මහින්දගේ පස්සෙ එල්ලී දෙව්ලොව යන්නට පැතූ සුළු පක්ෂ අනාථ වන ලකුණු

(2010 පෙබරවාරි 08-W3Lanka2004දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ත් සමග සන්ධානගත වු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන්ට මහ මැතිවරණයේදී දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල මනාප ලැයිස්තුවේ මුල් ස්ථාන හිමි විය. අනුර බංඩාරනායක වැනි දැවැන්ත දේශපාලන චරිත පසුබස්වමින් ජවිපෙ එස්. අමරසිංහ වැනි අය ඉදිරියට ආහ. 


සොක්කන් ලොක්කන් වූ මේ ඉතිහාස කතාව යළි රඟ දක්වන්නට බලාගෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ පසුපස වැටුණු ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, සමසමාජ පක්ෂය,  කොමියුනිස්ට් පක්ෂය, මහජන පක්ෂය හා වාසුදේව නානායක්කාර, නන්දන ගුණතිලක වැනි පුද්ගල කල්ලි, කණ්ඩායම්, පක්ෂ ආදියට එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුවල ඉඩක් වෙන් කර ගැනීම පවා බරපතල ප්‍රශ්නයක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 


නාම යෝජනා ලැබුණත්, සන්ධානය ඇතුළේ ම පවතින තියුණු තරගය හමුවේ පාර්ලිමේන්තුවට තේරී පත් වීම මෙම බලවේගවලට අතිශයින් දුෂ්කර වී තිබේ. ජනතා මනාපය පිළිබඳ විශ්වාසයක් නොමැතිකමින් ජාතික ලැයිස්තුවට රිංගා ගැනීමට මාන බලමින් සිටින මෙම පක්ෂවල ඇත්තන්ට ද පොළොවේ වැඩ පෙන්නුවේ නැතිනම් හෝ දීන ලෙස රාජපක්ෂ පවුලට කඩේ ගියේ නැතිනම් අවස්ථාව අහිමි වන තත්වයක් මතු වී තිබේ. 


මෙ තත්වය හමුවේ තමන්ට යළි තේරී පත් වන්නට අවස්ථාවක් නැති බව වටහා ගත් ජාතික හෙළ උරුමයේ භික්ෂු මන්ත්‍රීවරු බොහොමයක් ඉදිරි මැතිවරණය තරග නො කර සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එහෙත්, අතුරලියේ රතන හිමි කලුතරින් අපේක්ෂකත්වය පතයි. 


ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් ඇතැමෙකුට ද අපේක්ෂකත්වය ලැබීම අවිශ්වාස බැවින් ඔවුන් ද නම්බු පිටින් තමන් තරග නො කරන බව දැනුම් දීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් සංස්ථා සභාපතිකම් වැනි තනතුරු සඳහා කේවෙල් කෙරෙමින් ඇති බව ද දැනගන්නට ඇත. ජවිපෙ හිටියා නම් හිස් අතින් ගෙදර යන්නට වන එකේ ඒකත් නර නැතැයි ජානිපෙ බොහෝ මන්ත්‍රීන් පවසන බව ද ආරංචි මාර්ග පවසයි. 


සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ මුහුණ දී සිටින්නේ අතිශය කණගාටුදායක තත්වයකට වන අතර තමනට දිස්ත්‍රික්වලින් එක් අපේක්ෂකයකු හෝ ජයග්‍රහණය කරවිය නො හැකි නිසා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීකමක් බැගින් හෝ නියත ලෙස ලබා දෙන ලෙස අයදිමින් සිටින බව දැනගන්නට ඇත. එ වෙනුවෙන් ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාරට රත්නපුර දිස්ත්‍රික්කයේදී ද, මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධනට කොළඹ දිස්ත්‍රික්කයේදී ද සහාය පළ කරන්නට මෙ පක්ෂ එකග වී තිබේ. 


කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට කරණම් ගැසී මන්ත්‍රීවරුන් සියලු දෙනාට සන්ධාන නාම යෝජනා ලබා දීමට නියමිත ය. ඔවුන්ගෙන් ඇතැමෙක් ජාතික ලැයිස්තුවට රිංගා ගැනීමට ප්‍රයත්න දරමින් සිටිය ද ඔවුන් සියලු දෙනාට ම පාහේ දිස්ත්‍රික්කවලින් තරග කිරීමට බල කෙරෙමින් ඇති බව ද දැනගන්නට තිබේ. 


ඉදිරි මැතිවරණය සන්ධානයේ ම අපේක්ෂකයන් අතර දැවැන්ත මනාප පොරයක් වීමට ඉඩ ඇති බැවින් ප්‍රචණ්ඩත්වය ඉහළ යා හැකි බව මැතිවරණ නිරීක්ෂකයෝ අනතුරු අඟවති. 

Comments

  1. can W3lanka facilitate a online debate on forthcoming general elections; on the theme; does next parliament should have a 2/3 majority for this party or not.
    if they have then they can do the consitutional changes that they say they will do; if do not have 2/3 majority, then there is always this possibility it is same as present, no political reforms will take place. so if we want consititutional changes, we should vote present party. Your opinions ?.

    ReplyDelete
  2. There is no need for a 2/3 majority for constitutional reforms.This is only a misleading statement.One vote majority in parliament is the only necessity for a costitutional reform.If any party who comes to power with a single majority can do the reforms if they want

    ReplyDelete
  3. If they have a will they can change the constitution or even they can introduce a new constitution, by consent of all parlimentarions.Nobody wants to change anything, everybody needs something to point a fingure, if something goes wrong constitution is scapegoat.our country is marching backword,except few of the African countries all the other world march forward. But we ?

    ReplyDelete
  4. Change of constitution could be done through a Constituent Assembly as happened in 1972. The next Parliament could be summoned to do the job by the President. Tactically the Constituent Assembly is a way to avoid 2/3 and referendum. If people gave a simple majority to the government party this could be done. This will be another opportunity to use the Principle of necessity which is being used to justify the flouting of 17th amendment. The current political elite which is interested in "cling on power any how" cannot produce a good constitution.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා