරගත යුතු චාරිත්‍ර වලදී ඔවුන් එයට ගමේ පන්සලට යති. මමද මා සිටින ගමේ පන්සලේ වැඩකටයුතු වල සක්‍රියව නිරත වන මාසික සලාක දනයද ගමේ පන්සලට දෙන අයෙකි. නමුත් මගේ ධර්ම අධ්‍යයනය මා කර ගන්නේ මහමෙව්නාවෙන්ය .
      මා කුණ්ඩසාලේ මහමෙව්නාවට සාමාන්‍යයෙන් පෝ දිනයකට එකතු වන 2000 කට අධික පිරිසෙන් එක් අයෙක් මිස එහි උපස්ථායක සභාවේ හෝ වෙන කමිටුවක සාමාජිකයෙක් නොවේ.{මා ප්‍රතිපත්තියක් ලෙස එවැනි තනතුරු නොදරමි.} එබැවින් ඔබ තුමා ඇසු දෙවෙනි පැනයට උත්තර දීමට මා අපොහොසත්ය.මෙය කරුණාකර ඔබතුමාට ළඟ පොල්ගහවෙල මහමෙව්නා අසපුවෙන් විමසන්න.
      තුන්වෙනිව ඔබතුමා මගේ විචාර බුද්ධිය ගැන විමසයි. ම ඉගෙන ඇත්තේ පුජා පින්කමකදී එයට ශ්‍රද්ධාවෙන් යුක්ත සිතෙන් සම්බන්ධවී එය අනුමොදන්විම මිස එය ගැන විවෙචනය කිරීමට නොවේ.ඔබ සිතන විධියට සිතු අපේ රටේ සමහර වාමාංශික අය රුවන්වැලි සෑය ඉදිකිරීමට වැයවූ ගොඩොල් ප්‍රමාණය රටේ වෙනත් කර්මාන්තයක් කිරීමට නොයෙදෙව්වේ මන්ද කියා විවේචනය කරතිබුනා මට මතකයි .
      ඔබේ අවසාන ප්‍රශ්නයෙන් අසා ඇත්තේ පෝෂණ ඌනතාවයකින් පෙලෙන ළමුන්ට මේ දානය දුන්න නම් නැතහොත් සිල්වත් භික්ෂුන් වහන්සේලා සොයා මේ දානය දුන්නානම් වඩාත් හොඳයි නේද යන්න ගැනයි. දානයක් හෝ පුජාවක් දීමේදී එයින් මහත් ඵල මානිසංස ලබෙන්නේ කෙසේද කියා ධර්මයේ පැහැදිලිව තිබෙනවා. සේරුවිල සැයේ නිදන් කර ඇත්තේ බුදුන් වහන්සේගේ ලලාට ධාතුවයි. පුජාව කර ඇත්තේ එයටයි. එය විවේචනය කරන ඔබ මහනුවරදී දළදා හාමුදුරුවන්ට දෛනිකව හාල්සේරු 32ක් සහ ව්‍යංජන 32 කින් යුක්තව කරන පුජාවත් නොකර එය මහනුවරම ඉන්නා දිළින්දන්ට දිය යුතුයි කියනවාද?

      විචාරක තුමා බෞද්ධ දර්ශනය විතරක් ගැන සිතන බොහෝ දෙනෙක් නොදන්නා දයක් තමා එය දර්ශනයක් මෙන්ම ඇදහිමක්ද යන්න. දර්ශනය යන්න පමණක් පිලි ගන්නා අයට රතන සුත්‍රය,ජිනපන්ජරය,ජයමංගල ගාථා , ජය පිරිත මෙන්ම අංගුලිමාල පිරිත ප්‍රතික්ෂේප කරන්න වෙනවා.

      සමරසේකර.

      Delete
    6. කෞශල්‍යJune 1, 2015 at 6:19 PM

      සමරසේකර මහතාණෙනි, මීට ඉහත කොමෙන්ටුවකින් අයෙක් අසා තිබුනා ඔබ ඉදිරියේ බුදු හාමුදුරුවන් සහ බඩගින්නේ පසුවෙන කුඩා දරුවෙක් සිටියානම් ඔබ දන් දෙන්නේ කාටද කියා. එය වැදගත් ප්‍රවේශයක් ලබා දෙනවා මේ ප්‍රශ්නයට. මගේ සීමිත දැනුමේ හැටියට මම දානය ලබා දෙන්නේ අර ලමයාටයි. ඇයි ? දානයක් දෙන්නේ අපට පින් ගැනීමට නොව ලබන්නාට සැප පිණිසයි. මගේ සසර ගැන කෙටි කර ගන්න අර්ථයෙන් මම යමක් කරනවානම් එතන මතුවන්නේ තෘෂ්ණාවයි. අප දානයක් දිය යුත්තේ මට වැඩ කර ගැනීමට නොව අනිකාගේ සැප පිනිසයි. මේ ගැන අපූරු විග්‍රහයක් වල්පොල රාහුල හියන් විසින් රචිත සත්යෝදය නම් පොත් පිංචෙන් දත හැකිය.

      Delete
  19. [මා 2002 වසරේ පටන් සිරිතක් වශයෙන් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවට පෝ දින ගොස් සිල් ගන්න නිසාත්,2006 වසර පුරාම මාලඹේ මහමෙව්නා අසපුවේදී පෝය දිනවල සිල් ගත් නිසාත්, සුත්‍ර දේශනා සිංහලෙන් අසා ධාරණය කරගත් නිසාත්,භාවනා කරන අන්දම උගත් නිසාත්,මට හැකි පරිද්දෙන් ඒවායේ කෙරෙන දානමාන වලදී දායකත්වය දී ඇති නිසාත්,...]

    එහෙත් ඔබ පසුගිය කාලයේ දමාතිබූ වර්ගවාදී (විශේසයෙන්ම සුලු ජාතීන්ට විරුද්ධව හා පසුගිය මිනීමරු ආන්ඩුවට පක්ෂව ) කොමන්ට් දුටු මට හැගෙන්නේ මොන පුදපූජා කලත් ඔබ බුදුදහමේ එන කරුණාව, උපේක්ෂාව, අත් හැරීම, සමානාත්මතාවය වගේ සංකල්ප ගැන ඔබට කිසි අවබෝධයක් නෑ වගේ...

    බොහෝ සිංහලබෞද්ධයින් ඔහොම තමා... හක්කෙ බුදුරැස් බොක්කෙ දෙමල මස්..

    ReplyDelete
    Replies
    1. මා Anonymous ලාට උත්තර නොදෙන බව ඔබ දන්නවාදැයි නොදනිමි. ඔබට උත්තර අවශ්‍ය නම් නමින් ලියන්න.
      සමරසේකර

      Delete
    2. Anonymous ලාද මනුශ්‍යයෝය!!!

      Delete
  20. පැරා ..
    මේ ගැන චාර්මි සෑම් මූණූ පොතේ ලියපු සටහන කියෙව්වද ? 
    ප.ලි - අනේ පැරා අපේ චාර්මිය වගේ ටිකක් කොමිටල් හෙම දාලා පැරඩි දාලා ලියන්නකෝ - එතකොට මීටත් වඩා ඉන්ටරස්ටින් වෙයි
    ප.ප.ලි - අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා නෙවේ අර කේස් එකට වැරදිකාරය - උන්නැහෙට ඔහොම කරන්න කියල උපදස් දුන්න උන් - නේද පැර‍ා ? 

    ReplyDelete
  21. @ ක'කා ,
    මා මිට සති දෙකකට පෙරදී දැනට මා පාවිච්චි කරන කාරයෙන් (ඒකට අවුරුදු 30ක් වයසයි) එක දිනකදී කිලෝමීටර 200ක් දුරක් ගොස් වී බුසල් 15ක් පටවා ගෙන නැවත කිලෝමීටර 200ක් දුර ගෙවා ගෙදර ආවා.මගදී කොලොමිටර 30ක් දුර අතුරු පාරකත් ගියා . ඔබේ අලුත්ම කාරයට වඩා ඔබට ගර්හිත ලෙස පෙනෙන මගේ toyota cresidia එක හොඳයියි. හැබැයි මම යන කොටත් ආපසු එනකොටත් ගැටමේ බෝධීන් වහන්සේ ලඟදි පඬුරක් දමන්න අමතක කලේ නැහැ. ඔබේ නොලැබීම ගැන මා කුමක් කරන්නද?
    ක/කා අන් අයට අපහාස කරන හින මානයෙන් දැන්වත් මිදෙන්න . එතකොට ජීවිතය සතුටින් ගෙවන්න පුළුවන්.
    තව එකක් ඔබ මට අංකල් කියා තිබෙනවාට නම් මා විරුද්ධයි.ඒ වෙනුවට නාකියා කියන්න ඒක මට නම්බුයි.අපේ රටේ පාවිච්චි වෙන ඉංග්‍රීසි භාෂාවේ හුරුව accent එක තියෙන්නේ එංගලන්තයේ manchester නගරයේ නාකි සුද්දෝ අතරයි . එහි තම නෑදෑයෙක් නොවන අයෙකුට අංකල් කියලා කියන්නේ පින්පියෙකුට ඇමතිමෙදියි . මා ඒ accent එක ගැන දන්නේ මා 1991දි manchester නගරයේ සිටි නිසයි.මා පින්පියෙකු නොවන නිසා අංකල් යන්න පිලි ගන්න බැහැ.පුරුවේ ප්නකට ඔබ ආනන්දයේ ඉගන ගත්තත් ඔබේ ඉංග්‍රීසි දනුම නම් තියන්නේ සතුටුදායක මට්ටමක නොවෙයි.


    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබ අසපු ගොස් පින් අතේ වැඩ කිරීම ගැන අසා සතුටුයි.

      මැන්චෙස්ටර්වල වල් මිනිසුන්, ඔබ දක්වන අරුතින්, ඔබට අංකල් කියා කිව් බව අසා කණගාටුවට පත් වුණා.

      ආයේ යන්න එපා.

      Delete
    2. ඔබට තමන් ගැන පොඩි හීනමානයක් තිබෙන බව කෙමෙන්ටුවේ අවසාන කොටසෙන් පෙනේ.

      අසපුවේ පිහිටෙන්වත් එය දුරුවේවා.

      Delete
  22. @ All
    මට මේ සමරසේකර අංකල් සමග ඇති එකම ප්‍රශ්ණය නම්, ගැටඹේ පන්සලට පඬුරක් දැමූ පසු ට්‍රැෆික් පොලිසියෙන් බේරී ගර්හිත වාහන මාර්ග නීති කඩමින් පැදවිය හැකි බවට ඔහු නැවත නැවතත් කරන සමාජ විරෝධී ප්‍රචාරය පමණි.

    මා ඔහුට අංකල් කීවේ ඔහු අසපුවේ කරන පින් අතේ වැඩ නිසා නොවේ. මම මැන්චෙස්ටර්වල ඇක්සන්ට් නොදනිමි.

    ReplyDelete
  23. ක/කා,,
    ඉංග්‍රීසි උච්චාරණය රටින් රටට මෙන්ම පළාතින් පළාතත් වෙනස් වෙනවා.අපට ඉංග්‍රීසි ගෙන ආ එංගලන්තයේ විවිධ පළාත් වල භාවිතා වන ඉංග්‍රීසි උච්චාරණය වෙනස්.ස්කොට්ලන්තයේ තියෙන්නේ අශ්ව හඬක් වැනි උගුර යටින් එන උව්හ්ව්හ්රනයක්.අපේ රටේ භාවිතාවන ඉංග්‍රීසි උච්චාරණය මෙහෙට ගෙන ආවේ කෝපි හාඅ තේ වගාවට ආ ඉංග්‍රීසින්. ඒ අය වැඩි දෙනා manchester වලින් ආ නිසා ඒ accent එක තවම අපේ රටේ තියෙනවා.. ඔබ manchester accent නොදැනීමම අපේ රටේ ඉංග්‍රීසි ව්‍යවහාරය ගැන ඔබේ ඇති මද දැනුම කියයි. අපේ රටේ බොහෝ වැඩිහිටි ඉංග්‍රීසි උගත් අය නිතරම පවසන දෙයක් තමයි.අපේ ඉංග්‍රීසි උච්චාරණය තමයි ලොව හොඳම ඉංග්‍රීසි කියලා.එහෙත් අපි එසේ පාරම්බාන මේ accent එක අද manchester වල ඉන්නා තරුණයෝ ළඟ නැහැ. ඔබ ආනන්දයේදී හරියට ඉගෙන ගත්ත නම් මෙය ඔබෙන් ගිලිහෙන්න විධ්යක් නැහැ. ක'කා යමක් ඉගෙන ගන්න තවම ඔබට කාලය තිබෙනවා.
    ගැටඹේ බෝධිය ගැන ඔබේ නොදන්නා කමට කියන්න් තියෙනෙත් එකම තමයි.දළදා වතුර කියල ආපු මහා වැස්සෙන් මහනුවර යට උනාම පේරාදෙණිය පැත්තට ආපු වතුරෙන් යට නොවී ආරක්ෂා උනේ ගැටමේ බෝධිය පමණයි. ඉන්පසු මේ සුවිශේෂ බෝධිය වන්දනීය ස්ථානයක් ලෙස ප්‍රචලිත වෙලා තියෙනවා.බොහෝ දෙනා සහනය පතා ඒ බෝ සෙවනේ පා ගණන් ගත කරනවා.එසේ කාලය වැය කිරීමට හැකියාවක් නොමැති අය අඩු තරමේ සුළු වෙලාව්ක් හෝ ගත කර පඳුරක් දමා යනවා. ඔවුන්ට ඉන් ආරක්සාවක් ලබෙනවා.මා මහා වැස්සේ ඉහතකී අතුරු මාර්ගයේ ගියේ එහි ඇති අහයපත් බව ගැන දැන ගෙන නොවේ. මගක් දුර යනවිට ඒ පාර ට්‍රැක්ටරයකින් පමණක් යා හැකි විධියට බොහෝ අබලන්වී තිබුනා .උදව්වට කව්රුත් හිටියේ නැහැ .කාර් එක කඩා ගන්නේ නැතිව නැවත ප්‍රධාන පාරට පැමිණීමට හිතට මෙන්ම ගතට ශක්තිය ලැබුනෙ උදේ පාන්දර ගමන ආරමභ කරන විට ගැටඹේ බෝධ්න් වහන්සේට දාමු පඬුර සිහි කිරීමෙන් පමණයි. එය සමාජ විරෝධී විරෝධී ක්‍රියාවක් යයි ඔබ කියන්නේ ඔබ සහතික ටිකක් විතරක් ඇති,ඒකෙ පිහිටෙන් ජීවිකාව ගෙන යන, එහෙත් උගත් අයෙක් නොවන නිසයි..
    මා මන්චේටෙර් සිටි බව සිහි කලේ මා මෙරට ජනතාවගේ මුදලින් ගිය බව සිහි කරගෙනයි.නමුත් ඔබ කල අන්දමට මා එහි ගල්වී සිටිමට උත්සාහ කලේ නැත. එබැවින් අන් අය හිනමානයෙන් පෙලෙන්නේද බැලීමට පෙර ඔබ මේ රටේ ජනයාටි වී තිබෙන නය ගෙවීමට කාලය මිඩංගු කරන්න .
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. සමරසේකර,
      යම් ගොඩනැගිල්ල් හෝ ගසක් ගංවතුරකට යට වීම හෝ නොවීම තීරණයවෙන්නේ එය පිහිටා ඇති උස අනුවයි. මා සෑහෙන වාරයක් ඝැටඹේ ගොස් තිේ‍රනවා. එය ගඟේ වතුර මට්ටමට කොමපණ ඉහලින් ද තියෙන්නේ කියා හිතා බලන් මෝඩ නොවී.

      එය යට නොවී එයට වඩා ඉහලින් තිබුණු තැනක් යට වුනාද?

      Delete
    2. තවදුරටත් ඔබට මිත්‍යාවේ ගැලී ඉන්නට අවශ්‍ය නම් එසේ ඉන්න. හැබැයි මිත්‍යා මත පතුරුවන්නත් එපා. අනතුරුදායක ලෙස වාහන පදවන්නත් එපා.

      මෙන්න ඔබ ඔය ගැටඹේ මිත්‍යාව පතුරවන්නට පටන් ගත් හැටි (සැප්තැම්බර් 2013)!

      ---------------------------------------------------------
      QUOTE
      දැන් දින කීපයකට පෙරදී මා යාලුවෙක්ගෙන් ඉල්ලා ගත් කාර් එකකින් නුවරින් හැටන්, බලන්ගොඩ, හපුතලේ හරහා නුවරඑලිය පාරෙන් ආපහු නුවරට එන ගමනක් ගියා. කාර් එක ඉල්ලා ගත්තේ සවස බැවින් මට ලයිට් පරික්ෂා කරන්න බැරිඋනා. බැලින්නම් පත්තු වෙන්නේ හෙඩ් ලයිට් දෙක විතරයි. පිටිපස්සේ ලයිට් බ්රේක් ලයිට් මොකුත්ම නැහැ. ගමන නොයාත් බැහැ. මග දිගටම ට්‍රැෆික් පොලිස් ඉන්න නිසා දඩ කොළ ෂුවර්මයි. මම බොහොම අමාරුවෙන් ගැටඹේට ගිහිල්ල පඬුරක් දමල ආරක්ෂාව පතල ගමන ගියා. එන කල්ම කිසිම පොලිස් පරීක්ෂාවක් උනේ නැහැ. තැන් දෙකකදීම මට ඉස්සරහින් හිටි වාහනය නැවැත්තුවා.

      මිට පෙර වතාවකදීත් මගේ ෆොක්ස්වාගන් කාර් එකේ වැලිමඩට ටන කොටත් ගියේ ගැටඹේට පඩුරක් දමල පෙරාදෙණියේ ඉඳල මම ගිහින් තියෙන්නේ බැටරි කරන්ට් එකෙන් කියලා දැන ගත්තේ ගෙදර ගියාමයි. ඒක හදා ගන්න බණ්ඩාරවෙලට ගියත් වැඩක් උනේ නැහැ. මම හිතුවේ නංගිගේ කාර් එක ඉල්ලගෙන ආපසු එනවා කියල. ඒ උනත් එයාට මගේ ගැටලුව තේරුනේ නැහැ. සවස පහේ ඉඳල මම සහ පවුලේ අය ආපහු නුවර එන්න පටන් ගත්තා. එන්ජිම නවත්වන්නේ නැතිව හෝන් ගහන්නේ නැතිව පාකින් ලයිට් වල පිහිටෙන් නුවරටම ආව. එන්ජිම විදුලිය නැහැ කියල කියන්න පටන් ගත්තේ ගෙදරට හරවන කොටයි. එතකොටත් කිලෝ මීටර 100ක් බැටරි කරන්ට් එකෙන් දුවල.
      ENDQUOTE
      ---------------------------------------------------------

      නුවර පලාතේ ඉන්න, ගැටඹේ හරහා වාහන පදවන අයට තමන් ගේ පාරේ යාමට සුදුසු තත්වයක නැති වාහනය පාරේ යනෙන අන් අය ගේ ආරක්‍ෂාව ගැන නොතකා පදවමින් දඩ කොළවලින් ද බේරෙන්න ඔබ කියන ක්‍රමය නම් ගැටඹෙට පඬුරක් දැමීමයි.

      මගදී පොලිසියෙන් නවත්වලා දඩ කොළයක් හෙම දෙන්න ගියොත් ඒ අයට පොඩ්ඩක් මතක් කරන්න විතරයි තියෙන්නේ පිං පඬුරු ඩේටාබේස් එක චෙක් කරන්න කියලා. එච්චරයි.

      ඒ එක්කම වාහනය කැඩිලා නං ඒක හදන්න මහන්සි වෙන්න ඕනෑ නෑ. ගැටඹෙට දාන එක පඬුරකින් කිලෝ මීටර් සියක් වුණත් යන්න පුළුවනි. මාතර ම යනවා නං පඬුරු දෙකක් දාන්න වෙයි.

      ඔබේ මෝඩකම ඉක්මනින්ම දුරුවේවායි පතමි. එය ඔබටද, ඔබ යන මාර්ගලව වාහන පදවන්නන්ටද ගුණදායක වෙනු ඇත.

      Delete
  24. සේරුවිල ලලාට ධාතුන් වහන්සේ උදෙසා කල පලතුරු පුජා ව නිසා හුගක් අය පින් කරගත් බවත් , හුගක් අය එම පිනට ගරහා පව් කර ගත බවත් පැහැදිලිය. පින් කර ගත අය සුගතියටද , පව් කරගත් අය දුගතියටද යන්නට සිත සාදා ගත යුතු වන්නේ ලලාට ධාතුන් වහන්සේ යනු භාග්‍යවතුන් වහන්සේගේ නොවිසිරී පවතින අසිරිමත් ධාතුන් වහන්සේලා අතර විශාලතම ධාතුන් වහන්සේ වන බැවිනි. මේ පින්කමේ රාත්‍රිය පුරාවට පලතුරු සොදන්නටද , පේසා වලලුන් වහන්සේ මත නැග පලතුරු පුජා කරන්නටද මටද පින තිබුනි. ලංකාවේ හතර වටින් අම්මල තමන්ගේ නිවසේ වවාගත් පලතුරු ගස් වල ගෙඩි ගෙනාවේය, අපට දුන්නේ මහත් සතුටින් මය. අපි පලතුරු පිරිසිදු කර සෑ වහන්සේ මත තැන්පත් කළේය. පුජාවෙන් පසු එම පලතුරුව සුපිරි භාගය හවස ගිලන් පස පුජාවට තබාගෙන අනෙක් පලතුරු මිනිසුන් අතර බෙදුවේය.
    අර්යෂ්ටන්ගික මාර්ගය පුරුදු කිරීම , ධර්මය ශ්‍රවණය යන ප්‍රතිපත්ති පුජාවන් බුදුරජාණන්වහන්සේ විසින් අගය කල අතර ආමිසය අගය කලේ අඩුවෙනි. නමුත් ආමිසය තුලින් රැස් වන පින අපහට ආර්ය මාර්ගය දියුණුවට බෙහෙවින් උදව් වෙයි. ලොසක රහතන් වහන්සේ ගැන කියවන්න. ලෝකෙන් අග්‍රාම පුද්ගලයා ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේට මේ ලෝකයේම තුල තිබෙන පලතුරු පුජා කලත් එය මදිය.( භගවා ගුණය ), නමුදු කෙනෙක් අරහත්වයට පත්වන විට නියම සැලකිල්ල කර හමාරය .

    ළමයින්ට අයි දෙන්නේ නැත්තේ , හිගන්නට අයි දෙන්නේ නැත්තේ ? දුන්නා පුජාවෙන් පසුව
    පිළිකා රෝහලට අයි උදව් කරන්නේ නැත්තේ ? අනන්තවත් රෝහල් වලට උදව් කරනවා. ගිය සතියේ හබරණ රෝහල ප්‍රතිසංස්කරණය කරලා නැවත ආරම්බ කල
    Shraddha TV - Little hearts project to save children with heart diseases. https://www.littlehearts.lk/

    ළඟදීම කට්ටිය ගිහින් කියයි දළදා මාලිගාවේ 32 ව්‍යන්ජන සමග බුද්ධ පුජාව තියන්න ඕනි නැහැ , අපරාදේ , 3ක් එක්ක තියන්න, කියලා. අනේ! සුද්ද දුන්න බෞතික දැනුම එක්ක පාසල් ගිහින් , OL AL Bsc PHD කරලා මොලේ හොද ගත්තු අයට සම්මා සම්බුද්ධ සාසනයක තියෙන අසිරිය බලන්න නම් , ධරමය ඉගෙන ගන්නම වෙනවා. විශේෂයෙන්ම සුත්‍ර පිටකය.

    මේ බැනපු හුගක් අය සදුදු- සිකුරාදා ජොබ් එකක් කරනවා, හවසට ගෙදර එනවා, ටීවී බලනව, සතිඅග එලියට ගිහින් අඩියක් ගහල ආතල් එකක් අරන් ඉන්න බලනවා. ළමයි හදනවා , ප්‍රශ්න එනවා , වයසට යනවා , ලෙඩ වෙනවා, මැරෙනවා..මරණින් පස්සේ ඔක්කොම දාල ප්‍රේත ලෝක වල , සතර අපායේ දුක් විදිනවා ... මේ වගේ පිනක් වත් අනුමෝදන් වෙන්න බැරි උනානේ ඉතින්. එකටත් බැනල පව් පුරෝ ගත්තනේ. දැන් ඉතින් විදවන්න තමන් කල කර්මය. මේ කොල්ලෝ කෙල්ලෝ පව්. මිදෙන්න පින් තියෙන කෙනෙක් ඉන්නවනම් කරන්න ඕනි එකම දෙය තමයි පිරිසිදු ධර්මය ඉගෙන ගැනීම සුත්‍ර පිටකය තුලින්. සුත්‍ර පිටකයේ අඩුම ගනින් මජ්ජිම නිකායවත් කියව ගන්න පුළුවන් උනොත් ඒ කෙනාට ලෝක යහපතක් වෙනවාමයි . http://mahamevnawa.lk/dhamma-talks/

    if you want to learn dhamma in English , you may follow Thanissaro Bhikkhu and Ajahn brahm as the two teachers teach pure Dhamma.

    dhammatalks.org

    In the end, you are going to be the heir to your own karma. I wrote the piece to guide you. you are 100% responsible for your samsara.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා