සූදානම් වන්න! මහ මැතිවරණයෙන් පසු බඩුම තමා | Get ready for more taxes and relief cuts after elections in Sri Lanka

(2010 මාර්තු 07-W3Lanka)  මහ මැතිවරණයෙන් පසු රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති බව දැනගන්නට තිබේ. 


ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද ඩොලර් බිලියන 2.6ක ණය මුදල සඳහා කොන්දේසි ලෙස 2009 වසරේදී අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදනයෙන් 7%ක මට්ටමේ තබා ගැනීමට ලංකාව පොරොන්දු වූව ද, සත්‍ය අයවැය පරතරය 10%කට ආසන්න වී තිබේ. අයහපත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් ‍රාජ්‍ය ආදායම් හීන වීම හා වියදම් ඉහළ යාම මෙයට හේතුවයි. 


මෙම තත්වය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය මුදලේ තෙවන වාරිකය ලබා දීම අත්හිටුවා තිබේ. 


ඉදිරියේදී බදු දැල පුළුල් කිරීමට හා තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට ද ලංකාව මුල්‍ය අරමුදලට එකඟ වී ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. 


මේ අනුව අධික බදු පැනවීම්, බඩු මිළ ශීඝ්‍රයෙන් ඉහළ යාම, තෙල්, ගෑස් හා විදුලි මිළ  ඉහළ යාම සහ සහනාධාර කප්පාදුව මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනවීමට සැදී පැහැදී සිටින මේ රටේ ජනතාවට ක්ෂණික තෑගි ලෙස ලැබෙනු ඇත. 


මෙය ස්ථිර ය. හේතුව වන්නේ එසේ නොකළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නොලැබී ගොස් විදේශ සංචිත අර්බුදයක් නැවත ඇති වී ලංකාවේ ලොකුම ආර්ථික කාර්යය වන විදේශ ණය ගැනීම පවා දුෂ්කර වනු ඇත. 

Comments

  1. මේවාට වන්දි ගෙවන්තේ සන්ධානයට ඡන්දය දීපු අය පමණක් නොවීම තමයි කණගාටුව

    ReplyDelete
  2. ඉරිසියා කාරයෝ,කවුරු මොනවා කිව්වත් මහින්ද මහත්තයා විශ්වකර්මයෙක්,ලබන වසරේ දල දේශිය නිෂ්පාදිතය 10% ක් වනවාට මෙන්න කැට.වැලේ වැල් නැති සුභ අනාගත් අනාගතයක්.

    ReplyDelete
  3. He is going to show his gratitude to the people.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා