ජුලියට්ට දුන්න සමාව එක්ක බැලුවම එස්.බී.ට දුන්න එක මොකක්ද!

(2010 පෙබරවාරි 04-W3Lanka)  හබරාදුව වප් මඟුල් උළෙලකදී කළ කතාවකින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස වුයේ යැයි චෝදනා ලැබ වසර දෙකක සිර දඬුවමකට නියම සිට පසුව ජනාධිපති විශේෂ සමාවකින් නිදහස ලැබූ, මෑතදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක් වූ එස්.බී. දිසානායකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පුර්ණ සමාව ලබා දී ඇත.


මෙසේ පූර්ණ සමාව දී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 34(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවැරී ඇති විධායක බලතල උපයෝගී කර ගනිමිනි.


මේ බලතල උපයෝගී කරගෙන ගිය වසරේ දුන් සමාවක් දෙස බැලූ විට එස්.බී.ට දුන් සමාව සුළු දෙයකි. සිය සැමියාගේ අනියම් භාර්යාව හා ඇගේ සේවිකාව මරාදැමීමේ චෝදනාවට වරදකරුව මරණ දඬුවමට ලක්ව සිටි මේරි ජුලියට් මොනිකා ප්‍රනාන්දු නම් වූ රජයේ වතු කළමනාකාර හා සංවර්ධන ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ භාර්යාව 2009 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙම කාන්තාව 1991දී කරන ලද වරදට 2005දී තව තිදෙනෙකු සමග මරණ දඬුවමට ලක් කරනු ලැබ සිටි අතර මීට කලින් ජනාධිපතිවරයා ඇයගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට අඩු කර තිබිණි.




ඇය නිදහස් කිරීමත් සමග සමාන බරපතල අපරාධ කර තිබුණු තවත් කාන්තාවන් 12දෙනෙකු ද නිදහස් කරන ලදී. ඔවුන් අතර, ලංකාවට මත් කුඩු ගෙන ආ විදේශික ගැහැණු දෙදෙනෙක් ද වූහ.

Comments

  1. I think the president has used a loophole in the law to pardon Mrs Fernando. Convicts on death row cannot be pardoned easily, and need to go through a lengthy process. But the president has the authority to commute a death sentence to a life sentence, which is what he did here, and then he could pardon her straight away because she was no longer on death row.

    Corrupt murderers like SB and Mervyn shouldn't be allowed to be in politics. Shame on Mahinda.

    ReplyDelete
  2. Shame on Mahinda said by Bardo Flanks
    wow how funny this is !

    ReplyDelete
  3. හැන්ද අතේ තියන නිසා ඕන ඕන අයට හොඳට බෙදනවා.... ජෙනරාල් ෆොන්සේකා ඔය හැන්ද අතට ගන්න වලිකාපු එක, එක අතකට පුදුමයක් නෙවෙයි. අම්මපා ඔය වෙලාවට තමයි මටත්...............

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා