ගෙදර ආර්ථිකයේදී ගොන්කම මහේක්ෂ ආර්ථික විද්‍යාවේදී සුබ අනාගතයක් වන හැටි | Difference between micro economics and macro economics in Sri Lankan context

(2010 මාර්තු 08-W3Lanka)  ලංකාව දැවැන්ත ණය උගුලක පැටලෙමින් සිටියි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අනාගත පරම්පරා උගසට තබමින් මහා පරිමාණයෙන් ණය ගනිමින් සිටියි.


විදේශ රටවලින් හා විදේශ ණය දෙන ආයතනවලින් ඩොලර් මිලියන 2,221.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ලබා ගැනීමට රජය 2009 වසරේදී ගිවිසුම් වලට එළඹ තිබේ.


එය 2008 වසරේදී මෙරට අත්සන් කළ ඩොලර් මිලියන 2,069 ක් වටිනා ණය ගිවිසුම් වලට ඩොලර් මිලියන 200කින් පමන වැඩි ය.


ලංකාව 2009දී ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට එළැඹි ණය ප්‍රමාණය රුපියල්වලින් 253,942,828,800ක් හෙවත් රු. කෝටි 25,000කටත් වැඩිය. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් නම් බාල, මහළු, වැඩිහිටි ඔබ සැම ගිය වසරේ පමණක් රු. 12,500කට වඩා ණය වී ඇත. අම්මයි, තාත්තයි, දුවයි, පුතයි ඉන්න රත්තරං පුංචි පවුලක් පවා ගිය අවුරුද්දේ පමණක් පිටරටට රු. 50,000කට වඩා ණය වීමට එකඟ වී තිබේ.


මේ කලින් ගත් ණයවලට අමතරවයි. 2010දීත් ඉන් පසුවත් අපි තවත් ණය ගනිමු. එදා සිට ගත් ණය වෙනුවෙන් අපි පොලී ගෙවමු. අලුතෙන් ගන්නා ණයවලටත් තව තවත් පොලී එකතු වේ. ණය ද ආපසු ගෙවිය යුතු ය. ගන්නා ණයවලින් වැඩි ප්‍රමාණයක් එක එකා සොරකම් කර ගනිති. ගත් ණයවලින් කළ හරි හමන් දෙයක් නැත. කොටින් ම ගත් ණයවලින් ආදායම් වැඩි වන විශේෂ දෙයක් සිදු වී නැත. දැන් අපි ණය ගන්නේ ගත් ණය ගෙවන්නටයි.


මේ කලබැගෑනිය සිදු වන්නේ ඔබේ නිවසේ නම් මෙයට මුල් වන්නාට ඔබ බනින්නේ පල් මෝඩයා, ගොනා, මීහරකා, දරුවන්ගේ අනාගතය කාබාසිනියා කරන කාපාළුවා ආදී වශයෙනි.


එහෙත් මුළු මහත් රටකට ම මෙම විනාශය කරන්නන්ට අප කියන්නේ සුබ අනාගතයක් ගෙනෙන සංවේදී නායකයන් කියා ය.


This is the difference between micro economics and macro economics.

Comments

  1. විජේවීර එක්ක ගත්තම සෝමවංසයා වෙළෙන්දෙකි. විකුනන් කෑම දනී. යුඇන්පියේ මිනීමරු මන්ත්‍රීවරයෙක් නෑයෙකි. ඌ හංසයෙකි. වෙළදාම දනී. කිසිදා පොතක් ලියා නැත. පෙත්සම් ගසයි. විශයයන් දන්නේ නැත. මුදලාලි කෙනෙකි.
    එක එකාට කඩේ යයි. අනිත් උන්වද කඩේ යවයි. රට ගැන සිතන්නේ නැත. තමන් ගැන සිතයි. සාමාන්‍ය ජනතාවට ප්‍රිය මනාප නැත. පිස්සුවෙන් කියවයි. වයසකය. කට ගඳය.
    ටිලවින් ද මුගේම වර්ගයේය. විජේවීරගේ අහලකින් තැබීමටවත් නොවටී.
    මුන් රැළට උන්ගේ නායකයා හමුදාවෙන් හමුවී ඇත. ඌ විජේවීරගේ පක්ෂයට නායකකම දීමට තබා දෙමල මිනිසුන්ගේ වැසිකිලි සේදීමටවත් සුදුසු නොවේ.

    ReplyDelete
  2. කලකදි රහලු කලකදි වහලු..

    ReplyDelete
  3. දෙමල මිනිසුන්ගේ වැසිකිලි සේදීමට?????????????????????????

    ReplyDelete
  4. comment like a " Yanne koheda Malle pol wage"
    Very good analogy , in a home if this kind of situation exists, eldest son or daughter sacrifice thier education and take whole burden in his shoulder and salvage the home economy. These corrupted politicians do not have conscience nor moral or spiritual obligation for the corrupt acts they did and are doing.We saw 2 uprisings in our society in recent history , if we continue like this another uprise is imminent.

    ReplyDelete
  5. good article. ITN news.... Lokuma naya karaya weeme gaurawath Rajayata. me pilibandawa janathawa veedi basa preethi gosha karana akaraya apa kamara kachaye satahan wuye mesei.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා