Posts

Showing posts with the label debt crisis of Sri Lanka

ණය අර්බුදය අත ළඟ ද? Is Sri Lanka nearing the debt crisis?

Image
(2010 ජුනි 14,  W3Lanka )  ශ්‍රී ලංකාවට පැමිණි මැලේසියානු ආර්ථික සංවර්ධනයේ සැලසුම්කරු ලෙස සැලකෙන මහතීර් මොහොමඩ් සිය ප්‍රධාන දේශනයේදී ලංකාවට වැදගත් අවවාදයක් දුන්නේ ය. ලංකාව ණය අර්බුදයකට මුහුණ දීම වළක්වා ගැනීම සඳහා ආයෝජන මූලික වර්ධනයක් ඉලක්ක කළ යුතු බව හා ණය ගැනීම අවම කළ යුතු බව ඔහු පැවසී ය. ලංකාවේ රජය නො කරන්නේ ද මෙය ම ය. රජය ණය ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කරයි. මෙම ව්‍යාපෘතිවල කොන්ත්‍රාත් ඍජුව ම රජ පවුල විසින් හසුරුවනු ලබන අතර යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන අරමුණ කොමිස් ය. පාරවල්, පාලම්, විදුලි බල පද්ධති, වරාය ආදිය සෑදෙන්නේ දෙවනුව ය. මැලේසියාව කළේ එහෙම නොවේ. මැලේසියාව පාරවල් හැදීම වැනි කාර්යයන්වලට පවා ආයෝජකයන් යොදා ගත්තේ ය. එම සමාගම් එකී පාරවල් ඉදි කළේ ගමන් කිරීම සඳහා මුදල් අය කරන පාරවල් ලෙසයි. ඒවා නඩත්තු කරන්නේ ද එම සමාගම් විසිනි. ලංකාවේ ගමන් කිරීම සඳහා මුදල් අය කරන දක්ෂිණ අධිවේගී මාර්ගය වැනි පාරවල් පවා හදන්නේ රජය විසිනි. ලංකා රජය විදේශ ආයෝජන ගෙන්වා ගැනීම පසෙකින් තිබියදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එමිරේට්ස් සමාගම සතු අඩකට කිට්ටු කොටස් ප්‍රමාණය වැනි දැනට තිබෙන...

ගෙදර ආර්ථිකයේදී ගොන්කම මහේක්ෂ ආර්ථික විද්‍යාවේදී සුබ අනාගතයක් වන හැටි | Difference between micro economics and macro economics in Sri Lankan context

Image
(2010 මාර්තු 08- W3Lanka )   ලංකාව දැවැන්ත ණය උගුලක පැටලෙමින් සිටියි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අනාගත පරම්පරා උගසට තබමින් මහා පරිමාණයෙන් ණය ගනිමින් සිටියි. විදේශ රටවලින් හා විදේශ ණය දෙන ආයතනවලින් ඩොලර් මිලියන 2,221.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ලබා ගැනීමට රජය 2009 වසරේදී ගිවිසුම් වලට එළඹ තිබේ. එය 2008 වසරේදී මෙරට අත්සන් කළ ඩොලර් මිලියන 2,069 ක් වටිනා ණය ගිවිසුම් වලට ඩොලර් මිලියන 200කින් පමන වැඩි ය. ලංකාව 2009දී ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට එළැඹි ණය ප්‍රමාණය රුපියල්වලින් 253,942,828,800ක් හෙවත් රු. කෝටි 25,000කටත් වැඩිය. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් නම් බාල, මහළු, වැඩිහිටි ඔබ සැම ගිය වසරේ පමණක් රු. 12,500කට වඩා ණය වී ඇත. අම්මයි, තාත්තයි, දුවයි, පුතයි ඉන්න රත්තරං පුංචි පවුලක් පවා ගිය අවුරුද්දේ පමණක් පිටරටට රු. 50,000කට වඩා ණය වීමට එකඟ වී තිබේ. මේ කලින් ගත් ණයවලට අමතරවයි. 2010දීත් ඉන් පසුවත් අපි තවත් ණය ගනිමු. එදා සිට ගත් ණය වෙනුවෙන් අපි පොලී ගෙවමු. අලුතෙන් ගන්නා ණයවලටත් තව තවත් පොලී එකතු වේ. ණය ද ආපසු ගෙවිය යුතු ය. ගන්නා ණයවලින් වැඩි ප්‍රමාණයක් එක එකා සොරකම් කර ගනිති. ගත් ණයවලින් කළ හ...