'අපෙන් ම හම්බ කරගෙන අපට කෙළවන්නට' ගිය සංගීතලාගේ පවුලට අපල කාලයක්

(2010 පෙබරවාරි 02 -W3Lankaවිදුලි සංදේශ නියාමන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත කාරියප්පෙරුමට ඉල්ලා අස් වන ලෙස බලපෑමි සිදු වී ඇත. ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලා අස් වීම ජනාධිපති ලේකම්වරයා විසින් වහා භාරගෙන තිබේ. 


ප්‍රියන්ත කාරියප්පෙරුම 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට බැහැලා වැඩ කළ ප්‍රසිද්ධ නිළි සංගීතා වීරරත්නගේ සැමියාගේ සොයුරා ය. 


ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ පැතීම සඳහා අරලියගහ මන්දිරයට ගිය ප්‍රියන්ත කාරියප්පෙරුමට ජනාධිපති සහෝදර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බැන වැදුණු බව සති අන්තයේ දිවයින පුවත්පතේ ඕපාදූප කොලමක පළ වී තිබිණි. 


එහි සඳහන් වන පරිදි මෙම පවුල මේ ආණ්ඩුවෙන් ම හම්බ කරගෙන මේ ආණ්ඩුවට කෙළවීම පිණීස විපක්ෂයට මුදල් පවා දී ඇත. 


ප්‍රියන්ත කාරියප්පෙරුම හා සරත් ෆොන්සේකා අතර රහස් හමුවක් පිළිබදව රජයට සම්බන්ධ වෙබ් අඩවියක් විසින් පසුගියදා වාර්තා කර තිබිණි. 


සියත නමින් යුත් රූපවාහිනී හා ගුවන් විදුලි සේවා සහ පුවත්පත අයත් වන්නේ මෙම පවුලේ අයටයි. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා