ජනරාල් ෆොන්සේකා ක්‍රීඩා ලේකම්කම එපා කියයි


(2009 ඔක්තෝබර්  22 - W3Lanka) මෑතදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා පත් කරනු ලැබූ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා එම ධුරය භාර නො ගන්නා බව ක්‍රීඩා ඇමති ගාමිණී ලොකු‍ගේට හා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සිය කාර්ය බහුලත්වය හේතුවෙන් මෙම තනතුර භාර නො ගත හැකි බව ඔහු දන්වා ඇති බව වාර්තා වේ.



ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට පැතිරෙමින් තිබෙන කටකතා පිළිබඳ ඔහු මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.


දි අයිලන්ඩ් පුවත්පතේ පළ වූ ඉහත ඡායාරූපය පසුගියදා වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ රග්බි තරගයක් අතරතුර ගනු ලැබූවකි.

Comments