ෂයිනිං පාත්: මාවත නැවත දිදුලයි ද?



   ෂයිනිං පාත් හෙවත් දිදුලන මාවත ලෙස හැඳින්වුණ දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය පිළිබඳ යළි කතා බහ අවදි වී තිබේ. පේරු කොමියුනිස්ට් පක්ෂය නම් වන මෙම ව්‍යාපාරය 1980දී ධනේශ්වර පාලනය පෙරළා දමා නව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පිහිටුවනු පිණිස මහජන යුද්ධයක් දියත් කරන ලදී.
   නිර්ධන පංති ආඥාදායකත්වයක්, සංස්කෘතික විප්ලවයක් හා ලෝක විප්ලවයක් ඔස්සේ කොමියුනිස්ට් සමාජයක් පිහිටුවීම පිණිස කටයුතු කළ පේරු කොමියුනිස්ට් පක්ෂය ලොව එවක තිබූ සියලූ සමාජවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණවාදීන් ලෙස සලකා බැහැර කරමින් ලෝක විප්ලවයේ පෙරටුගාමී පක්ෂය තමන් ලෙස නම් කර ගත්තේය. ෂයිනිං පාත් දැක්ම නේපාලයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුළු විප්ලවීය ජාත්‍යන්තර ව්‍යාපාරය හා සම්බන්ධ ලොව පුරා මාඕවාදී පක්ෂවලට දැවැන්ත ආභාසයක් සැපයීය.
අතිශය ප්‍රචණ්ඩ ආකාරයකින් කටයුතු කළ ෂයිනිං පාත් ව්‍යාපාරය පේරු රජය, එක්සත් ජනපදය, කැනඩාව හා යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කරන ලදී.
   1992දී ෂයිනිං පාත් ව්‍යාපාරයේ නායකයා වූ අබිමාල් ගුස්මාන් පේරු හමුදා විසින් අල්ලා ගන්න ලදී. ජීවිතාන්තය දක්වා සිර දණ්ඩනයකට ලක් කරනු ලැබූ ඔහු විසින් සිර ගෙයි හිඳිමින් සිය ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරමින් ලියනු ලැබූ පොතක අත්පිටපත ඔහුගේ නීතිඥයන් විසින් සිර ගෙයින් පිටතට ගෙන එනු ලැබ දැන් ප්‍රකාශයට පත් කර තිබේ.
   මෙම පොත මහත් ආන්දෝලනයක් ඇති කර තිඛෙන අතර, එය තහනම් කරන බවට හා එය ඛෙදා හරින අය ත්‍රස්තවාදයට උදව් දෙන්නන් ලෙස සලකා ක්‍රියා කරන බව පේරු අධිකරණ අමාත්‍යංශය පවසයි.
මේ අතර ෂයිනිං පාත් ව්‍යාපාරය ලීමාහි මීරාෆ්ලොරස් දිස්ත්‍රික්කයේ තරාතා වීදියේ සිදු කළ බෝම්බ පිපිරීම පසුබිම් කරගෙන නිර්මානය කරනු ලැබූ තරාතා නම් පේරු චිත්‍රපටය ද පසුගියදා නිකුත් වු අතර ෂයිනිං පාත් කතිකාව අලූත් කිරීමට එය ද දායක වි තිබේ.
   අබිමාල් ගුස්මාන් අත්අඩංගුවට පත් වීමෙන් පසු ෂයිනිං පාත් ව්‍යාපාරය බිඳ වැටුණුමුත් එහි යම් යම් ක්‍රියාකාරිත්වයන් දිගට ම පැවති අතර මෑතක සිට ඒවා වැඩි වී තිඛෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.

Comments

  1. දිදුලන මාවත.
    බලන්න The Dancer Upstairs චිත්‍රපටය.
    මතක තියාගන්න
    අපියි වසන්තය.
    අපියි අනාගතය.
    අපයි දිදුලන මාවත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා