මහ ඡන්දයෙන් පසු දේශපාලනය | Politics following the general election of Sri Lanka
අජිත් පැරකුම් ජයසිංහ - ලංකාවේ ජනයාගෙන් බහුතරය වත්මන් පාලකයන් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවට තර්කයක් ඇත. මෙම තර්කයට පදනම් වන්නේ ඡන්දය දීම සඳහා නොපැමිණි පිරිස හා විරුද්ධ පක්ෂවලට ඡන්දය දුන් පිරිස එක්ව ගත් කල පාලක පක්ෂයට ඡන්දය දුන් පිරිසට වඩා වැඩි හෙයිනි. ඡන්දය දීමේ ප‍්‍රතිශතය අඩු වීම පිළිබඳව තර්ක කරමින් ආණ්ඩුවට පක්ෂ දේශපානඥයන් පෙන්වා දෙන්නේ ඇතැම් දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ප‍්‍රකාශ වන සාමාන්‍ය ඡන්ද ප‍්‍රතිශතය මීටත් වඩා අඩු බවයි. එහෙත් දියුණු ධනේශ්වර රටවල ආණ්ඩුව සමග පුරවැසියන්ගේ සම්බන්ධය හා ලංකාව වැනි නොදියුණු රටක ආණ්ඩුව සමග මෙහි වෙසෙන ගැහැනුන් සහ පිරිමින්ගේ සම්බන්ධය එකිනෙකින් සපුරා වෙනස් ය. දියුණු ධනේශ්වර රටවල පුරවැසියන්ගේ ආදායම් උත්පාදනය කර ගැනීමේත්, තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළ දී ගැනීමේත් ක‍්‍රියාවලියට ආණ්ඩුව ඍජුව ම මැදිහත් වන්නේ නැත. ආණ්ඩුව බදු අය කරනමුත්, එම සමාජයනට එකී බදු ලංකාවේ බදු තරම් පීඩාකාරී වන්නේ නැත. ලංකාවේ ආණ්ඩුව වනාහි ආර්ථීක, සමාජ ජීවිතයේ හැම අහුමුල්ලකට ම අඬු විහිදුවන බූවල්ලෙකි. මිනිසුන් ආදායම් උපයා ගන්නා ආකාරය හා භාණ්ඩ හා සේවා මිළ දී ගන්නා ආකාරය පාලන...