ඡන්ද ප්‍රතිඵලය අසාධාරණ යයි පිළි ගන්නන්ට සාමකාමීව විරෝධය සලකුණු කරන්න හයිඩ් පිටියට එන්න ආරාධනා

(2010 පෙබරවාරි 03-W3Lanka)  ජනාධිපතිවරණයේ නාම යෝජනා කළ දිනයේ සිට සිදු වූ අසීමිත දූෂණ, අක්‍රමිකතා සහ ප්‍රතිඵලය විකෘති කිරීමට එරෙහිව සාමකාමීව විරෝධය පෑම පිණිස ඒකාබද්ධ විපක්ෂය විසින් මහජන රැළියක් අද සවස 3ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙන බව විපක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය.


ජනාධිපතිවරණ ප්‍රතිඵලය අසාධාරණ බව පිළි ගන්නා සියලු දෙනාට සිය විරෝධය සලකුණු කිරීම පිණිස මෙම රැළියට සහභාගි වන්නැයි විපක්ෂ සන්ධානය ආරාධනා කරයි. 


ප්‍රජාතන්ත්‍රවාදය යළි දිනා ගැනීම සදහා ජනතාව පෙළගැස්වීමේ ආරම්භක පියවර ලෙස මෙම රැළි මාලාව දිවයින පුරා පවත්වනු ලබන බව විපක්ෂය පවසයි. 


ආරක්ෂක ප්‍රශ්න ඇති බව ද, එහෙත් විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ද මෙම රැළිය ඇමතීමට අපේක්ෂා කරන බව ද පැවසූ විපක්ෂ ප්‍රකාශකයා විපක්ෂ‍යේ පක්ෂවල නායකයන් මෙම රැළියට සහභාගි වන බව පැවසී ය. 

Comments

  1. This is an NGO led conspiracy to orchestrate a Iranian style twitter uprising. There are no credible reasons to doubt the election results. 58% of the people have rejected the Hansa Poottuwa. If the opposition is honest about their allegations (which of course they are not), go to the courts or the international media with solid evidence.

    The government must resist this foreign influenced affront to our democratic verdict with maximum force.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. bardo උබට තාම අකුරු කියවලා නැ නේද? (මෙ වගෙ බුද්ධිමත් කතා ඉස්කොලෙ ගිය එකෙකුටනම් හිතාගන්නවත් බෑ බO )
    You are a genius!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා