සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමෙන් සන්ධානයට මැතිවරණයේදී අවාසියි - ජාතික හෙළ උරුමය

කලකදි රහලු - කලකදි වහලු
(2010 පෙබරවාරි 19-W3Lanka)  සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂාවන්ට අහිතකර අන්දමින් බලපානු ඇති බව ඉදිරි මැතිවරණයේදී ඔප්පු වන බව ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පැවසූ බව අද 'දි අයිලන්ඩ්' පුවත්පත වාර්තා කළේය. 


එහෙත්, ඒ බව නොතකා ෆොන්සේකාට එරෙහිව පියවර ගැනීම හැර අන් විසඳුමක් රජය‍ට නොතිබුණු බව ඔහු පෙන්වා දෙයි. 


සරත් ෆොන්සේකාට එරෙහිව මෙතෙක් කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැත. එහෙත්, සේනාධිනායක මහනිද රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, දේශපාලනය කිරීම හා අවි මිළ දී ගැනීම්වලදී වංචා සිදු කිරීම වැනි චෝදනා මත ඔහුට විරුද්ධව නඩු පවරනු ඇති බව රජයේ හා හමුදාවේ ප්‍රකාශකයෝ පවසති. 


හමුදාවේ සිටිද්දී සරත් ෆොන්සේකා දේශපාලනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල කරනමුත් ඔහු කිසිදු මැතිවරණයකට තරග කළ හෝ කිසිදු අපේක්ෂකයකුට සහයෝගය දැක්වූ හෝ බවට වාර්තා නැත. ඔහු විසින් සම්බන්ධකම් පවත්වන ලද දේශපාලකයන් අතර ජාතික හෙළ උරුමයේ අය ද සිටිති. 


එම පක්ෂයේ නායක චම්පික රණවක යුද්ධ නොකළමුත් යුද්ධ කරන හැටි ගැන යුද්ධයෙන් පසු පොතක් පළ කළේය. එම පොතේ දොරට වැඩුමේ ප්‍රධාන දේශකයා වූයේ යුද්ධයට නායකත්වය දුන් පුද්ගලයා යයි එවකට සැලකුණු ජනරාල් සරත් ෆොන්සේකායි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා