රට පුරා නැති බැරි පිංපඩිකාරයන් 350,000ක්

(2010 පෙබරවාරි 05-W3Lankaකිසිදු ආදායමක් ඉපැයිය නො හැකිය යන පදනමින් ලබා දෙන සමාජ ආරක්ෂණ දීමනාව හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින අන්දමට නම් පිං පඩි ලබන 350,000ක් දෙනා රට පුරා විසිරී සිටින බව සමාජ ආරක්ෂණ හා සමාජ සුබසාධන අමාත්‍යංශ දත්ත පෙන්වා දෙයි.


මෙම පිරිස දිවයින පුරා විසිර සිටිති. ඔවුන්ගේ මාසික දීමනාව රු. 1000 දක්වා වැඩි කිරීමට රජය අයවැයෙන් යෝජනා කරන බව ඇමති ලයනල් ප්‍රේමසිරි පවසයි.


රු. 1000කට අඩු මාසික ආදායමකින් මෙම ජනතාවට දිවි ගැට ගසා ගන්නට සිදු වී ඇත්තේ ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 2200ක් වෙද්දී ය. පූර්ණ සාධාරණ ආදායම් බෙදී යාමක් තිබේ නම් එක් පුද්ගලයකුගේ මාසික ආදායම රු. විසිදහසක් පමණ විය යුතු ය.


බැරිකම නිසා පිං පඩි ලබන මෙම 350,000ක දුගීන්ට අමතරව තවත් ලක්ෂ ගණනක් කිසිදු ඵලදායී මෙහෙයක් නො කර මහජන මුදලින් පිං පඩි ලබති. ඔවුන් පිං පඩි ලබන්නේ සිය ගණනින් නොවේ. දස දහස් ගණනිනි. ඔවුන් සිටින අංශය හැඳින්වෙන්නේ රාජ්‍ය අංශය ලෙසයි.

Comments

  1. ඔවුන් සිටින අංශය හැඳින්වෙන්නේ රාජ්‍ය අංශය ලෙසයි. සහතික ඇත්ත කථාව

    ReplyDelete
  2. all the members of parliment are catogarised in this section.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා