Posts

Showing posts with the label ෂයිනිං පාත්

ෂයිනිං පාත්: මාවත නැවත දිදුලයි ද?

Image
   ෂයිනිං පාත් හෙවත් දිදුලන මාවත ලෙස හැඳින්වුණ දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍යයේ ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ මාඕවාදී ගරිල්ලා ව්‍යාපාරය පිළිබඳ යළි කතා බහ අවදි වී තිබේ. පේරු කොමියුනිස්ට් පක්ෂය නම් වන මෙම ව්‍යාපාරය 1980දී ධනේශ්වර පාලනය පෙරළා දමා නව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් පිහිටුවනු පිණිස මහජන යුද්ධයක් දියත් කරන ලදී.    නිර්ධන පංති ආඥාදායකත්වයක්, සංස්කෘතික විප්ලවයක් හා ලෝක විප්ලවයක් ඔස්සේ කොමියුනිස්ට් සමාජයක් පිහිටුවීම පිණිස කටයුතු කළ පේරු කොමියුනිස්ට් පක්ෂය ලොව එවක තිබූ සියලූ සමාජවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණවාදීන් ලෙස සලකා බැහැර කරමින් ලෝක විප්ලවයේ පෙරටුගාමී පක්ෂය තමන් ලෙස නම් කර ගත්තේය. ෂයිනිං පාත් දැක්ම නේපාලයේ මාඕවාදී කොමියුනිස්ට් පක්ෂය ඇතුළු විප්ලවීය ජාත්‍යන්තර ව්‍යාපාරය හා සම්බන්ධ ලොව පුරා මාඕවාදී පක්ෂවලට දැවැන්ත ආභාසයක් සැපයීය. අතිශය ප්‍රචණ්ඩ ආකාරයකින් කටයුතු කළ ෂයිනිං පාත් ව්‍යාපාරය පේරු රජය, එක්සත් ජනපදය, කැනඩාව හා යුරෝපය ඇතුළු ලෝකයේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කරන ලදී.    1992දී ෂයිනිං පාත් ව්‍යාපාරයේ නායකයා වූ අබිමාල් ගුස්ම...