ධර්ම භාණ්ඩාගාර ආයුධ ගබඩා වීම | Treasuries of Buddhist doctrine turning into armories

(2010 පෙබරවාරි 26-W3Lankaකොළඹ මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්‌ථානයේ තිබී අවි ආයුධ සහ බෝම්බ රැසක් සොයා ගනු ලැබුවේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ය. සොයා ගනු ලැබූ අවි ආයුධ අතර ටී-56 ගිනි අවි දෙකක් හා බෝම්බ 50ක් තිබුණු බව කියනු ලැබේ. අවි ගබඩා භාරකරුවන් ලෙස සැක පිට ඌවතැන්නේ සුමණ හිමි ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් මේ පිළිබඳ සැක පිට අත්අඩංගුවට ගන්නා ලදි. වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් ඇති බව පොලිසිය පවසයි.


අත් අඩංගුවට ගනු ලැබූ භික්ෂුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂූ සංවිධානයේ ලේකම් ලෙස සිට පසුව ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහාය දැක්වූවෙකි.


අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක්‌ මත මිරිහාන පොලිසිය ඊයේ (25 වැනිදා) නුගේගොඩ නාලන්දාරාම විහාරස්‌ථානය පීරමින් අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය සොයා හිස් අතින් ආපසු ගියේය. මේ පන්සලේ ද ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබූ තිබෙන බව පොලිසිය පැවසූ බව ද මෙලෙස නිර්නාමික දුරකථන පණිවුඩ ලැබෙන සෑම ආගමික මධ්‍යස්‌ථානයක්‌ හෝ නිවසක්‌ පරීක්‍ෂාවට ලක්‌ කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නවාදැයි විහාරාධිපති හිමි ප්‍රශ්නකර ඇතත් ඊට කිසිදු පිළිතුරක්‌ පොලිසිය ලබා දී නැති බව ද වාර්තා වේ.


නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල පාලිත හිමි එක්සත් ජාතික පක්ෂයට සමීප පුද්ගලයෙකි. ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අඩු කරන ලෙස අධිකරණය හමුවේ නඩු පවරා එම සහනය දිනා ගත්තේ එම භික්ෂුවයි.


ඉස්සර නම් පන්සල් ධර්ම භාණ්ඩාගාර විය. එහෙත් ඒ ඉස්සර නොවැ.

Comments

  1. අම්මට සිරි වූෂූ ෂඔලින් ලට ලංකාෙව‍ පන්සල් වල ඉස්සරහට වැඩ ෙද‍යිද දන්‍ෙනනෙෑ

    ReplyDelete
  2. බොරු ප්ර ෂන අදින්න එපා මොඩ මිනිසුනේ මුන්ට අහුවෙන්න එපා... මේ පට්ට බොරු ලියල ළමයිට බත් කවන් එපා... කොටිනට කඩේගිය සිංහ කොඩිය පාගපු ෆාදරලාට තොපි කිරි හදලා පොවපියව්....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා