2010 ජනාධිපතිවරණය මුළුමනින් ම ප්‍රජාතන්ත්‍රවාදී නැහැ - පොදුරාජ්‍ය මණ්ඩලය පවසයි

(2010 පෙබරවාරි 17-W3Lanka)  මැතිවරණ දිනයේදී ඡන්දදායකයන්ට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමේ නිදහස තිබුණමුත්, පූර්ව මැතිවරණ සමයේ පැවති අඩුලුහුඬුකම් හේතුවෙන් 2010 ජනාධිපතිවරණය මුළුමනින් ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව පොදුරාජ්‍ය මණ්ඩල මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ කමලේශ් ෂර්මා පැවසීය.


ඔහු මේ බව පැවසුවේ ජනාධිපතිවරණය නිරීක්ෂණය කළ පොදුරාජ්‍ය මණ්ඩල විශේෂඥ කණ්ඩායමේ අවසන් වාර්තාව නිකුත් කරමිනි. 


මෙම ගැටලු මීට ඉහත මැතිවරණවලදී ද දක්නට ලැබුණු බව හා මැතිවරණ කොමසාරිස්වරයා පවා ඒවා මත් කර පෙන්වූ බව ද, ඉක්මන් අවධානය ඒ වෙත යොමු කිරීම අවශ්‍ය බව ද ෂර්මා පැවසීය. 


ඔහුගේ වචන පහත සඳහන් වේ.


"Even though on the day of the election voters were free to express their will, shortcomings primarily in the pre-election period meant that overall the 2010 Presidential elections in Sri Lanka did not fully meet key benchmarks for democratic elections," 


"Many of the problems identified reflect the same problems identified during previous elections. These problems - which have also been highlighted by the country's own Commissioner of Elections - will hopefully receive urgent consideration," he said, adding that the Commonwealth was ready to assist.


එහෙත් රජයේ මාධ්‍ය මේ පිළිබඳව පළ කරන්නේ ජනාධිපතිවරණය එළකිරි යයි පොදුරාජ්‍ය මණ්ඩලය කී බවක් ඇඟවෙන පුවත් ය. නිදසුනක් ලෙස දිනමිණ මේ පිළිබඳව ලියා ඇති සංක්ෂිප්ත වාර්තාව මෙසේ ය.



ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතය ඉතා ඉහළ මට්ටමක පැවතුණා
පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ප්‍රකාශ කරයි

ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේ පරිපාලන සැලැසුම සහ ඡන්ද ගණන් කිරීම ඉතාමත් ඉහළ මට්ටමකින් පැවැති බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා ප්‍රකාශ කරයි.
මැතිවරණ කොමසාරිස්වරයා සහ දිවයින පුරා ඡන්ද කටයුතු භාරව සිටි කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකිවන සේ ක්‍රමවත් වැඩපිළිවෙළක් යොදා තිබුණ බව මහ ලේකම්වරයා කියා සිටී.
ෂර්මා මේ අදහස් දැක්වූයේ ජනවාරි 26 දා පැවැති ජනාධිපතිවරණය නිරීක්ෂණ කළ පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමේ අවසන් නිවේදනය පදනම් කරගෙනය.
පොදුරාජ්‍ය මණ්ඩලය විසින් මතු කරන කරුණුවලට රජයේ අවධානය යොමු වන තරම ඒ පිළිබඳ රාජ්‍ය මාධ්‍යවල පළවල වාර්තාවලින් ම පෙනේ. 


Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා