බාප්පලා එනවා! ජවිපෙ සූදානම් ද?

(2010 පෙබරවාරි 20-W3Lanka)  ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයට බාප්පලා ඇවිත් ගොස් ඇති බව වාර්තා වේ. 


බාප්පලා, මහප්පලා සමග කරට අත දාගෙන සිටි යුගය අවසන් වී ඇත. දැන් ඉතින් බාප්පලා එන්නේ නෑකමට නොව එක, එක ඕනෑකම්වලටය. 


මේ බාප්පලා ජවිපෙ ගැන සියලු කරුණු දනිති. බාප්පලාට ඒවා කියන්නේ බිල්ලෝ ය. අසූ නමයේදී බිල්ලන් හිටියේ ගෝනිවලින් මුහුණ වසාගෙනයි. දැන් බිල්ලන් ආවරණය සලසා ගන්නේ කළු වීදුරු සහිත සැප රියවලින් හා පාර්ලිමේන්තු, ඇමති වරප්‍රසාදවලිනි. දැන් ඉතින් දේශපාලන මණ්ඩලයේ සැඟවුණු අමුත්තන්ට ඒ සෙල්ලම නවත්වන්නට සිදු වේ. 


2003 වන විට රනිල් වික්‍රමසිංහ හරහා නැඟී එමින් තිබුණු නව ලිබරල් ධනවාදී ප්‍රවණතාව පරාජය කිරීම සඳහා ජාතිවාදය පෙරමුණට ගත් ජවිපෙ 2005දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවූයේ ඔහු දුර්වල පාලකයකු වනු ඇතැයි සිතමිනි. දෙමළ දිළිඳු ගැමි තරුණයන්ගේ දේශපාලන ව්‍යාපාරක් වූ කොටි සංවිධානය ද මේ පදනමින් ම මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් ඔස්සේ මහින්ද රාජපක්ෂ දිනවීමට ක්‍රියා කළේය. 


ධනවාදය සමග අභිමුඛ වීම වෙනුවට පසුගාමිත්වයන්ට  මුවා වීමට යාමේ වන්දිය කොටි සංවිධානය විසින් මේ වන විට ගෙවා තිබේ. 


ජවිපෙ සූදානම් ද? 


ජවිපෙ සහෝදරවරුනි, ඔබ පසුපස එන මර්දනය වනාහි ඔබ විසින් ම හැඩගස්වන ලද පාලනයක අවයවයකි. එහි මූලික තර්ක කීපයක් අපි මෙසේ දක්වමු. 



  • මානව හිමිකම් යනු බටහිර කුමන්ත්‍රණයකි.
  • බටහිර යනු මේ රට ගිල ගැනීමට බලා සිටින යකෙකි.
  • පාලනයට එරෙහි වන සියල්ලෝ ම බටහිරින් ලැබෙන ඩොලර්වලට විකිණුන දේශද්‍රෝහියෝ ය. 
  • බටහිර උවමනාවන් මෙරට තුළ ඉටු කරන්නෝ කොටි ය.
  • ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, මානව හිමිකම් ආදිය ගැන ප්‍රශ්න මතු කරන්නේ කොටින්ට කඩේ යන අයයි. 



පසුගිය සමයේ ඔබේ මුවින් මේ තර්ක කී වරක් පිට වුණාදැයි සිහිපත් කර ගන්න. ඔබගේ ආශිර්වාදය ලත් මේ පාලනයේ ගිලටීනයට හසුව වැනසුණ වටිනා ජීවිත කීයක් ගැන ඔබ නිහඬව සිටියාදැයි සිහිපත් කර ගන්න. 


මාටින් නිමොලර්ගේ කවියේ අන්තිම පේළිය ළඟට ඔබ දැන් පැමිණ ඇත. 


එළඹ සිටි සිහියෙන් තත්වයට මුහුණ දෙන්න. 


ඊයේ ඔබ කළ වැරදි හෙට හෝ නො කර සිටීමට අදිටන් කර ගන්න. 


අන්ධ භක්තිකයන් නොව විප්ලවවාදීන් තනන්න. අන්ධ භක්තිකයෝ ලෙහෙසියෙන් ම බිල්ලෝ වෙති. 


බාප්පලා සමග බිල්ලෝ ද එති.  


ඔබට ශක්තිය හා ධෛර්යය!

Comments

  1. You are are quiet right Sir, JVP with wimal Weeravansa created a environment that, the cause for all of our failures,drawbacks are the acts imperial western powers.However they have to kneel down for IMF, EU for their financial liberation. SL people are covered with mist of false propaganda against the west, they need to face reality we need not to live in darkness, there are lot of example in asia japan,Korea,Malsiya...

    ReplyDelete
  2. ඕක මෙහෙමයි,ගිණි කැවනම් අඟුරු රෙන්න ඕන,නමුත් ජවිපෙට වඩා මහින්ද ගුණ මකුයි,ඒත් ඔය කැත ගතිය මහින්දට කියලා දුන්නේ ජවිපෙ.දැන් බලාගෙන ගියාම "බෙදුම්වාදයේ"පියා මහින්ද,මිනිහා නොබෙදපු ස්ථානයක්,පුද්ගලයෙක්මේ ලංකාවේ නෑ,බෙදිම,බෙදාගැනිම දිගටම කරගෙන යනබව නම් හොඳින්ම දැක ගත හැකියි.බාප්පලාවත් බෙදලා,බයිනෙත්තු කාරයින්වත් බෙදලා,පත්තර කාරයින්වත් බෙදලා.ලස්සනම වැඩේ වික්ටර් අයිවන් වත් දෙකට බෙදලා.

    ReplyDelete
  3. ශාස්තෲ = අනාගත වාක්‍ය කියන්නා?

    (24 Dec 2011)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා