Posts

Showing posts with the label ජනරාල් සරත් ‍ෆොන්සේකා

සොරි තමා අපේ හාමුදුරුවනේ: ෆොන්සේකාට ගහන්නේ ගොන් සේනාවට රිදෙන්න

Image
( 2010 සැප්තැම්බර් 30,  W3Lanka )  හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, හා අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණීස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර යන නාහිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර ඇත. මහ නායක හිමිවරුන් විසින් දැන ගත යුතුව තිබෙන කාරණයක් තිබේ. එනම්, ෆොන්සේකාට රාජපක්ෂ පවුල මෙසේ නඩු පිට නඩු දමමින් වධ දෙන්නේ මන්ද යන්නයි.  ෆොන්සේකා කෙතරම් නිර්භීත සටන්කරුවකු වුණත්, දේශපාලන අපරිණතකම හා ලංකාවේ විපක්ෂයේ කුහකකම් නිසා ඔහු මේ වන විට අවලංගු කාසියක් වී හමාර ය. ලංකාවේ විපක්ෂයේ නායකත්ව භූමිකාවක රික්තයක් තිබෙන මුත් ෆොන්සේකාට එතැනට ආදේශ වීම පහසු නැත. ඔහුගේ ගිනිපුක් චරිත ලක්ෂණ මාධ්‍ය ඉදිරියේ සඟවා ගැනීමට ...

ෆොන්සේකාට අවුරුදු දෙකකට වඩා අඳින්න ජම්පර් දැනටමත් මහලා | Sarath Fonseka to be jailed more than two years

Image
(2010 අප්‍රේල් 07- W3Lanka  )  පාලකයන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට දෙන්නට යන දඬුවම වසර දෙකකට වැඩි සිර දඬුවමක් බව ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ කතාවලින් හෙළිදරව් වේ. අධිකරණයක් මගින් වසර දෙකක සිර දඬුවමක් නියම කොට මාස හයකට වැඩි කාලයක් එම දඬුවම විඳ ඇති පුද්ගලයකු මැතිවරණ පනතට අනුව මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසු නොවන බැවින් ඔහු ඡන්දයෙන් මන්ත්‍රීධූරයට පත් වූවද ඔහුගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ පැවසීය. මීට පෙර සිංගප්පූරුවේ ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද කීවේ තමන් ෆොන්සේකාට සමාවක් නොදෙන බවයි. සරත් ෆොන්සේකාට එරෙහිව නඩු විභාග කිරීම සඳහා මේ වන විට යුද්ධාධිකරණ දෙකක් පත් කර තිබේ. ඔහු‍ට විරුද්ධව ඇති චෝදනා වන්නේ හමුදා සේවයේ යෙදී සිටියදී දේශපාලනය කිරීම හා අවි මිළ දී ගැනීම්වලදී අක්‍රමිකතාවල යෙදීමයි. පාලකයන්ට එරෙහිව නැ‍‍ඟෙන යුද අපරාධ චෝදනාවලදී ෆොන්සේකා සාක්ෂිකරුවකු වීමට ඉඩ ඇති බැවින් ඔහු යටත් වනතුරු හෝ සිහි විකල් වනතුරු හෝ මිය යනතුරු හෝ සිරගත කර තැබීමට පාලකයන්ට සිදු වී තිබේ. 

සරත් ෆොන්සේකා කෝටුමස් කරන තැත අවුලක | Effort to court martial Sarath Fonseka in trouble

Image
(2010 මාර්තු 17- W3Lanka )   රජය පෙරළන්නට හා ජනාධිපති මරන්නට කුමන්ත්‍රණ කළ බව කියා අත්අඩංගුවට ගනු ලැබූ, දෙමළ විමුක්ති අරගලයට එරෙහි යුද්ධය ජය ගන්නට හමුදාවට නායකත්වය දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව දැන් එල්ල වන කුමන්ත්‍රණ නොවන චෝදනා විභාග කරන්නට පත් කරන ලද වත්මන් හමුදාපතිගේ මස්සිනාගේ සභාපතිත්වයෙන් යුත් යුද්ධාධිකරණයේ ගැටළු ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පෙන්වා ‍දෙයි. මේ පිළිබඳව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මෙසේ පැවසීය. "පසුව අද උදේ නියමිත වේලාවට පසුවී දෙවන වතාවට යුධාධිකරණය කැඳවුවා. ඒ අවස්ථාවේදී මේ වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් පැවසුවා තමන් වෙනත් යුධාධිකරණයට පෙනී සිටින බැවින් මේ යුධාධිකරණයට පෙනී සිටින් බෑ කියල. පසුව ඔවුන් දින නියමයක් නොමැතිව නඩුව අවසන් කළා. අපි පැහැදිලිවම කියන්නේ මෙක ඊයේ රෑ නම් කරපු යුද්ධාධිකරණයක් නෙමෙයි. මේක ජනාධිපතිවරයා විසින් මීට දින ගණනාවකට පෙර නම් කරපු යුද්ධාධිකරණයක්. නමුත් මේ විනිසුරුවරුන් යුද්ධාධිකරණ දෙකක පෙනී සිටින බව දන්නේ දැන් නෙමෙයි. මේක නීති විරෝධි නම් ඒ බව ඔවුන් මීට පෙරම ඔවුන්ව පත් කළ ජනාධීපතිවරයාට දන්වන්න ඕනෙ." පාලක එක්ස...

සරත් ‍ෆොන්සේකාට සිදු වන දෙය තේරුම් ගනිමු | Let us understand what is happening to Sarath Fonseka

Image
(2010 මාර්තු 09- W3Lanka )   සිංහලයන්ගේ හිටපු යුද වීරයකු වූ සරත් ෆොන්සේකාට සිදු වී තිබෙන දෙය කොයි වීරයාටත් පාඩමකි. අසීමිත බලයක් අතට ලැබුණු කල එයින් මත්ව උඩඟු හා භයානක ලෙස හැසිරුණ පුද්ගලයකු වූ සරත් ෆොන්සේකා වෙතින් බලය ගිලිහී යාමත් සමග ඔහු පසුපස දැන් එළවමින් සිටින්නේ අනුකම්පා විරහිත සතුරන් පිරිසකි. ඔහුගේ සතුරෝ ද බලයෙන් මත්ව වියරුවෙන් හා වෛරයෙන් දැවෙමින් පළි ගැනීම සඳහා පසුපස පන්නන්නෝ පිරිසකි. ෆොන්සේකා වැන්නකුට එවැනි සතුරන් සිටීම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත්, යම් දිනෙක තත්වයන් වෙනස් වුවහොත් ‍මෙම පිරිස්වලට ද යළි නරක කාලයක් උදා වන්නට ඉඩ තිබේ. ලංකාවේ හැටි එහෙම ය.  නිදසුන් ලෙස ගතහොත්, බලයේ සිටින විට හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ බල්ලාට පවා ඇමතිවරු සැලකූහ. දැන් චන්ද්‍රිකාට බල්ලෙකුවත් සලකන්නේ නැත.  බලයේ සිටියදී ෆොන්සේකා ‍සිතා සිටියේ නීති තිබෙන්නේ රිසි සේ කඩන්නට ය කියා ය. එබැවින් දැන් ඔහුට විරුද්ධව චෝදනා ගෙන ඒම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ.  අද ෆොන්සේකාගේ සතුරන් නීතිය ගැන සිතන්නේ ද එසේම ය. බලය සදාකාලික නොවන බවට නිදසුන් ලෝක ඉතිහාසයේ එමට ය.  සරත් ෆොන්ස...

සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් සන්ධානයට මැතිවරණයේදී අවාසියි - ජාතික හෙළ උරුමය

Image
කලකදි රහලු - කලකදි වහලු (2010 පෙබරවාරි 19- W3Lanka )   සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂාවන්ට අහිතකර අන්දමින් බලපානු ඇති බව ඉදිරි මැතිවරණයේදී ඔප්පු වන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසූ බව අද 'දි අයිලන්ඩ්' පුවත්පත වාර්තා කළේය.  එහෙත්, ඒ බව නොතකා ෆොන්සේකාට එරෙහිව පියවර ගැනීම හැර අන් විසඳුමක් රජය‍ට නොතිබුණු බව ඔහු පෙන්වා දෙයි.  සරත් ෆොන්සේකාට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැත. එහෙත්, සේනාධිනායක මහනිද රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, දේශපාලනය කිරීම හා අවි මිළ දී ගැනීම්වලදී වංචා සිදු කිරීම වැනි චෝදනා මත ඔහුට විරුද්ධව නඩු පවරනු ඇති බව රජයේ හා හමුදාවේ ප්‍රකාශකයෝ පවසති.  හමුදාවේ සිටිද්දී සරත් ෆොන්සේකා දේශපාලනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල කරනමුත් ඔහු කිසිදු මැතිවරණයකට තරග කළ හෝ කිසිදු අපේක්ෂකයකුට සහයෝගය දැක්වූ හෝ බවට වාර්තා නැත. ඔහු විසින් සම්බන්ධකම් පවත්වන ලද දේශපාලකයන් අතර ජාතික හෙළ උරුමයේ අය ද සිටිති.  එම පක්ෂයේ නායක චම්පික රණවක යුද්ධ නොකළමුත් යුද්ධ කරන හැටි ගැන යුද්ධයෙන් පසු ...

අනතුරු නො තකා යුද අපරාධ චෝදනා ඡන්දයේදී ආශිර්වාදයක් කර ගන්න රජයෙන් සැලසුම්

Image
(2009 දෙසැම්බර් 22 - W3Lanka ) එ ක්සත් ජාතීන් විසින් රජයට එරෙහිව නඟන යුද අපරාධ චෝදනා ජනාධිපතිවරණයේදී සානුකම්පිත ඡන්ද ලබා ගැනීම සඳහා උපයෝගී කර ගැනීම සඳහා ආණ්ඩුව සැලසුම් කර තිබේ. මෙහිදී විශේෂයෙන් ම එක්සත් ජනපද පුරවැසියකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනතුරුදායක තත්වයකට මුහුණ දී සිටිය ද එය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේදී වාසිදායක වී තිබේ.  මෙම කාර්යය මේ වන විට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශට පවරා ඇත. මුලදී ඔහු මතු ආරක්ෂාව පිළිබඳ ගැටළු මතු කර ඇතත්, ඒ පිළිබඳ දැන් කතා නො කර, ආණ්ඩුවෙන් ලැබුණු දේට ප්‍රති උපකාර වශයෙන් විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාට දැඩි ලෙස පහර දෙන ලෙස ද, හමුදාව ඔහුට එරෙහි වන තත්වයක් හා ජනතාව වීදි බැස ඇතැමෙක් සිරුරට ගිනි තබාගෙන මැරෙන තත්වයක් නිර්මානය කරන ලෙස ද ඔහුට උපදෙස් දී තිබෙන බව වාර්තා වේ. ඒ සඳහා වේගවත් කතා හා ප්‍රකාශ කිරීම පිණිස ඔහුට ර‍ජයේ මාධ්‍යවල ඉඩකඩ සම්පූර්ණයෙන් ම වෙන් කර දී තිබේ. කෙසේ වෙතත්, වගකිවයුතු දේශපාලනයන් මේ ප්‍රශ්නයේදී විමල් වීරවංශ මෙන් කටයුතු නො කර රාජ්‍ය තාන්ත්‍රික ලෙස ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ කළ යුතු බව රජයේ ඉහළ ම ...

කොටි යටත් වෙන්න ඉල්ලුවා - එක්සත් ජාතීන්ගේ සංවිධානය

Image
(2009 දෙසැම්බර් 15 - W3Lanka ) හිටපු හමුදාපති හා වත්මන් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය පදනම් කරගෙන ජාත්‍යන්තර දේශපාලනයේ සිදු වෙමින් ඇති චලනයේ අලුත් ම පුවත වන්නේ යුද්ධයේ අවසන් අදියරේදී එල්.ටී.ටී.ඊ. නිලධාරීන් යටත් වන ආකාරය අධීක්ෂණය කිරීමට එක්සත් ජාතීන් එකඟ වුණ මුත් එම ස්ථානයට යාමට අවසර හා කාලය නො තිබුණු බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සහකාර ලේකම් ජෝන් හෝම්ස් CNN වෙත පැවසීමයි.  කොටි සංවිධානය විසින් යටත් වීම සඳහා කරන ලද ඉල්ලීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබුණ් බවත්, එය අදාළ නිලධාරීන් වෙත සන්නිවේදනය කළ බවත් පවසන හෝම්ස් යුද්ධයේ අවසන් අදියර ක්ෂණිකව අවසන් වීම නිසා එක්සත් ජාතීන්ට මැදිහත් වීමට කාලය නො තිබුණු බව පවසයි.  කොටි සංවිධානයට එරෙහි යුද්ධයේඅවසන් අදියරේදී භාර වීමට සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක බී. නඩේසන් සහ එස්. පුලිදේවන් ඇතුළු පිරිස මරා දමන්නට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අණ දුන් බව හිටපු හමුදාපති සහ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා පැවසූ බව සන්ඩේ ලීඩර් පුවත්පත ඉරිදා වාර්තා කළේය.  ...

අප කෑ පරිප්පුව තොපත් කත්වා යයි යාපනයේ ජනයා කියති

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) ජනමාධ්‍යකරුවන් පිරිසක් විසින් පසුගියදා යාපනයේ පවත්වන ලද ජනමත සමීක්ෂණයකින් අපූරු ප්‍රතිඵලයක් ලැබී ඇත. ඒ අනුව, යාපනයේ ජනතාවගෙන් අති බහුතරයක් හෙවත් 70%ක් පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නට යන්නේ හිටපු හමුදාපකි ජනරාල් සරත් ෆොන්සේකාටයි.  මෙම ප්‍රතිඵලය හා සම්බන්ධව අසන්නට ලැබුණු රසවත් ම තොරතුර ඇත්තේ යාපනයේ ජනතාව හමුදාපති සරත් ෆොන්සේකාට කැමැත්තක් දක්වන්නට ඇති හේතු තුළයි. සමීක්ෂණයට භාජනය වූ පුද්ගලයන් අතරින් මතු වූ අදහසක් වන්නේ යාපනයේ ජනතාව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ හමුදා පාලනයක් තුළ ජීවත් වන නිසා එම තත්වය දකුණේ ජනතාව ද අත් විඳිනවාට ඔවුන් කැමැත්තක් දක්වන බවයි. අප පාඨකයකු විසින් වාර්තා කරන ලද මෙම තොරතුරෙහි සත්‍ය අසත්‍යභාවය අපට තහවුරු කළ නො හැකි ය. එහෙත් අප එය මෙහි පළ කරන්නේ හේතුවක් ඇතිවයි.  මෙය හුදු ප්‍රබන්ධයක් හෝ නූතන ජන කතාවක් හෙවත් යාන් එකක් වුණත් මෙහි ඇති ගැඹුර කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ය. යාපනයේ ජනයා ජීවත් වූයේ එළිමහන් සිරකඳවුරක බව අප බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. දැනගත්තත්, ඒ ගැන කරදර වන්නට දකුණේ ජනතාවට උවමනාවක්, උනන්දුවක් තිබුණේ නැත...

‍ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් නිසා ඉන්දීය හමුදා සීරුවෙන් තැබූ බවට සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය බොරු - ඉන්දියාව

Image
(2009 නොවැම්බර් 16 - W3Lanka ) හමුදා කුමන්ත්‍රණයක් සිදු වන බව පවසා හමුදා සීරුවෙන් තබන්නැයි ලංකාව ඔක්තෝබර් 15දා ඉන්දියාවෙන් ඉල්ලා සිටි බවට හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලියුමෙහි කර ඇති සඳහන ඉන්දියාව එක හෙළා ප්‍රතික්ෂේප කර ඇත.  "We should be a little wary of making too much of these kinds of speculations," මෙවැනි අනුමානවලදී ඉන්දියාව තරමක් පරෙස්සම් සහගත බව ඉන්දියාවේ රාජ්‍ය හා විදේශ කටයුතු ඇමති ශෂී තරූර් මාධ්‍යවලට පැවසී ය.  ෆොන්සේකාගේ කතාවට පදනමක් නැති බව කියන හේ ඉන්දියාව එසේ හමුදා සීරුවෙන් නො තැබූ බව ජනතාවට පවසයි. 

ජනපතිවරණයක් අබිමුව සිව් වසරක රටේ ජනපති

Image
අජිත් පැරකුම් ජයසිංහ - සිංහල භාවිතා කරන අන්තර්ජාල ප්‍රජාව අතර අප විසින් කරන ලද සමීක්ෂණයකදී ලංකාවේ මීළඟ ජනාධිපති වීමට සුදුසු පුද්ගලයා ලෙස වැඩි දෙනෙකු මේ මොහොතේ තෝරන්නේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ය. අන්තර්ජාල ප්‍රජාව හා ලංකාවේ බහුතරය වන ගැමි ජනතාව අතර සිතීම් රටාවේ ‍සුවිශාල වෙනසක් තිබිය හැකි මුත්, රටේ ජනමාධ්‍ය හරහා ජන විඥානය හැසිරවීමේ ප්‍රධාන බලවේගයක් වන මෙම ප්‍රජාවේ මතය සමස්ත දේශපාලන ප්‍රජාව කෙරෙහි ම සුව්සල් බලපෑමක් කිරීමේ හැකියාවකින් යුක්ත වේ. ජනාධිපති පදවියට පත්ව සිව් වසරක් ඇතුළත මෙතෙක් බොහෝ රාජ්‍ය නායකයන් දියත් කිරීමට අසමත් වූ මිලිටරි දේශපාලන මර්දනයකින් දෙමළ අරගලය හා එහි නියාමක බලවේගය බවට පත් වී සිටි කොටි සංවිධානය මුළුමනින් ම පරාජය කිරීමට සමත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක අභියෝගය භාර ගැනීමට සූදානම් වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. හමුදා නිලධාරියකු ජනාධිපතිවරණයට තරග කිරීම වළක්වා ලන නීතිමය ප්‍රතිපාදන පාවිච්චි කරමින් ජනරාල් සරත් ‍ෆොන්සේකාගේ අපේක්ෂකත්වය වළක්වන ලෙසට ඊනියා හිතවතුන් දෙන කේවට්ට උපදෙස් පසෙක ලා තරගයට නො බියව මුහුණ දෙන ලක්ෂණ සිය දේශපාලනික ජීවිතය පුරා ම ද...

තරගයට බිය දීනයකු කරන්නට ඊනියා හිතවතුන් දරන තැත ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

Image
(2009 නොවැම්බර් 11 - W3Lanka )   ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා සංඝ බලවේගයක් සෑදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ නායකත්වයෙන් පවත්වන ලද පළමු රැස්වීමෙන් පසුව ෆොන්සේකාට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන බවට නිකුත් කරන ලද නිවේදනය භික්ෂූන් වහන්සේලාගේ බලවත් විරෝධයට තුඩු දී තිබේ. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යයක් සේ ම එවැනි සංඝ ආඥාවක් නිකුත් කිරීමේ කිසිදු බලයක් ‍ද මෙම පිරිසට නැති බව ඔවුහු පෙන්වා දෙති.  ඉදිරි ජනාධිපතිවරණයකට ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා සිංහල බෞද්ධ බලවේගයක් නිර්මානය කිරීම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රධාන පිරිසකට භාර දී ඇතත්, ජනරාල් ‍ෆොන්සේකා තරගයට ඉදිරිපත් වීම වැළැක්වීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැඩපිළිවෙලකට යාමේ අදහසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැති බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දරන ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඉල්ලා අස් වීමට අදහස් කරන්නේ නම් තමන් වහා ම එය භාර ගන්නා බව ජනාධිපතිවරයා ඇමති පිරිසකට පවසා තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන...

ජනරාල් ෆොන්සේකා ක්‍රීඩා ලේකම්කම එපා කියයි

Image
(2009 ඔක්තෝබර්  22 - W3Lanka ) මෑතදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ධුරය සඳහා පත් කරනු ලැබූ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා එම ධුරය භාර නො ගන්නා බව ක්‍රීඩා ඇමති ගාමිණී ලොකු‍ගේට හා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ. සිය කාර්ය බහුලත්වය හේතුවෙන් මෙම තනතුර භාර නො ගත හැකි බව ඔහු දන්වා ඇති බව වාර්තා වේ. ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට පැතිරෙමින් තිබෙන කටකතා පිළිබඳ ඔහු මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. දි අයිලන්ඩ් පුවත්පතේ පළ වූ ඉහත ඡායාරූපය පසුගියදා වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේ රග්බි තරගයක් අතරතුර ගනු ලැබූවකි.

ජනරාල් සරත් ෆොන්සේකාගේ ජනාධිපති අපේක්ෂකත්වයට සුළු ජාතින්ගේ විරෝධය

Image
(2009 ඔක්තෝබර්  21 - W3Lanka ) හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මීළඟ ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක බවට පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ, මංගල සමරවීර හා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් දරණ උත්සාහයෙන් සුළු ජාතික පක්ෂ කැළඹීමට පත්ව තිබේ.  හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දෙන්නේ නම් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විසින් නායකත්වය දෙන සන්ධානයෙන් ඉවත් වන බව ප්‍රජාතනත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් අද එජාප නායකත්වයට දැනුම් දි ඇත. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීකාන්ත හමුදා නිලධාරීන් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට මංගල සමරවීර මන්ත්‍රීවරයා උත්සාහ කරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දැඩි සිංහලවාදියකු ලෙස ප්‍රසිද්ධ වී සිටීම ලංකාවේ 24%ක් වන දෙමළ හා මුස්ලිම් ජනතාව අසහනයට පත් කිරීමට හේතු වී තිබේ.  2008 සැප්තැම්බර් 23දා කැනඩාවේ නැෂනල් පෝස්ට් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් හමුදාපති සරත් ෆොන්සේකා පැවසුවේ පහත සඳහන් පරිදි ය. "මා දැඩිව ම විශ්වාස කරන පරිදි මේ රට අයිති සිංහලයන්ටයි. සුළුතර ප්‍රජාවන්...

කටකතාවලට තිත තියන්න ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි ජනරාල්ට කියන්න

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka ) අසත්‍ය ප්‍රචාර ගෙන යන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවර: සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ! - හමුදා මාධ්‍ය ප්‍රකාශක මේ ආණ්ඩුවේ ඉරිදා හොරණෑව වන සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියයි. සෙනසුරාදා දිනම්ණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ද මෙයමයි. ඒ මෙසේය: ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ ආණ්ඩුවේ කිසිදු ගැටුමක් නැහැ බොරු ප්‍රචාරවලට නීතිමය පියවර - බ්‍රිගේඩියර් උදය නානායක්කාර එක ම ප්‍රවෘත්තිය එක ම ආයතනයේ දින දෙකක පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය වීම අසාමාන්‍ය බව පුවත්පත් කලාව ගැන දන්නා අය දනිති.  ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ පැතිර යන කට කතා හේතුවෙන් ආණ්ඩුව කෙතරම් කලබලයට පත්  වී තිබේ ද යන්න පිළිබඳව මෙය කදිම සාක්කියකි.  මේ කටකතා බොරු බව කීම සඳහා රජය කළ යුතුව තිබෙන්නේ තමන්ගේ ජනමාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස මෙවැනි පුවත් නැවත නැවත පළ කිරීම හෝ ජනරාල්වරයා පිළිබඳ පුවත් පළ කරන කර්තෘන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම නොව ජනරාල් සරත් ෆොන්සේකාට මේ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස දැනුම් දීමයි.  එම ප්‍රකාශය ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ වූ විට මේ...

අත්අඩංගුවට ගත් ලංකා කර්තෘ නිදහස්

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka )  ජවිපෙට සම්බන්ධ ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත ඊයේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩගුවට ගන්නා ලදී. තෙපැයකට වඩා ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු නිදහස් කර ඇත. මෙවර ලංකා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වන "ජනරාල් ‍ෆොන්සේකාට එරෙහිව ආණ්ඩුව යුද ප්‍රකාශ කරයි " යන ශීර්ෂය යටතේ පළවූ ලිපියේ මූලාශ්‍ර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ. රජය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතා අතර ගැටුමක් පවතින බවට රට පුරා අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට යන බව හා මේ දිනවල ඇතැම් මාධ්‍ය මගින් සහ වෙබ් අඩවි මගින් රටපුරා ගෙන යන මේ ප්‍රචාරය සත්‍යයෙන් තොර බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා මේ පිළිබඳව කරුණු දැක්වීම සඳහා 16දා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා කරන්න ජවිපෙ වැඩ

Image
(2009 ඔක්තෝබර්  13 - W3Lanka ) ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීම සඳහා උර දීමේ වගකීම භාර ගැනීමට ජවිපෙ සූදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.  දැනට රාජපක්ෂ පාලනයේ කැපිල්ලට ලක් වී ඇති බව පැවසෙන සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමේදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ කොන්දේසිය ඔහුට පැනවිමට ජවිපෙ අදහස් කරන බව ද වාර්තා වේ. කෙසේ වෙතත්, ෆොන්සේකා ජනරාල්වරයා මේ දක්වා මේ පිළිබඳව සිය අදහස් පළ කර නැත. පසුගියදා ඔහු ක්‍රීඩා හා විනෝද කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරනු ලැබූ අතර මේ දක්වා ඔහු එම තනතුර භාරගෙන හෝ ප්‍රතික්ෂේප කර නැත. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ කොන්දේසිය පිට පොදු අපේක්ෂකයකු ලෙස ජනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරී‍ම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ පිරිසකගේ ද සහාය ලැබෙමින් ඇති බව වාර්තා වේ.